විජේදාසගේ අදත් පළුයයි.


ඇවන්ගාර්ඞ් ආයතනයේ මෙහෙයුම් කටයුතු නාවික හමුදාවට භාරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කෙරුණා.

එහිදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ ඒ පිළිබඳව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කර ඇති ප‍්‍රකාශ පිළිගත නොහැකි බවයි. 

ඇවන්ගාඞ් ආයතනයේ මෙහෙයුම් කටයුතු නාවික හමුදාවට පූර්ණ වශයෙන් භාරදීමක් තවමත් සිදුවී නැතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළා.

ඇවන්ගාඞ් ආයතනයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (11) පැවති සාකච්ඡාවේදී සිදුවූයේ ඉදිරි මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට හා පැවරීමට හැකි දැයි පමණක් නාවික හමුදාවෙන් විමසා සිටීම බවයි. 

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඊට ප‍්‍රතිචාර දක්වමින්  "එයා වචනයක්වත් එතන කතා කළේ නැහැ. ඔය ඔක්කොම පත්තරවලටනෙ කතා කරන්නෙ.  එයත් පක්ෂෙ මාරු කළේ මහින්ද රාජපක්ෂව පෙරළනවයි කියලා හිතාගෙනනෙ. එයාට බැරිවුණා. අපි කළා. නාවික හමුදාපතිතුමා පැහැදිළිව කිව්වා එයාලා තමයි මේක කළින් කළේ කියලා. ඉතින් ඒකට අමුතුවෙන් වාර්තා මොකටද". යනුවෙන් පැවසුවා.


Share on Google Plus