රනිල් පැන්නීමේ කුමන්ත්‍රණය හෙළිවේ.


රනිල් වික්‍රමසිංහ  අගමැතිධූරයෙන් පන්නා දමා ශ්‍රීලනිප අගමැතිවරයෙකු පත්කර ගැනීමටත් උප අගමැතිධූරය සජිත් පාර්ශවයට ලබාදීමටත් අරමුණු කරගෙන දුමින්ද දිසානායක ඇමතිවරයා හරහා චන්ද්‍රිකා සහ මෛත්‍රීපාල සිරිසේන විසින් දියත්කර ඇති කුමණ්ත්‍රණය දැන් කූටප්‍රාප්තියට පැමිණ ඇතිබව දේශපාලන අභ්‍යයන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ යටතේ එජාප මන්ත්‍රීවරුන් 25ක් පමණ සජිත් ප්‍රේමදාස සමඟ මෛත්‍රීපාල සිරිසේනගේ නව ආණ්ඩුවට එකතුවීමට සාකච්ඡා වෙමින් පවතින අතර සජිත් පාර්ශවයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට ප්‍රබල ඇමතිධූරයක් හිමි නොවීම නිසා කළකිරී සිටින එම පාර්ශවයේ මන්ත්‍රීවරු සජිත්ට උප අගමැතිකම සමඟ තමනට ප්‍රබල ඇමතිධුර ලබාදෙන්නේ නම් බලපෙරළියට සූදානම් බව පවසා ඇත.

ශ්‍රීලනිප මහින්ද පාර්ශවයේ සහායද මෙම මොහොතේ උපක්‍රමශීලීව ලබාදීමට හිටපු ජනපතිවරයා එකඟවී ඇති අතර යහපාලනයේ දෙදරායාම පසුගියදා නිමල් සිරිපාලද සිල්වාගේ කටින් බදුල්ලේදී එළියට පැන්නේය.

Share on Google Plus