යහපාලනය ශී‍්‍රලංගම විකුණන්න යයි.


එජාප - ශ්‍රීලනිපය ප්‍රමුඛ හවුල් ආණ්ඩුව ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය පෞද්ගලික අංශයට විකිණීමේ සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණයවේ.

මෙම වැඩපිළිවෙළ  සැලසුම්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු විසිනි. මුදල් අමාත්‍යාංශයේ මූලික අරමුණ වී ඇත්තේ ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය අහෝසි කොට මගී ප‍්‍රවාහනයේ පූර්ණ අයිතිය පෞද්ගලික අංශයට පැවරීම බවත්, ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය සතු වත්කම් මුදල් අමාත්‍යාංශයට ලබාගැනීමටත් සැලසුම් සකස් කර ඇති බවත් වාර්තාවේ.

මෙහි පළමු පියවර ලෙස ලබන වසරේ මුල් කාලයේ ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක සංඛ්‍යාව 19,000 දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇත. ඊට අමතරව දැනට දිවයින පුරා පවතින ඩිපෝ 106 සංඛ්‍යාව 50 දක්වා අඩු කිරීමට සැලසුම්කර ඇති බවත් පැවසේ. ආණ්ඩුව මුහුණ දී තිබෙන අර්බුදය හමුවේ අයවැය හිගය පියවා ගැනීමට කරන සැලසුමක එක් කොටසක් බවට මෙය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව පැවසේ.

Share on Google Plus