එජාපය ඇවිලේ - සිරිකොත වැටලීමේ සූදානමක්?


යහපාලන රජය බලයට  පත් වී අවුරුද්දකට ආසන්න කාලයක් ගතවුවද, තමන්ව නොසලකා හැරීම පිළිබඳව කලකිරීමට පත්වී සිටින එජාප ක්‍රියාකාරීන්, තම විරෝධය හා අවනඩුව පක්ෂයේ වගකිවයුත්තන්ට දැන්වීම සඳහා ඉදිරි සති දෙකක කාලය තුලදී එජාප මූලස්ථානය වන සිරිකොත වැටලීමේ සූදානමක් පවතින බව එජාප ක්‍රියාකාරිකයෙකු පැවසීය.

මෙසේ එජාප මූලස්ථානය වැටලීම සඳහා මේ වන විට ජාතික යොවුන් පෙරමුණ, එජාප සන්නිවේදන බලකාය, ලක් වනිතා සංවිධානය මේ වන විට ඔවුන්ගේ දුක් ගැනවිලි පිළිබඳව ක්‍රියාකිරීම සඳහා සති 2 ක කාලයක් එජාප ප්‍රධානීන්ට ලබා දී තිබේ. එම කාලය තුලදී පිලිගත හැකි සහනයක් නොලැබුණහොත් සංකේතාත්මකව සිරිකොත වටලා අවසානයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සියළු තතු ලොවට හෙලි කිරීම හැර වෙනත් විකල්පයක් තමන්ට නැතැයි මෙකී ක්‍රියාකාරීන් පවසා සිටියහ.

තමන්ගේ වසර ගණනක අවංක කැප කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බලයට පත්වී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ අවශේෂ නායකයන් තමන්ට මෙසේ සැලකීම පිළිබඳව අදහස් පලකළ ජාතික යොවුන් පෙරමුණේ  ක්‍රියාකාරිකයෙකු පවසා සිටියේ ‘අපේ ඇමතිවරු පට්ට බිසී. හරියට පුක කැඩිච්ච කඩියො වගෙයි. බැලුවොත් සීට් එකේ නෑ. හැම වෙලාවෙම සාකච්ඡා. මොබයිල් එක තියෙන්නෙ සිකියුරිටිල අතේ. ඒ අය හැමවෙලාවෙම කියන්නෙ "සර් සාකච්ඡාවක'' කියල. හැබැයි හැම ඇමතිවරයෙක්ටම වෙනම ප්‍රයිවෙට් මොබයිල් එකක් තියෙනව. ඒ අය රැස්වීම්වල හිටියත් හැම කෙනාම ඉන්නෙ මොබයිල් දිහා බලාගෙන. හැමවෙලාවෙම SMS යවනව.  පවුලෙ අයත් එක්ක වෙන්න ඇති චැට් කරන්නෙ. මේ තරම් කාලෙකට කරපු ඇති ප්‍රොජෙක්ට් එකක් නෑ. දීපු ඇති රස්සාවක් නෑ. හැබැයි කට්ටියම පට්ට බිසී. ඒ ගොල්ලන්ගෙ මුළු සනුහරයම තම තමන්ගෙ අමාත්‍යංශවල එක එක තනතුරුවලට දාගෙන. ඔය එකෙක් වත් පැත්ත පලාතක හිටියෙ නෑ අපි වෙඩි කනකොට. අපි රිමාන්ඩ් වෙනකොට. ඉස්සර අපි රාජපක්ෂ එක්ක ගේම ඉල්ලුවෙ "ඉවසුවා ඇති'' කියල. අද අපිට ඉවසුවා ඇති කියල කියන්ඩ වෙලා තියෙන්නෙ අපේම එවුන්ට' යනුවෙනි.

-LNW

Share on Google Plus