රතුපස්වල යළි කරළියට.


මතභේදයට තුඩු දී තිබෙන රතුපස්වල ප‍්‍රදේශයේ ජලය පිළිබඳ නැවත වරක් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය මධ්‍යම පරිසර අධිකාරියට අද (30) නියෝග කළා. ඒ, සියනෑ ජලය සුරැකීමේ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකාබලමින්.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවේ රතුපස්වල ප‍්‍රදේශයේ බොහෝ ජල මූලාශ‍්‍ර දූෂ්‍ය වී ඇති බවයි.

ඒවා පානය කිරීමට නුසුදුසු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මෙම නඩුව පෙබරවාරි 8 වෙනිදා නැවත කැඳවීමට නියමිතයි. 


Share on Google Plus