ඇවන්ගාර්ඩ් වාදවලට පැටලෙන ඇමති විජයදාසට අගමැතිගෙන් අවවාද.


ඇවන්ගාර්ඞ් සිද්ධිය පදනම් කර ගනිමින් පාර්ශව කිහිපයක් සමග විවාදයකට එළඹ සිටින රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන විජයදාස රාජපක්ෂට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තරයේ අවවාද කර තිබෙනවා.

සිංගප්පූරු සංචාරය නිමවා දිවයිනට පැමිණීමෙන් පසු තමන් හමුවන ලෙස අග‍්‍රාමාත්‍යවරයා අදාළ අමාත්‍යවරයාට දැනුම් දීමක් සිදු කර තිබුණා.

ඒ අනුව එම අමාත්‍යවරයා ඊයේ (16) පස්වරුවේ අරලියගහ මන්දිරයට පැමිණ සිටියා. ඇවන්ගාර්ඞ් සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයා සිදු කළ  ප‍්‍රකාශ මාධ්‍ය වල පළවී තිබූ ආකාරය සම්බන්ධයෙන්  වූ වාර්තාවක්ද අග‍්‍රාමාත්‍යවරයා විසින් කැඳවා තිබුණා.

මින් ඉදිරියට ඇවන්ගාර්ඞ් සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් සමග විවාධයකට නොයන ලෙසයි අග‍්‍රාමාත්‍යවරයා අදාළ අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාව සිටි තිලක් මාරපන මහතාගේ ඉල්ලා අස්වීමෙන් රජයට හිමි වන ප‍්‍රශංසාව පවා මෙම අමාත්‍යවරයාගේ ක‍්‍රියා කලාපය හේතුවෙන් අභියෝගයට ලක්ව ඇති බව අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා. 


Share on Google Plus