එජාපය ජනපති මෝඩයාට අන්දලා.


පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවට සමාජිකයින් පත්කිරීමේදී  එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට  බරපතල අසාධාරණයක් සිදුවී ඇති බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අයවැය විවාදයට  සම්බන්ධවෙමින්  ඊයේ(28)  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.  

මෙම සභා දෙකෙහි සාමාජිකයන් ලෙස මන්ත්‍රීවරුන් 24 කු නියෝජනය කළද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 50 අතුරින් ඒවා නියෝජනය කරන්නේ මන්ත්‍රීවරුන් 02ක් බැගින් පමණ්ක්  බවත්, දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන්  16ගෙන් 05 කු සහ ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීන් 06 ගෙන් 04 කු බැගින් එම සභා නියෝජනය කරන බවත් මන්ත්‍රීවරයා කීවේය.

මේපිළිබඳ කථානායකවරයාගේ අවධානය යොමුකරවන බව ඒ අවස්ථාවේ මුලාසනය හෙබවු මන්ත්‍රීවරයා ප්‍රකාශකළේය.

වත්මන් අයවැය බණ්ඩාරනායක චින්තනය හෝ මෛත්‍රී චින්තනය පිළිබිඹු නොවන අයවැයක් බවත් එය වික්‍රමසිංහ හා ජයවර්ධන චින්තනය පිළිබිඹුවන අයවැයක් බවත් කී මන්ත්‍රීවරයා ජනවාරි මාසයේදී මෝදිට ඇන්දු ජනාධිපතිවරයාව මොඩයාට අන්දන්නට එපායැයි එජාපයෙන් ඉල්ලාසිටින බවද කීවේය.

Share on Google Plus