අගමැති රනිල් - මන්ත‍්‍රී බන්දුල හදිසියේ හමුවෙයි.


අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මුණ ගැසී පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් ඉල්ලා සිටි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ, අයවැය ලේඛණයේ ඇති ව්‍යාජ තොරතුරු සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි.

බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ රටේ මුදල් පිළිබඳ සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍යවරයාගේ යුතුකමක් බවයි.

එහෙත් මෙවර අයවැය ඉදිරිපත් කිරීමේදී රවී කරුණානායක මහතා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බවයි බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ. 

අයවැය ලේඛණයේ ඇති ව්‍යාජ තොරතුරු සම්බන්ධයෙන් ඉකුත් දා ජනාධිපතිවරයාද දැනුවත් කළ බවයි බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ. 


Share on Google Plus