ආණ්ඩුවෙන් පන්නන්න කලින්, විජයදාස ස්වාධීන වේ.


අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට නියමිත විජේදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට පෙර එයින් ඉවත් වී ස්වාධීන වීමට සැරසෙන බවට Gossip Lanka Political වෙබ් අඩවිය පවසයි.

එම පුවත සම්පුර්ණයෙන් පහතින් කියවන්න,



"ඇවන්ගාඩ් අවි ජාවාරම් සමාගමත්, දූෂිත රාජපක්ෂ රෙජීමයත් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින වත්මන් යහපාලන රජයේ අධිකරණ හා බෞද්ධශාසන අමාත්‍යධුරය හොබවන විජේදාස රාජපක්ෂව එම අමාත්‍යධුරයෙන් නෙරපා දැමීමට පෙර නව නාටකයක් රඟ දක්වමින් ඉවත්වීමට සැරසෙන බවට විශ්වාසවන්ත ආරංචිමාර්ග ඔස්සේ වාර්තාවේ. මෙම විජේදාස රාජපක්ෂට එරෙහිව මේ වන විට එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරුන් අතිවිශාල පිරිසක් සිය අප්‍රසාදය පළකොට ඇති අතර ජනවාරි 08 වනදා වත්මන් යහපාලන රජය බලයට ගෙන ඒමට කැපවූ බහුජන සංවිධානද එජාප නායකත්වයට මේ පිළිබඳව දැනුම් දී ඇත.

මේ හේතුවෙන් ඇවන්ගාඩ් අවි ජාවාරම් සමාගමත් එම සමාගමේ හිමිකරු වූ සේනාධිපති සහ ගෝඨාභය රාජපක්ෂත් වෙනුවෙන් කටයුතු කරන විජේදාස රාජපක්ෂට එල්ලවන අති දැවැන්ත විරෝධය හේතුවෙන් ඔහු සිය ධුරයෙන් සහ පක්ෂයෙන් ඉල්ලා අස්වී ස්වාධීනවීමට සැලසුම්කර ඇතැයිද වාර්තාවේ. ඔහු මීට පෙර අවස්ථාවකදීද පාර්ලිමේන්තුව තුළ මෙවැනි ජවනිකාවක් රඟදක්වන ලදී. මේ සඳහා මොහුට රාජපක්ෂ රෙජීමයේ පූර්ණ අනුග්‍රහය සහ ආශිර්වාදයද හිමිව ඇතිබව වැඩිදුරටත් වාර්තාවේ."

-Gossip Lanka Political

Share on Google Plus