වාස් ගුණවර්ධන පෝරකයට නියම වේ


ව්‍යාපාරිකයකු වන  මොහොමඩ් ෂියාම් ඝාතනය කිරීමේ නඩුවේ තීන්දුව අද (27) කොළඹ විශේෂ මහාධිකරණ ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ල විසින් නිකුත් කරනු ලැබුවා. 

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා  එහිදී වරදකරු බවයි තීන්දුවේ සඳහන් වන්නේ. ඔහුට  අධිකරණය මරණ දඬුවම නියම කරනු ලැබුවා. 

මොහොමඩ් ෂියාම් ඝාතනය කිරීමේ චෝදනාවට  හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස්‌ ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිඳු සමීර ද වාස්‌ ගුණවර්ධන, බමුණුසිංහ ආරච්චිගේ ලක්‌මිණ ඉන්දික බමුණුසිංහ, අතපත්තුගේ ගාමිණී සනත්චන්ද්‍ර, ආනන්ද පතිරණගේ ප්‍රියන්ත සංජීව, දිසානායක මුදියන්සේලාගේ කැළුම් රංගන දිසානායක යන අයට එරෙහිව නඩු පවරා තිබුණා. 

මෙම නඩුව මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය, කුසලා සරෝජනී වීරවර්ධන හා අමේන්ද්‍ර සෙනෙවිරත්න විනිසුරු මඬුල්ල ඉදිරියේදී විභාගයට ගැනුණා.

Share on Google Plus