එජාප මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීම උණුසුම් වෙයි.


පාර්ලිමේන්තුව ආරම්භවීමට පෙර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. ඒ, ඇවන්ගාඞ් සිදුවීම, විජයදාස රාජපක්‍ෂ අමාත්‍යවරයාගේ ප‍්‍රකාශයක් සහ තිලක් මාරපන අමාත්‍යවරයාගේ ප‍්‍රකාශයක් හේතුවෙන්.

දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා සොයා බලන බවටත් ඒවාට සම්බන්ධිත පුද්ගලයන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බවටත් ලබාදුන් පොරොන්දු නිසි පරිදි කි‍්‍රයාත්මක නොවීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න, අජිත් පී පෙරේරා, ගාමිණි ජයවික‍්‍රම පෙරේරා සහ චම්පික රණවක යන මහත්වරුන් දැඩිව අදහස් හා විවේචන ඉදිරිපත් කිරීමත් සමග තත්ත්වය උණුසුම් වුණා.

උසස් තාක්‍ෂණ සිසුන්ට පහරදීම පිළිබදවද ඔවුන් දැඩි ලෙස ප‍්‍රශ්න කර සිටියා. එම අදහස් දැක්වීම් අතරතුර පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ සෙසු මන්තී‍්‍රවරුන් විසින් අවස්ථා කිහිපයක අත්පොලසන්දීමද සිදුවී තිබෙනවා. 

මේ අතර කතාබහට ලක්වෙමින් විවිධ චෝදනාවලට නම ඈදී තිබෙන ආණ්ඩුවේ ප‍්‍රබලයන් කිහිප දෙනෙකු වෙනුවෙන් විශ්වාසභංග යෝජනා ගෙනඒමේ සූදානමක ජනතා විමුක්ති පෙරමුණද සිටින බව වාර්තා වනවා.

Share on Google Plus