සෝභිත හිමි ආදාහන කමිටුව අස්සෙත් මාරපන රැකගන්න වජිර සටන් කරලා.


කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවැති රැස්වීමේදී ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා තිලක් මාරපන අමාත්‍යවරයා ආරක්‍ෂා කිරීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකර අදහස් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන මහතා එම අමාත්‍ය ධුරයේ රඳවා ගැනීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකළ වජිර අබේවර්ධන මහතා ඒ වෙනුවෙන් කටයුතු කළ ආකාරය බොහෝ දෙනාගේ විශේෂ අවධානයට යොමුව ඇත.

වජිර අබේවර්ධන අමාත්‍යවරයා මෙහිදී හැසිරුණු ආකාරය පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේද පැහැදීමක් නැතැයි එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග වාර්තා කරයි.

Share on Google Plus