මේ ආණ්ඩුවත් රාජපක්ෂ පාරෙමයි.


ඊයේ (04) දහවල් කෑගල්ලේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර ගුණරත්නම් මහතාව අත්අඩංගුවට ගැනීම පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් කොළඹදී පවත්විණි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර තිබූ එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පැවසුවේ කුමාර ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගෙන පිටුවල් කිරීමේ සැලසුම හරහා පරණ රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්තිම මේ ආණ්ඩුවද අනුගමනය කරමින් සිටින බව ඔප්පු වෙමින් තිබෙන බව පැවසීය.

ඔහු පැවසුවේ අද දහවල් කුමාර ගුණරත්නම් මහතාව ඔහුගේ මවගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇති අතර තවමත් පොලිසියේ රදවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි. මේ ආණ්ඩුව පත්වී මාස කිහිපයක් ඇතුළත තමන්ට විරුද්ධව නැගෙන විරෝධයට සහ උද්ඝෝෂණයට ප්‍රතිචාර දක්වන ආකාරය පිලිබඳ විමලිසිමතවන ලෙස ජනවාරි 8 වැනිදා ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් වෙනුවෙන් බලාපොරොත්තු සහගතව මැදිහත්වූ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ඒ මහතා ප්‍රකාශ කළේය.

සාමාන්‍ය ජනතාව තමන්ගෙ දේශපාලන අයිතීන් අහෝසිවනවිට අරගල විට ආණ්ඩුව ප්‍රතිචාර දක්වන ආකාරය මීටත් වඩා නරුම විය හැකි බව මේ අනුව පැහැදිලි වන බවද ඒ මහතා පැවසීය.

මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙලට විරුද්ධව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සුදානම්ව සිටින බව ඔහු වැඩි දුරටත් පැවසීය.

-සත්හඩ

Share on Google Plus