තිලක් මාරපන ඉවතට.


ඇවන්ගාඩ් සමාගම වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී පෙනී සිටි නීතිය සාමය හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානයක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව ඇවන්ගාඩ් ආයතනය වෙනුවෙන් තිලක් මාරපන ඇමතිවරයා පෙනී සිටි අතර ඇමතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගියදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී බරපතල විරෝධයක් මතුවීමත් සමග ආණ්ඩුව මේ වනවිට දැඩි අර්බුදයකට මුහුණ පා තිබේ.

ඊයේ (07) පැවැති ජනතා විමුක්ති පෙරමුණු මාධ්‍ය සාකච්ඡාවකදී බිමල් රත්නායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ ඉදිරි අයවැයට පෙර තිලක් මාරපන ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන බවය.

එලෙස විශ්වාසභංග යෝජනාවක් ගෙන එනු ලැබුවහොත් ආණ්ඩුවේ බහුතරයක් ඊට ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට ඡන්දය භාවිතා කිරීමේ සූදානමක් ඇති බව අනාවරණය වීමත් සමග තිලක් මාරපන ඇමතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීමට සූදානම් වන බව අනාවරණය වේ.

Share on Google Plus