අගමැති බැන්න කෙනවා හැමෝම දන්නවා.


ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් තමාට කිසිවක් ප්‍රකාශ නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් නොකළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. 

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකුට දෝෂාරෝපණය කළ බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළවුණා. 

එහිදී තමාට එම දෝෂාරෝපණය එල්ල කළ බවට ඇතැම් පිරිස් හුවාදැක්වීමට උත්සාහ කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් පසුගිය 16 වනදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවකට සහභාගිවීම සඳහා බ්‍රසීලය බලා පිටත්ව ආ බවයි. තමන් සහ අග්‍රාමාත්‍යවරයා ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කථා කිරීමට හෝ වෙනත් හේතුවක් මත කිසිම ආකාරයකින් හමු නොවූ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

රටේ මහත් ආන්දෝලනාත්මක කථාබහක් බවට පත්ව ඇති ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් දෝෂාරෝපණය කළ පුද්ගලයින් මාධ්‍ය නිවේදන නිකුත් කරමින් ඒවා යට ගැසීමට උත්සාහ කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනරාත්න වැඩිදුරටත් සඳහන් කළේ. 

එහෙත් අග්‍රාමාත්‍යවරයා දෝෂාරෝපණය කළේ කාහටද කියා සියලූම දෙනා දන්නා බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

Share on Google Plus