වෑගපිටියට කැපිල්ලක්?


ප‍්‍රමුඛ පෙළේ දක්‍ෂ ව්‍යාපාරිකයෙකු වන ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය මහතා දේශීය ව්‍යාපාර ක්‍ෂෙත‍්‍රයේ උන්නතියට විශාල දායකත්වයක් ලබාදෙමින් සිටින්නෙක්. ලාෆ් සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා වන වෑගපිටිය මහතා මීට මාස කිහිපයකට පෙර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් සන්නිවේදන සමාගමක අධ්‍යක්‍ෂවරයෙකු ලෙස පත් කෙරුණා. ඒ, එම ආයතනය තවදුරටත් නගා සිටුවීමේ අරමුණ ඇතිවයි. 

එම ආයතනයේ සිදුවන ඇතැම් අයථා මූල්‍ය ගණුදෙනු වළක්වා ගැනීම සදහා වෑගපිටිය මහතා දරණ ප‍්‍රයත්නය හමුවේ එහි සුළු පිරිසක් උරණව සිටින බවයි වාර්තා වන්නේ. පාඩු ලබන සන්නිවේදන සමාගමක් මිළදී ගැනීම සදහා සිදු කෙරෙන ගණුදෙණුවකදී වෑගපිටිය මහතා ඉන් ඉවත්කර තැබීමටද එම කණ්ඩායම උත්සාහ දරා තිබෙනවා. 

මේ තත්ත්වය හමුවේ අදාළ ආයතනයේ අධ්‍යක්‍ෂ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වෑගපිටිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙනවා. එහෙත් ජනාධිපතිවරයා එය භාරගෙන නොමැති අතර අදාළ සමාගමේ අධ්‍යක්‍ෂ ධූරයට අමතරව එහි මව් සමාගමේ අධ්‍යක්‍ෂ ධුරයකටද වෑගපිටිය මහතා පත් කිරිමට අවධානය යොමුවී ඇතැයි සැල වනවා. ඒ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව ක්‍රියා කරමින් සිටින පිරිස කළබලයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.


Share on Google Plus