අගමැතිගෙන් හිල්ටන් අධ්‍යක්ෂක මණ්ඩලයට අස්වෙන්න අණ.


ඊයේ (11) පස්වරු 05.00 ට අරලියගහ මන්දිරය වෙත කැඳවා තිබූ හිල්ටන් හෝටලයේ අධ්‍යක්ෂක මණ්ඩලයට, තාක්ෂණික හේතූන් පිළිබඳව තර්ක කරමින් නොසිට වහාම ඉල්ලා අස්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කළබව අරලියගහ මන්දිර ආරංචිමාර්ග සඳහන් කර සිටී. 

ඒ අනුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පත්කළ හිල්ටන් අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපති සාගරිකා දෙල්ගොඩ මහත්මිය ඇතුළු සමස්ත අධ්‍යක්ෂක මණ්ඩලය ඉල්ලා අස්වීමත් සමග නව අධ්‍යක්ෂක මණ්ඩලයක් එසැණින් පත්වීමට නියමිත වේ.

අගමැතිවරයා හා මුදල් ඇමතිවරයා අතර ඇති වී ඇති අර්බුදය මේ වනවිට ඉතා දරුණු එකක් බවට පත්වෙමින් තිබේ.


-LNW

Share on Google Plus