චෝගම් අද ඇරඹේ.


පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව අද (27) ආරම්භ වනවා.එ් මොල්ටා රාජ්‍යයේ වැලේටා අගනුවරදීයි.

ශී‍්‍ර ලංකා වේලාවෙන් අද (27) පස්වරු 2 යි 30ට පමණ සමුළුව ආරම්භ වීමට නියමිතයි.

එ් බි‍්‍රතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිනගේ ප‍්‍රධානත්වයෙන්. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන්නේ 24 වැනි වරටයි.

‘‘පොදුරාජ්‍ය මණ්ඩලයීය ගෝලීය වටිනාකමට නව ශක්තියක් ’’ යන්න මෙවර සමුළුවේ තේමාවයි.

අදින් ආරම්භ වන සමුළුව දින 3ක් පුරා පැවැත්වෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපති ශී‍්‍ර ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ රටවල් 53ක රාජ්‍ය නායකයින් මෙවර සමුළුවට සහභාගිවනු ඇති. 

2013 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වුණේ ශී‍්‍ර ලංකාවේදීයි.

එහිදී කරන ලද යෝජනාවකට අනුවයි මෙවර සමුළුව මෝල්ටා රාජ්‍යයේදී පැවැත්වෙන්නේ.

කොළඹදී පැවැත්වුණු සමුළුවේ දී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමුළුවේ සභාපති ධුරයට පත් වුණා.

පසුව ජනාධිපති ධුරයට පත් වූ මෛති‍්‍රපාල සිරිසේන මහතාට එම ධුරය නිල බලයෙන් හිමි වුණා.

අද (27) ආරම්භ වන රාජ්‍ය නායක සමුළුවේදී සභාපති ධුරය ජනාධිපතිවරයා විසින් මෝල්ටා රාජ්‍යයේ අග‍්‍රාමාත්‍යවරයාට පිරිනැමීමට නියමිතයි.


Share on Google Plus