සන්නස්ගල ඉවරයි - මෛත්‍රී හමුවෙයි.


එක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසන සංවිධායක උපුල් ශාන්ත සන්නස්ගල මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇති බවට Info Sri Lanka News වෙත වාර්තා වේ.

එහිදී ඔවුන් දෙදෙනා අතර කුමන කතා බහක් ඇති වුවද යන්න තවමත් වාර්තා නොවේ.

නමුත් උපුල් ශාන්ත සන්නස්ගල මහතා අගමැතිවරයා හමුවී විදෙස් රටක තානාපති ධුරයක් තමන්ට අවශ්‍ය බව පවසා ඇති අතර ඊට අගමැතිවරයා එකඟ වී නොමැති බවත් සඳහන්ය.

කෙසේ නමුත් මේ වන විට උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන සිංහල උපකාරක පංති අතරින් ඔහු විසින් පවත්වාගෙන යන්නේ නුගේගොඩ ප්‍රදේශයේ උපකාරක පංතිය පමණක් වන අතර එම උපකාරක පංතියේ ශිෂ්‍ය සංඛ්‍යාව ද සීග්‍රයෙන් පහත වැටි ඇත.

එසේම ඒ මහතා විසින් නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මුද්‍රණ ආයතනය හා පොත් ප්‍රකාශන සමාගම ද විකුණා දමා ඇති බව ද Info Sri Lanka News වෙත වාර්තා වේ.

Share on Google Plus