පැරිස් ප‍්‍රහාරයේ මහමොළකරුගේ පැටිකිරිය මෙන්න.


ප‍්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස සැළකෙන අබ්දුල්හමීඩ් අබවුඩ් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

ප‍්‍රංශ බලධාරීන් පවසන්නේ ඔහු සිරියාවේ සිට සංක‍්‍රමණිකයින් හරහා ගී‍්‍රසියට පැමිණ ඇති බවයි.

එ් මීට මාස කිහිපයකට පෙරදී බවයි අනාවරණ වී ඇත්තේ. කෙසේ වෙතත් කිසිදු යුරෝපීය රටක් ඔහු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ නොකිරීම ගැටලුවක් බවයි ප‍්‍රංශයේ අභ්‍යන්තර අමාත්‍ය බර්නාඩ් කැසනේව් ප‍්‍රකාශ කර ඇත්තේ.

පැරිස් ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන අබ්දුල් හමීඞ් ප‍්‍රංශයට එල්ල කිරීමට සැලසුම් කළ ප‍්‍රහාර හයකින් 4කටම සම්බන්ධ බවද අනාවරණ කර ගැනුනා.

ඉකුත්දා ශාන්ත ඩෙනිස් නුවර සිදු කළ සෝදිසි මෙහෙයුම් මාලාව අතරතුරදී ඔහු මිය ගොස් ඇතැයි එරට බලධාරීන් ඊයේ තහවුරු කළා.

ඔහුගේ සිරුර සොයා ගත්තේ මහල් නිවාස සංකීර්ණයක තිබියදීයි. 27 හැවිරිදි වියේ පසුවන ඔහු බෙල්ජියම් ජාතිකයෙක්.

ඇඟිලි සළකුණු වලින් ලබා ගත් තොරතුරු අනුව අබ්දුල්හමීඞ් අබවුඞ් පැරිස් ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස තහවුරු කර ගැනුනා.


Share on Google Plus