පකිස්ථානු වානිජ ඇමති අගමැති හමුවෙයි.


පකිස්ථානු වානිජ අමාත්‍ය කුරාම් ඩස්ට්ගිර් ඛාන් මහතා පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වූ අතර එහිදී අලියගහ මන්දිරයේ දී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

මෙහිදී වානිජ ඇමතිවරයා කියා සිටියේ දෙරට අතර නව වෙළෙඳ අවස්ථා හඳුනාගැනීමට කටයුතු කළ යුතු බවයි. දැනට පවතින වෙළෙඳ රටාව විවිධාංගීකරණය කරමින් සම්ප්‍රදායික නොවන වෙළෙඳ භාණ්ඩ ආනයනය හා අපනයනය කෙරෙහි දෙරටෙහි අවධානය යොමු වීම වඩා වැදගත් බව ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

ඛාන් මහතා සිය අදහස් දක්වමින් මෙහිදී කියා සිටියේ ලාංකීය ව්‍යාපාරිකයින්ට ජීඑස්පී සහනය ලබාගත හැකි රටක් ලෙසින් පකිස්ථානය යොදා ගත හැකි බවයි. එමෙන්ම පකිස්ථානු රජය විසින් මෙරට ආයෝජකයින්ට ආයෝජනය සඳහා විශේෂ ආර්ථික කලාප ඇති කිරීමට සූදානම් බව ද ඔහු කියා සිටියේය.


Share on Google Plus