විජයදාසගෙත් ඇමැතිකම මාරුවේ.


ඇවන්ගාඩ් සිද්ධිය පිළිබඳව බරපතළ ලෙස චෝදනා එල්ල වන අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා තවදුරටත් එම අමාත්‍ය ධුරයේ රඳවා ගන්නවාද නැද්ද යන්න පිළිබඳ ආණ්ඩුවේ විශේෂ අවධානයක් යොමුව ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අතර විශේෂ සාකච්ඡාවක් පෙරේදා (8දා) පවත්වා ඇතැයිද වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනකු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊයේ (9දා) රාත්‍රියේදී සාකච්ඡාවක් පවත්වා ඇතැයි පැවැසේ.

ඒ අනුව විජයදාස රාජපක්ෂ මහතාගෙන් අධිකරණ අමාත්‍ය ධුරය ඉවත් කර ඔහුට වෙනත් අමාත්‍යාංශයක් ලබා දීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවට ආණ්ඩුවේ ආරංචි මාර්ග වාර්තා කරයි.

Share on Google Plus