විමලුයි ගම්මන්පිලයි පක්ෂය කනවා...


විමල් වීරවංස සහ උදය ගම්මන්පිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක නියැලෙන බවත් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකද හවුල් වී ඇති බවත් ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා ඊයේ (17) පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේ දී කරුණු අනාවරණය කර තිබේ.

ශ්‍රීලනිප පිරිසක් විමල් වීරවංශ සමඟ එකතු වී විකල්ප දේශපාලන බලවේගයක් ගොඩනැඟීමට සාකච්ඡා පවත්වන බවටද එහිදී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර ඇත.

"විමලුයි ගම්මන්පිලයි පක්ෂය කනවා" යැයි එහිදී දයාසිර ජයසේකර මහතා පවසා ඇති අතර “එක එකා වගේ අපි අර පැත්තට මේ පැත්ත ට පනින මිනිස්සු නෙමේ” යනුවෙන් හිටපු ඇමති කුමාර වෙල්ගම ප්‍රකාශ කතර තිබේ.

එහිදී දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇත.

වක්‍රව මෙම චෝදනාව එල්ල කරන්නේ තමන් ඇතුළු පිරිසකට බව පවසා ඇති වෙල්ගම මන්ත්‍රීවරයා, ඩලස් ඇතුළු පිරිසක් විමල් සමඟ සාකච්ඡා කළේ හිටපු ජනපති ගේ උපන් දිනය ගැන මිස දේශපාලන බලවේග ගොඩනැඟීමට නොවන බවද පවසා තිබේ.

වෙල්ගම මහතාගේ ප්‍රකාශයෙන් එම සාකච්ඡා සඳහා මූලිකත්වය ගත් ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිළිබඳව තවදුරටත් අනාවරණය වීමක් සිදු වූ බවද පැවසේ.

Share on Google Plus