සෝභිත හාමුදුරුවෝ මරණ මංචකයේදී අගමැතිගෙන් ඉල්ලීමක් කරලා.


මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීමේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් ඇරඹූ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයය. උන්වහන්සේගේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ තනතුරට පත්ව සිටින්නේ මහාචාර්ය සරත් විජේසූරියය. ඔහු කොළඹ සරසවියේ සිංහල අංශයේ මහාචාර්යවරයෙකි. සිය ව්‍යාපාරයේ ඉදිරි ක‍්‍රියාමාර්ග ගැන ඔහු අදහස් දැක්වූයේ මෙසේය.

  • සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නව කැඳවුම්කරු ඔබයි. ඒ ගැන මොකද හිතෙන්නේ?

අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් නායකත්වය දුන් ආකාරයට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයට නායකත්වය දීම අපහසු කටයුත්තයක්. උන්වහන්සේ නායකත්වය දුන් ආකාරයට නායකත්වය දීමත් අභියෝගාත්මක කරුණක්. එහෙත් මේ අභියෝගයට අපි මුහුණදිය යුතුයි. ඒ නිසා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ විධායක සභාව දීර්ඝ ලෙස සාකච්ඡුා කර මට දුන් අභියෝගයට මුහුණුදීමට මම ශක්ති ප‍්‍රමාණයෙන් ප‍්‍රයත්න දරනවා. මෙහිදී මා පළමුවෙන්ම කල්පනා කරන්නේ සෝභිත හිමියන් අනුගමනය කළ මාර්ගය අනුගමනය කරමින් උන්වහන්සේගේ කීර්ති නාමය ආරක්ෂා කරමින් මෙයට යම් නායකත්වයක් දීමයි. 

  • සෝභිත හිමියන් සමග අවසන් කාලයේදී ඔබට තිබුණේ කුමන ආකාරයේ සම්බන්ධයක්ද?

සෝභිත හිමියන් සමග මගේ තිබූ  සම්බන්ධය ඈතට දිවයනවා. මම විශ්වවිද්‍යාල සිසුවෙක්ව සිටියදී තමයි උන්වහන්සේ දැන හඳුනාගත්තේ. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ලෙස සේවය කිරීම ඇරඹූ විට උන්වහන්සේ සමග යම් යම් වැඩ කටයුතු කර තිබෙනවා. යුද ජයග‍්‍රහණයෙන් පසුව රට යන දිශාව පිළිබඳ නොසතුට නිසා සෝභිත හිමියන් සමග යම් යම් ප‍්‍රතිපත්ති සමග කටයුතු කළා. උන්වහන්සේගේ 70 වැනි උපන් දිනය වෙනුවෙන් පැවැත්වූ උත්සවයේදී තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් මේ ව්‍යාපාරය ගොඩනගන්නේ. ඒ ව්‍යාපාරය ගොඩනැගීමේ කටයුත්ත උන්වහන්සේගේ ශ‍්‍රමයෙන් කැපවීමෙන් සිදුවුණේ. කාන්දමකට ඇදී එන්නා සේ සිවිල් සමාජයත් මෙයට ඇදී ආවා. ඒ ආකාරයට උන්වහන්සේට සමීපවීමක් තමයි අවසන් භාගයේදී සිදුවූයේ.

  • අවසන් කාලයේදී සෝභිත හිමියන් පැවැසුවේ මොනවාද?

මේ රටේ යහපත් ආණ්ඩුකරණයක් ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක මේසයක වාඩිවී ගැටුමකින් තොරව කටයුතු කිරීම උන්වහන්සේට අවශ්‍ය වුණා. සම්මුතිවාදී ආණ්ඩුව ඇතුළේ් මතුවන යම් යම් ගැටලූ නිරාකරණය කරගැනීම අවශ්‍යයි. මේ දෙදෙනා අතර මතභේදයක් ගොනැගුණොත් එය රටට අහිතකර බව උන්වහන්සේ විශ්වාස කළා. උන්වහන්සේ සිංගපූරුවට ගෙන යාමට ප‍්‍රථම අගමැතිවරයා හමුවූ අවස්ථාවේදී පැවැසුවේ ජනාධිපතිවරයා සමග එක්ව රටට යහපත් අනාගතයක් ගොඩනැගීමට කැපවීමෙන් කටයුතු කරන්න කියලයි. කොමිෂන් සභා පත් කරලා නීතිය යුක්තිය වෙනුවෙන් කැපවෙන්න කියලා ඉල්ලා සිටියා. සෝභිත හිමියන්ගේ ජීවිතයේ සෑම අවස්ථාවකම තිබූ අදහස වූයේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටීමයි. ජීවිතයෙන් සමුගන්නා අවස්ථාව දක්වා එය අපි දුටුවා. අපි හමුවූ කිසිදු අවස්ථාවක පුද්ගලික කටයුතු පිළිබද කිසිදු කතිකාවක් ගොඩනගා නැහැ. රටේ යහපත වෙනුවෙන් කළ හැකි දේ කරන්න කියලා තමයි උන්වහන්සේ සැම විටම පැවැසුවේ.

  • මේ අවස්ථාවේදී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හමුවේ ඇති අභියෝග ලෙස ඔබ හඳුනාගෙන තිබෙන්නේ මොනවාද?

සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය ගොඩනගන්නේ රටට අවශ්‍ය දේශපාලන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන්. යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන්. ඒ නිසා විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කළ යුතුය යන මතවාදය පෙරටු කරගෙන කටයුතු කළා. එය මුල් කරගෙන උන්වහන්සේ කළ අරගලය, මහින්ද රාජපක්ෂ පාලනය පරාජ කිරීමට යම් ආකාරකට හේතු වුණා. එය යම් ආකාරයක ජයග‍්‍රහණයක්. 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක ජනාධිපති ධුරයේ තිබූ බලතල සීමා කිරීම හා යම් අයෙක්ට ජීවිත කාලය පුරාම එම ධුරය දැරීමට ඇති අවස්ථාව අහෝසි වුණා. එහෙත් විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි වූයේ නැහැ. එය අහෝසි කිරීමේ අභියෝගයට අපි ශක්ති ප‍්‍රමාණයෙන් මුහුණ දෙනවා. ඒ වෙනුවෙන් තමන්ට කළ හැකි සියලූ දේ කරන බව ජනාධිපතිවරයා ‍පොරොන්දු වූයේ සෝභිත හිමියන්ගේ දේහය ඉදිරිපිටදීයි.

  • විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට දේශපාලඥයින් දුන් ‍පොරොන්දු අවසානයේදී කඩවුණ ‍පොරොන්දු බවට පත්වුණා. මේ අවස්ථාවේදීත් ඒවා කඩවු ‍පොරොන්දු නොවෙතැයි පැවැසිය හැකිද?

මේ අවස්ථාවේදී ආණ්ඩුවට, ජනාධිපතිවරයාට මේ පිළිබඳ ඇති සදාචාරාත්මක වගකීම මීට පෙර සිටි ජනාධිපතිවරුන්ට වඩා වැඩියි. වගකීම් සහිතයි. මේ ජනාධිපතිවරයා ඔහුගේ මුවින්ම පැවැසුවේ සෝභිත හිමියන්ගේ ශ‍්‍රී දේහය ඉදිරිපිටදීම අගමැතිවරයාත් එවැනිම අදහසක් දක්වා තිබෙනවා. මේ රටේ පුරවැසියන්ගේ අභිලාශය වෙනුවෙන් මොවුන් දෙදෙනාම කැපවිය යුතුයි. එම අරමුණ ඉටු කරගැනීමට අපි දිගින් දිගටම බලපෑම් කරනවා. සෝභිත හිමියන්ගේ අභිමතාර්ථය ඉටු කරගැනීමට සිවිල් සංවිධාන සියයකට වඩා එකතු වී සිටිනවා. සෝභිත හිමියන්ගේ අපවත්වීමෙන් පසුව, උන්වහන්සේ සමග සිටි සංවිධාන හා පුද්ගලයින් උන්වහන්සේගේ නාමයෙන් වඩාත් ශක්තිමත් වී සිටිනවා. මේ නිසා සෝභිත හිමියන්ගේ අභිමතාර්ථ අපිට ඉටු කිරීමට හැකි යැයි විශ්වාස කරනවා.

  • සෝභිත හිමියන් නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව දස වැදෑරුම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නේ කොහොමද?

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසුව සෝභිත හිමියන් යහපත් ආණ්ඩුකරණය වෙනුවෙන් දස වැදෑරුම් යෝජනාවලියක් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් භාරදුන්නා. මේ යෝජනා ක‍්‍රියාත්මක කරන බවට ඔවුන් දෙදෙනාම ‍පොරොන්දු වූවා. ඒ දස වැදෑරුම් යෝජනා ක‍්‍රියාත්මක කිරීම අපි හමුවේ තිබෙන අභියෝගයක්. එය එක් රැුයකින් ඉටු කරගැනීමට බැහැ. එය ඉටු කිරීමට යම් කාලයක් ගතවේවි. එය ඉටු කරගැනීමත් අප හමුවේ තිබෙන අභියෝගයක්. කෙසේ හෝ මහින්ද රාජපක්ෂ පරාජය කිරීමෙන් යහපත් රටක් ගොඩ නැගීම වෙනුවෙන් උන්වහන්සේ ගොඩනැගූ ව්‍යාපාරයේ ප‍්‍රතිපතිත්ති ක‍්‍රියාත්මක කරනවා.

  • සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ¥ෂණ වංචාවන්ට විරුද්ධව අලූත් ආණ්ඩුවක් ගෙන ඒමට කටයුතු කළා. මේ ආණ්ඩුව ¥ෂණයට වංචාවට විරුද්ධව ගෙන යන කටයුතු පිළිබඳ සෑහීමකට පත්විය හැකිද?

රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට විපක්ෂය සූදානමින් සිටියේ නෑ. ඒ සදහා නායකත්වය දුන්නේ සිවිල් සමාජයයි. සිවිල් සමාජයට අවශ්‍ය ආකාරයට දේශපාලඥයින් සිය න්‍යාපත‍්‍රය වෙනස් නොකරන බව සිවිල් සංවිධාන දැන සිටියා. අපිට යම් කිසි පාලන තන්ත‍්‍රයක් වෙනස් කිරිමට හැකි වුවත් අලූත් පාලන තන්ත‍්‍රය නිර්මාණය වන්නේ දේශපාලනයේ නිමග්නව සිටින දේශපාලඥයින්ගෙන්. අලූත් පාලන තන්ත‍්‍රයක් ගොඩනගාගැනීමට අලූත් දේශපාලඥයින් සොයා ගැනීමට අපිට නොහැකියි. යම් කිසි ආකාරයකට දේශපාලන බලය ලබාගැනීමට හැකියාව ඇති පුද්ගලයින්ට යහපත් ආණ්ඩුකරණයක් අත්‍යවශ්‍ය නැහැ. එය අවශ්‍ය වන්නේ පුරවැසියන්ටයි. දේශපාලනයට පිවිසෙන පුද්ගලයින්ට මුදල් සෙවීම, ධනවතුන් බවට පත්වීම, වැනි පටු න්‍යාපත‍්‍ර තිබෙනවා. එවැනි පුද්ගලයින්ට ¥ෂණය පිටු දැකීම යන්න ඔවුන්ගේ න්‍යාපත‍්‍රයේ තිබෙන්නේ පහළිනුයි. ¥ෂණය පිටුදැකීමට සිවිල් සමාජය මැදිහත් විය යුතු වෙනවා. ව්‍යවස්ථාදායක සභාව හා ස්වාධීන
කොමිෂන් සභා පිහිටුවීමත් සමග මේ තත්ත්වය වෙනස් වන්නේ නෑ. ආණ්ඩුකරණයට අවශ්‍ය ව්‍යුහය ගොඩ නගාගැනීමෙන් පසුව ‍පොලීසිය, අධිකරණ පද්ධතිය ස්වාධීන මට්ටමකට ගෙන ඒමට හැකියි. එවිට ¥ෂණය පිටුදැකීමේ ක‍්‍රියාවලියට අවශ්‍ය පරිසරය නිර්මාණය කරගැනීමට හැකියි. ¥ෂණය පිටුදැකීම පුරවැසි වගකීමක්.

  • පුරවැසියන් එම වගකීම ඉටු කරන බව පෙනෙන්න තිබෙනවාද?

මෙ අවස්ථාවේදී පුරවැසියන්ගේ වගකීම් ඉටු කිරීම යන ක‍්‍රියාවලියේ සාධනීය මට්ටමක් මම දකිනවා. මම ඒ බව කියන්නේ කරුණු කිහිපයක් මුල් කරගෙනයි. සම්මුතිවාදී ආණ්ඩුව ඇතුළේ ¥ෂිත ක‍්‍රියාවලින් රෝපණය කිරීමට අවස්ථාව උදාවී තිබෙනවා. මෙයට විරුද්ධව මීට පෙර නිහඩව සිටි පුද්ගලයින් මාධ්‍ය හරහා සාකච්ඡුා කරනවා. මරණ බිය නිසා එදා කතා නොකළ අය අද කතා කරනවා. මේ නිසා තමයි එක්තරා ඇමැතිවරයෙකුට ඉල්ලා අස්වීමට සිදුවුණේ. මේ සියල්ල පිටුපස සිවිල් සමාජය බලය ක‍්‍රියාත්මක වෙනවා. සිවිල් සමාජය යම්කිසි ආකාරයකට සක‍්‍රීය දායකත්වයක් දෙන්නේ සිය වගකිම් ඉටු කිරීමටයි.

  • මේ ආණ්ඩුව බලයට ගෙන ආවේ ඔබලා. ආණ්ඩුව යන ගමන දෙස සතුටින් බැලීමට ඔබට පුළුවන්ද?

සම්මුතිවාදී ආණ්ඩුව ගොඩනගන්නේ කිසියම් අභිමතාර්ථයක් ගොඩ නැගීමටයි. දීර්ඝකාලීන ඉතිහාසයකට උරුමකම් කියන ගැටලූ ඇතිවී තිබෙන්නේ ප‍්‍රධාන පක්ෂ දෙකේ වැරදි නිසා. මේ රට පාලනය කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි. අපේ රට අද මුහුණපා තිබෙන තත්ත්වයට මේ පක්ෂ දෙකම වගකිව යුතුයි. මේ තත්ත්වයෙන් රට බේරාගැනීමට ප‍්‍රධාන පක්ෂ දෙකටම වගකීමක් තිබෙනවා. ඉතිහාසයේ පළමු වතාවට මේ පක්ෂ දෙක එකට එකතුවී සිටින්නේ ආණ්ඩුවක් කිරීමටයි. එය සුබවාදී දෙයක් ලෙස බැලිය යුතුයි. සම්මුතිවාදී ආණ්ඩුවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්වී සිටින අය පරමාදර්ශී අයුරින් සම්බන්ධවී නැහැ. ඔවුන්ට ඇමැති ධුර ලැබිම නිසා තමයි මෙයට එක්වී සිටින්නේ. අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදී දීර්ඝ කාලයක් තිස්සේ හුදකලාවී සිටි අය නියෝජ්‍ය ඇමැති පදවියක්වත් නොමැතිව සිටින විට පරාජය ලැබුණ අයට ඇමැති ධුර ලැබි තිබෙවා. ඒ නිසා සම්මුතිවාදී ආණ්ඩුව රට වෙනුවෙන් පෙනී සිටින ස්වාභාවික උපතක් සහිත ආණ්ඩුවක් නමෛයි. මේ ආණ්ඩුව කෘත‍්‍රිම උපතක්. මේ ආණ්ඩුවට නායකත්වය දෙන පුද්ගලයින් දෙදෙනාට ඇති උවමනාව අනෙක් අයට නැති බව ඇත්ත. ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂයෙන් නායකත්වය ලබාදෙන අවස්ථාව තමයි ලංකාවට යහපත් ආණ්ඩුකරණයක් හඳුන්වාදීමට ඇති ස්වර්ණමය අවස්ථාවයි. ජාතික සංහිඳියාව ගොඩනැගීමට, ¥ෂණය වංචාව වැළැක්වීම ඇති ස්වර්ණමය අවස්ථාව තමයි මේ.

  • පසුගිය සතියේදී ඉදිරිපත් කළ අය වැය දෙස බලන විට ඔය ස්වර්ණමය අවස්ථාව ග‍්‍රහණය කර ඇති බව පෙනෙන්න නෑ නේද?

අය වැය ‍ලේඛනයක් තුළින් ජනතාවගේ ජීවන ගැටලූ නිරාකරණය කිරීමේ ව්‍යාපෘතිය පහසු ව්‍යාපෘතියක් නොවෙයි. රජයේ සේවකයින්ට දුන් රුපියල් දස දහස මූලික වැටුපට එක්වූයේ නෑ. ඒත් අපේ දුප්පත් රටට ඔරොත්තු නොදෙන ණය බර සමග ‍පොරොන්දු දී මුදල් කළමනාකරණය කළ හැකිද කියලා බැලිය යුතුයි. රටේ ජනතාවගේ දෛනික ප‍්‍රශ්න කෙටි කාලීනව විසඳාගැනීමට වඩා දීර්ඝ කාලීන විසඳුම් ලබාදීමට සිදුවෙනවා. රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම වැනි දේට වඩා ජීවන වියදම අඩු කිරීමට රජය අවධානය යොමු කළ යුතුයි. එවැනි තැනකට ආණ්ඩුවක් පරිවර්තනය කිරීම පහසු කටයුත්තක් ‍නෙවෙයි. මේ නිසා තමයි නීතිගරුක පුද්ගලයින් හඩ නැගිය යුතු වන්නේ.

  • ආණ්ඩුව යන ගමන දෙස බලන විට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයට ආණ්ඩුව සමග ගැටුමකට යෑමට සිදුවේවිද?

අපි ආණ්ඩුවත් සමග ගැටුමකට යන න්‍යාපත‍්‍රයක් නෑ. ආණ්ඩුව පිහිටුවීමේ ක‍්‍රියාවලියට අපි සක‍්‍රිය ලෙස දායකවී තිබෙනවා. මේ ආණ්ඩුව පිළිබඳ විචාරශීලී විවේචනයක අපි සිටිනවා. මේ ආණ්ඩුව නිවැරදි පීල්ලට දාන්න අපි කටයුතු කරනවා.මේ ආණ්ඩුව පෙරලා දමා රාජපක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩක් තබන්නේ නෑ. මේ ආණ්ඩුව තුළින් යහපත් රාජ්‍යයක් බිහිකර ගැනීමේ ක‍්‍රියාවලිය සකස් කරනවා. පුරවැසි අපේක්ෂාවන් දල්වාගැනීම යන්න කඩයකින් බඩුවක් මිලට ගන්නවා වගේ නමෛයි. ගොඩනැගිල්ලක් ඉදිකරනවා වගේ නමෛයි. සිවිල් සමාජ ව්‍යාපාර කියන ආකාරයට කටයුතු කිරීමට ආණ්ඩුවක් සූදානම් නොමැති බව සැබෑ යතාර්ථයයි. ඒත් පුරවැසි වරප‍්‍රසාද දිනාගැනීමට, රාජ්‍ය පාලනය ශිෂ්ට සම්පන්න කරගැනීමට කටයුතු කළ යුතුයි. එසේ නොමැතිව යම් යම් දේ පිළිබඳ විවේචන කරන්නේ ආණ්ඩුව පෙරළා දැමීමේ අරමුණ ඇතිව නොවෙයි. ඒ විවේචන කරන්නේ රටට අවශ්‍ය, ආණ්ඩුව එකÛවූ ප‍්‍රතිඥා ඉටු කරගැනීමටයි.

  • ඉතිහාසයේ නොයෙක් අවස්ථාවලදී මෙවැනි සිවිල් සංවිධාන බිහිවී ඒවාට විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු නායකත්වය දුන් අයුරු අපි දුටුවා. ෙ–.ආර්.ගේ ධර්මිෂ්ට සමාජයට විරුද්ධව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද‍්‍රලා සටන් කළා. පේ‍්‍රමදාස පාලනයට විරුද්ධව මහාචාර්ය සුනිල් ආරියරත්නලා විමුක්ති ගී ලියනවා. පසු කාලීනව මහාචාර්ය සරත්චන්ද‍්‍ර චන්ද‍්‍රිකා පාලනය යටතේ තානාපති ධුර ලබාගන්නවා. මහින්ද යුගයේදී සුනිල් ආරියරත්නලා නිශ්ශබ්ද වෙනවා. ඔබත් මේ ආණ්ඩුවක් පිහිටුවීමේ සටනට දායකත්වය දී ආණ්ඩුවේ කොටස්කරුවෙක් බවට පත්වේවිද?

සෝභිත හාමුදුරුවන්ගේ චරිතයෙන් අපි ජීවිතයට ගත් පරමාදර්ශයක් තිබෙනවා. උන්වහන්සේ විවිධ වකවානුවල ආණ්ඩු බලයට පත්වීමේ ක‍්‍රියාවලියට දායකවී තිබෙනවා. ආණ්ඩු නෙරපාදැමීමේ කටයුතු වලට දායකත්වයදී තිබෙනවා. ඒත් කවදාවත් උන්වහන්සේ ආණ්ඩුවක් ඇතුළේ හීලෑ වුණේ නෑ. සෝභිත හිමියන්ගේ අවසන් දිනවලදී සෝභිත හිමියන් කීවේ නිර්භීතව කතා කරන අයට සලකන්න ආණ්ඩු හරි කැමැතියි. ඒකට අහු නොවී සිටීම තමයි අපි කාගේත් වගකීම. අපි ඒ ප‍්‍රතිපත්තියේ සිට කටයුතු කළ යුතුයි. මම සෝභිත හිමියන් නායකත්වය දුන් ව්‍යාපාරයට අනර්ථයක් වන තැනකට තල්ලූ නොවී සිටීමේ ස්ථාවරයක සිට මම කටයුතු කරනවා.


-සංජය නල්ලපෙරුම


Ven. Sobitha thero, made a request from Prime Minister during his last days

Share on Google Plus