තනතුරක් නිසා, සන්නස්ගල රනිල් අතහරී - මෛත්‍රී වැළඳ ගනී. (Exclusive)


එක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසන සංවිධායක උපුල් ශාන්ත සන්නස්ගල මහතා වෙත ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජනරාල් ධුරයේ වැඩභාරගෙන ඇතැයි Info Sri Lanka News වෙත වාර්තා වේ. 

ඒ පසුගිය සදුදා (09) දිනයේ යි.

මෙම අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ඇති අතර පසුගිය ඉරිදා (08) Info Sri Lanka News අප හෙළිකළේ සන්නස්ගල මහතා සහ ජනාධිපතිවරයා අතර හමුවක් සිදුව ඇති බවයි.

එම හමුවේදී සන්නස්ගල මහතා විසින් කල ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා විසින් අදාළ තනතුර ලබා දී තිබේ.

කෙසේ නමුත් උපුල් ශාන්ත සන්නස්ගල මහතා ඊට පෙර අගමැතිවරයා හමුවී විදෙස් රටක තානාපති ධුරයක් තමන්ට අවශ්‍ය බව පවසා ඇති අතර ඊට අගමැතිවරයා එකඟ වී නොමැති බවත් සඳහන්ය.

කෙසේ නමුත් මේ වන විට උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන සිංහල උපකාරක පංති අතරින් ඔහු විසින් පවත්වාගෙන යන්නේ නුගේගොඩ ප්‍රදේශයේ උපකාරක පංතිය පමණක් වන අතර එම උපකාරක පංතියේ ශිෂ්‍ය සංඛ්‍යාව ද සීග්‍රයෙන් පහත වැටි ඇත.

එසේම ඒ මහතා විසින් නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මුද්‍රණ ආයතනය හා පොත් ප්‍රකාශන සමාගම ද විකුණා දමා ඇති බව ද Info Sri Lanka News වෙත වාර්තා වේ.


Share on Google Plus