රාජිතගේ පරම හතුරා විජේදාස වුණේ ඇයි ?


ඇමැති රාජිත සේනාරත්න මහතා තමා සමඟ වෛර බැඳ සිටින්නේ අද ඊයේ සිට නොවන බවත් කල් ඉකුත් වූ බාල ඖෂධ ගෙන්වා අධිකරණයේ වරදකරුවකු වී මන්ත්‍රී ධුරය අහෝසි වූ දා සිට මෙලෙස වෛර බැඳ සිටින බවත් අධිකරණ හා බුද්ධශාසන ඇමැති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.

රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සිටි කාලයේදී කල් ඉකුත් වූ බාල දන්ත ඖෂධ ගෙන්වා ඒ පිළිබඳ අධිකරණයේ විභාග වූ නඩුවකින් වරදකරු වූ බවත් ඒ අවස්‌ථාවේ මන්ත්‍රී ධුරයද අහිමි වූ බවත් විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයා කියා සිටී.

ත්‍රිවිධ හමුදාවට හා ඔසුසලට බාල කල් ඉකුත් වූ ඖෂධ ලබාදී දූෂිතයකු ලෙස වරදකරුවකු වූ මෙරට පළමු හා එකම මන්ත්‍රීවරයා දැන් ඇවන්ගාඩ් සිද්ධියකට තමාට එරෙහිව බොරු අවලාද නඟන බවද රාජපක්‍ෂ ඇමැතිවරයා පවසයි.

එකල විපක්ෂයේ සිටි රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සිටිමින් ම, රාජ්‍ය ආයතනවලට ඖෂධ සැපයීම වරදක් බව පවසමින් අධීකරණයට පැමිණිල්ලක් ගොනුකලේ පොදු පෙරමුණු ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාය. එහිදී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

එහිදී අධිකරණ නියෝග මත මන්ත්‍රී ධුරය අහිමි වූ රාජිත සේනාරත්න මහතා නැවත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කරයුතු කළේය.

(මුලාශ්‍රය -දිවයින)

Share on Google Plus