මාරපනගේ තවත් වැඩක් හෙළිවෙයි.


මතබේදයට තුඩු දුන්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වරයාව සිටි නිලංග සමරසිංහ මහතා ඉන් ඉවත්කර එම්.එම්. සිරිසේන හේරත් මහතා පත්කරන ලෙස යෝජනා කොට නිර්දේශ කර පත්වීම සකසා ඇත්තේ හිටපු නිතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා විසින්ම බව හෙළිව තිබේ.

ඒ තිලක් මාරපන අමාත්‍යවරයා නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාව සිටියදී එම්.එම්. සිරිසේන හේරත් මහතා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වරයා ලෙස පත් කිරීම සඳහා ජනාධිපති ලේකම්කාර්යාලය වෙත යවන ලද ලිපියක් අන්තර්ජාලයේ සැරිසැරීමත් සමගය.

මෙම නව පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කළ බවට මාරපන මහතා විසින් මීට ඉහතදී ප්‍රකාශ කර තිබිණි.

නිලංග සමරසිංහ මහතා මත් කුඩු ජාවාරමට හා එතනෝල් ජාවරමට සම්බන්ධ දේශපාලකයන් ගැන තොරතුරු වාර්තාවක් ප්‍රධාන දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට පසුගිය මහ මැතිවරණයට පෙර ලබා දී තිබු නමුත් මේවන තුරුත් ඒ සම්බන්ධයෙන් කිසිවකුත් කිසිදු පියවරක් ගෙන නැත.

එහි මැති ඇමැතිවරු 25 දෙනෙකුගේ තොරතුරු සඳහන්ව තිබෙන බව වාර්තා විය.

Share on Google Plus