ඇවන්ට්ගාඩ් හොරා රාජිත ද?



අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇවන්ට්ගාඩ් සමාගමේ හිමිකරු වන නිශ්ශංක සේනාධිපති මහතාගෙන් මුදල් ලබා ගත් බවට පුවතක් පසුගිය 17වනිදා වෙබ්අඩවි කිහිපයක් විසින් වාර්තා කර තිබුණි.

රාජිත සේනාරත්න ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් දැඩිව පෙනීසිටි පුද්ගලයෙකු වන අතරම එම හේතුව නිසාවෙන්ම මෙම හඬපටය මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත්විය.

මෙම හඬපටයේ නිශ්සංක සේනාධිපති සහ සයුර අතර සිදුවන කතාබහක් පටිගතව ඇති අතර එහි දී නිශ්සංක සේනාධිපති විසින් තමා රාජිතට ලබාදීමට ඔහුවෙත ලබාදුන් මිලියන 5ක මුදලක් සම්බන්ධයෙන් සටහන් වේ.

මේ හඬපටයටම සම්බන්ධ තවත් හඬපටයක් මේවනවිට කරළියට පැමින ඇති අතර එම හඬපටයේ ද නිශ්සංක සේනාධිපති සහ දොස්තර සයුර අතර සිදුවූ දුරකථන සංවාදයක් සටහන්ව තිබේ.

මෙම හඬපටයතුල දොස්තර සයුර පවසන්නේ තමා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට ලබාදුන් මිලියන 5 ලබාදීමට උත්සාහකළ නමුත් ඔහු එය භාර නොගත් බවත් එය තමා සතුව ඇති බවත් තමා එය නැවත නිශ්සංක සේනාධිපතිට ලබාදීමට සූදානම් බවත්ය.

මෙහි පලමු හඬපටයේ දී නිශ්සංක සේනාධිපති සයුර හා කතාකරන්නේ ඇවන්ගාඩ් සම්බන්ධයෙන් රාජිත විසින් සිදුකළ ප්‍රකාශයක් පුවත්පතක පලවී ඇති බව දැක ඒ සම්බන්ධයෙන් විමසීම සඳහායි නමුත් ඒත් සමඟම ඔහු තමා රාජිතට ලබාදෙන්නට යයි පවසා සයුර හට ලබාදුන් රුපියල් මිලියන 5ක මුදල සයුර විසින් රාජිතට ලබාදුන්නා ද නැතිද යන්න පිළිබඳව විමසීමක් ද කරයි.


එම හඬ පට පහතින් අහන්න,





Share on Google Plus