අගමැති ඉදිරිපත් කළ සම්පුර්ණ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න.


ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතා ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය සම්පුණයෙන් පහතින් කියවන්න,

ගරු කතානායක තුමෙනි,

ජනවාරි 08 වෙනිදා මේ රටේ ජනතාව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්තේ එතෙක් පැවති පාලන ක්‍රමයේ වෙනසක් අපේක්‍ෂාවෙන්.

ඉන් පසුව අගෝස්තුවේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද මේ බව තහවුරු වුණා. 

මේ මැතිවරණ වලදී අප ජනතාව ඉදිරියේ තබා, ජනතාවගේ අනුමැතිය ලද, වැඩ පිළිවෙල ක්‍රියාවට නැංවීමේ ප්‍රධාන අරමුණක් වන්නේ ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමයි.  

ජනවාරි 08 වන දා අප බලයට පත්වෙද්දී, ඉතා දරුණු ජාත්‍යන්තර උගුලකට අප හසුවී තිබුණා. පසුගිය පාලනයේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත නිසා ඔවුන් විසින් ම කපා ගත් වලක මුළු රටම වැටී තිබුණා. ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය මගින් ඉදිරිපත් කළ යෝජනාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම නිසා අපේ රටට එරෙහිව සම්බාධක පැනවීමේ අනතුරක් උදා වී තිබුණා.

නමුත් පසුගිය කාලය තුළ අප ගත් වෙහෙසකර හා අවංක ව්‍යායාමයක ප්‍රතිඵල ලෙස අද ඒ වලෙන් ගොඩ එන්නට අපට හැකි වී තියෙනවා. උගුලෙන් ගැලවෙන්නට අපට හැකි වී තියෙනවා. මුළු ලෝකයේම වෙළඳ පොල දැන් අපට යළිත් විවෘත වී තියෙනවා.

ඉතින් ඒ නිසා සංවර්ධනය සඳහා වූ ආර්ථික සැලසුම් සකස් කරන්නට හා ඒ පිළිබඳ තොරතුරු මේ ගරු සභාවට ඉදිරිපත් කරන්නට දැන් අපට අවකාශ එළැóලා තියෙනවා. ජාත්‍යන්තරයේ අපේ පදනම දැන් ශක්තිමත්. තිරසාරයි. ඒ පදනම මත බලවත් ශ්‍රී ලාංකේය ආර්ථිකයක් ගොඩනැංවීම අපේ ඉලක්කයයි.

ඒ ගමන යන්නට, ඒ තත්වයට ඉහළ නගින්නට සුදුසු දේශපාලන පරිසරයක් දැන් අපේ රටේ නිර්මාණය වී ඇති බවත් මම මෙහිදී පෙන්වා දෙන්නට කැමතියි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්‍ෂ දෙක එකට එක්වී සම්මුතිවාදී ජාතික ආණ්ඩුවක් පිහිටුවා තියෙනවා.  ජාතික ආණ්ඩුව පිහිටුවීමේ පරමාර්ථය රටේ මූලික ප්‍රශ්න විසඳීමට සමත්වන දීර්ඝ කාලීන සමාජ ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් පිළිබඳව එකඟත්වයකට පැමිණීමයි. එමගින් ස්ථාවර භාවය ඇතිකොට, සීඝ්‍ර සංවර්ධනයකට මුල පිරීමයි. ඒ සඳහා අපට මෙවැනි ස්වර්ණමය අවස්ථාවක් යළි ලැබෙතැයි හිතන්නට බැහැ.
ගරු කතානායකතුමෙනි,
ආර්ථික ෙක්‍ෂ්ත්‍රයේ පමණක් නොව, දේශපාලන, සමාජයීය, අධ්‍යාපන හා සෞඛ්‍ය ආදී විවිධ ෙක්‍ෂ්ත්‍රයන් ශක්තිමත් කරලීම සඳහාත්, වර්ධනය කරලීම සඳහාත් පදනම සැකසීමට අප බලාපොරොත්තු වෙනවා. ඉදිරි අවුරුදු දෙක තුළ ඒ පදනම සකස් කර, රටක් වශයෙන් ඉදිරියෙන් ඉදිරියට යෑම අපේ අභිප්‍රායයි.

ජනතාව තම තමන්ගේ ජීවන තත්වය පිළිබඳ සැලකිලිමත් වෙනවා. ආදායම් වැඩි කරගැනීමට පුළුවන්ද? දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට පුළුවන්ද? අධ්‍යාපනය අවසන් වූ පසු රැකියාවක් සොයා ගන්නට පුළුවන්ද? මෙතෙක් අපිට ඒ ප්‍රශ්න වලට සාර්ථක පිළිතුරු ලබා දෙන්නට නොහැකි වී තියෙනවා. අපි අසාර්ථකයි.

ඊට හේතු දැක්වීම්, නිදහසට කරුණු ඉදිරිපත් කිරීම් සහ සටන් පාඨ කඩතුරා වලින් කර තිබෙන්නේ ප්‍රශ්නයේ සැබෑ ස්වරූපය තව තවත් වසන් කර තැබීමයි. ප නමුත් තව දුරටත් ඒ අයුරින්  ඉදිරියට යන්නට බැහැ. ජනතාව හෙම්බත් වෙලා ඉන්නේ. ඔවුන්ට වෙනසක් අවශ්‍යයි. ඔවුන් අපට ජනවරමක් දුන්නේ ඒ වෙනස කරන්නටයි. ඔවුන්ගේ ජීවිත යහපත් කරන සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමටයි. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ  වඩාත් විවෘත සහ තරගකාරී ආර්ථිකය බවට පත් කිරීමටයි.

අපේ රටේ ඉතිහාසය මෙනෙහි කරද්දී ස්වර්ණමය යුගය ලෙස කැපී පෙනෙන්නේ විවෘත වෙළඳ ආර්ථිකයක් පැවති අනුරාධපුර මානවම්ම යුගයේ සිට මහා පරාක්‍රමබාහු දක්වා යුගයයි. අපි කුළුබඩු, මැණික්, අලි ඇතුන් සහ විශාල වශයෙන් සහල් වෙළ¼දාම් කළා. ප්‍රධාන ආනයන අපයන මධ්‍යස්ථානයක් ලෙස ද අපේ රට සැලකුණා. අප බලාපොරොත්තු වන්නේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේ යළිත් ඒ ස්වර්ණමය තත්වය අපේ රටට උදා කර ගැනීමටයි. 

එසේ කිරීමට අපගේ ආර්ථික පදනම නිවැරදි කර ගත යුතුයි. සාර්ව ආර්ථික ස්ථාවරත්වය, දේශීය තරගකාරීත්වය, විදේශ වෙළ¼දාම සහ ආයෝජන කෙරෙහි පූර්ණ අවධානය යොමු කළ යුතුයි. සමාජ සාධාරණත්වය පදනම් කරගත් දැනුම මුල් කරගත් තරගකාරී සමාජ වෙළඳපොල ආර්ථිකයක් අප ගොඩනැංවිය යුතුයි. (Social Market Economy) මෙවැනි ආර්ථිකයක් ශක්තිමත් කරන ප්‍රධාන ආධාරකයන් තුන වන්නේ, අධ්‍යාපනය සඳහා වූ විශ්ව ප්‍රවේශය, 21 වන සියවසේ සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දිය හැකි අන්දමට වත්මන් සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කරලීම සහ සමාජ සංචලත්වයයි.

ඒ නිසා අපට ලැබී ඇති මේ අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම අප හැම දෙනාගේම යුතුකමක් හා වගකීමක් බව මම අවධාරණය කරන්නට කැමතියි.

ගරු කතානායක තුමෙනි,

මේ පසුබිම අවධාරණය කරමින් අප බලාපොරොත්තු වන්නේ මධ්‍ය කාලීන ඉලක්ක කීපයක් සපුරා ගැනීමටයි. 

1. රැකියා අවස්ථා දසලක්‍ෂයක් බිහිකිරීම
2. ආදායම් ඉහළ නැංවීම
3. ග්‍රාමීය ආර්ථිකය වර්ධනය කිරීම 
4. ග්‍රාමීය සහ වතුකරයේ ජනතාවටත්, මධ්‍යම පාන්තිකයන්ට සහ රජයේ සේවකයන්ටත් දේපල අයිතිය ලබා දීම
5. ශක්තිමත් හා පුළුල් මධ්‍යම පන්තියක් බිහි කරලීම

මේ කාර්යය මුදුන්පත් කර ගැනීමේ දී වත්මන් ලෝක ආර්ථිකය පිළිබඳව අප අවධානය යොමු කළ යුතු වෙනවා. පහල මධ්‍යම ආදායම් ලබන රාජ්‍යයක තත්වය ලැබීමෙන් පසු සහනදායී මුල්‍ය ප්‍රතිපාදන හිමි නොවන බැවින්, අපට තවදුරටත් අපේ ආදායම ඉක්මවා වැය කිරීමට නොහැකියි.  
එසේම අමෙරිකානු ෆෙඩරල් රිසර්ව් හෙවත් අමෙරිකානු මහ බැංකුවේ පොළී අනුපාත ඉහළ යෑමේ ඉඩකඩ සහ චීනයේ ආර්ථික අස්ථාවරත්වය නිසා අනාගතයේ අපට වාසිදායක ගෝලීය මුල්‍ය පරිසරයක් නිර්මාණය වීමේ අවකාශයක් ද නැහැ.

ඉදිරි මාස කීපය තුළ ලෝක ආර්ථිකයේ මන්දගාමී වර්ධන පරිසරය තුළ දේශීය ආර්ථික වර්ධනය සහ ස්ථාවරත්වය සමබර කර ගත යුතු වෙනවා.
වර්තමානයේ පවතින අනපේක්‍ෂිත අඩු වෘද්ධියේ සහ ගෙවුම් ශේෂ හිඟයේ අසාමාන්‍ය සංකලනය පිළිබඳව අප සැලකිලිමත් විය යුතුයි.
වත්මන් ප්‍රතිපත්ති රාමුව තුළ ඇත්තේ අපනයන අකර්මණ්‍ය කරවන නැwුරුවක්. පනවා ඇති අනුබදු නිසා අප වැටී ඇත්තේ 1970 යුගයේ මෙන් සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක් කරා ඇදෙන මාවතකටයි.
ශ්‍රී ලංකාවේ අපනයන වසරින් වසර පහත වැටෙනවා. 2000 වසරේදී අපේ අපනයන දළ දේශීය නිෂ්පාදිතයෙන් 30% ක්. 2014 වන විට 15% දක්වා, ඒ කියන්නේ සියයට පණහකින් පහත වැටී තියෙනවා. අපනයන සංකීර්ණතා සහ අධි තාක්‍ෂණික අපනයන අනුව අප ඉන්නේ ඉතා දුර්වල තත්වයකයි. ලෝක අපනයනය තුළ අපගේ දායකත්වයද පහල වැටී තියෙනවා.

ප්‍රතිපත්ති රාමුවේ ඇති මේ අයහපත් නැwුරුව අප වෙනස් කළ යුතුයි. තරගකාරී විනිමය අනුපාත ප්‍රතිපත්තියක් ඔස්සේ අපනයන වර්ධනය විධිමත් කළ යුතුයි.

මේ පසුබිමෙහි අපේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීම සඳහා මූලික වෙනස්කම් ගණනාවක් අවශ්‍ය වෙනවා. ලෝකය ගමන් කරමින් සිටින ආර්ථික දිශානතියට සරිලන අයුරින් අප අපටම අනන්‍යවූ වෙනස්කම් හා ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. සාම්ප්‍රදායික චින්තනයෙන් හෝ ක්‍රමවේදයන්ගෙන් තව දුරටත් මේ ගමන ඉදිරියට යා නොහැකියි. එසේම පැලැස්තර විසඳුම් දමමින්, ණය බරින් රට පීඩනයට පත්කරමින් මේ ගමන යා නොහැකියි. මේ ඉදිරි ගමන සඳහා අපට ලැබෙන අන්තිම අවස්ථාවත් මෙයයි.

අවුරුදු 70 කට පෙර, දෙවන ලෝක මහා යුධ සමයේ අප එංගලන්තයට පවා ණය ආධාර ලබා දුන්නා.  පණස් ගණන්වලදී නිදහස් ලංකාවේ සංචාරයකට ආ සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ මැතිතුමා කිව්වේ ලංකාව ආදර්ශයට ගෙන සිංගප්පූරුව දියුණු කරලීම එතුමාගේ බලාපොරොත්තුව කියායි. 

එදා සිංගප්පූරු ජාතිකයන් රැකියා සොයා ගෙන ලංකාවට ආවා. අද අපි රැකියා ඉල්ලාගෙන සිංගප්පූරුවට – මැලේසියාවට යනවා. අද අපි මුළු ලෝකයටම ණය වෙලා.

මේ වසරේ සිංගප්පූරුව නිදහස ලබා වසර 50 සමරනවා. ඔවුන් නිදහසේ ස්වර්ණ ජයන්තිය සමරන්නේ ආසියාවේ ආර්ථික බලවතෙක් ලෙසයි. කිසිදු ස්වාභාවික සම්පතක් නොමැති, අඩු තරමින් බොන්න වතුර ටිකක්වත් නොමැති සිංගප්පූරුව එවන් ඉහළ තලයකට යන්නත්, ස්වාභාවික සම්පතින් හා මිනිස් සම්පතින් පිරුණු අප පහළට වැටෙන්නත් හේතුව කුමක්ද? අපට වැරදුණේ කොතැනද?

අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගනිමු. 2023 වසර වන විට අප නිදහස ලබා වසර 75 සම්පූර්ණ වෙනවා. අපි හරි මග ගමන් ගත්තොත් නිදහසින් 75 වන වසර වෙද්දී අපට ආසියාවේ ශක්තිමත් ආර්ථිකයක් සහිත රාජ්‍යයක් වීමට ඕනෑ තරම් අවස්ථාව තියෙනවා. වැරදි මගක ගමන් ගත්තොත් රට සම්පූර්ණයෙන්ම විනාශ වෙන්නටත් ඉඩ තියෙනවා. ඒ නිසා අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමු.  

ගරු කතානායකතුමෙනි,

මෙහිදී අපට මධ්‍ය කාලීන අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ අතරින් මූලික වන්නා වූ කරුණු කීපයක් පිළිබඳව මම මේ ගරු සභාවේ අවධානය යොමු කරන්නට කැමැතියි.

2003 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 19 ක් ආදායම්වලින් රැස් කර ගන්නා ලද නමුත් 2014 දී එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 ක දක්වා පහත වැටී ඇති ආකාරය සැලකඣ විට රජයේ මූල්‍යය මුළුමනින්ම, නොසලකා හැර තිබූ බව පෙනී යනවා. පවුලේ  ඥාතීන් හා අන්තේවාසික තක්කඩියන් වෙත අත දිගහැර බදු විරාම පිරිනැමීම තුළින් මූල්‍ය සෞඛ්‍යය දැඩි අවදානමට පත් වුණා. ආහාර හා භාණ්ඩ මත පැනවූ බදු හරහා වක්‍රව බදු ගෙවන රටේ අඩු ආදායම් කණ්ඩායම් වෙත දැරිය නොහැකි බර පැටවුණා. හෙංචයියන් සහ ගජමිතුරන් බදු ගෙවීම මග හැරියා. 

පසුගිය කාලයේ ඒක පුද්ගල ආදායම ගැන මොන මොනපුරසාරම් දෙඩවූවත්, සැබෑ සංඛ්‍යා ලේඛන අපව තැති ගන්වන සුළුයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 43 ක ඉපැයීම දිනකට අමෙරිකානු ඩොලර් 2 කට වඩා අඩුයි. මේ සංඛ්‍යා ලේඛන වලින් හෙළිදරව් වෙන්නේ ආදායම් බෙදී යාමේ විෂමතාවයි. 

මේ අනුව සමාජීය, ජනගහනමය, භඣගෝලීයමය හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය  වශයෙන් ආදී වූ කුමන කෝණයකින් බැලූවත් ශ්‍රී ලංකාවේ ආදායම් බෙදී යාමේ බරපතළ අසමතුලිතතාවක් ඇති බව මෙයින් තහවුරු වෙනවා.  

එල්ටීටීඊය සමග ගැටුම අවසන් වීමෙන් වසර පහකට පසුවත් උතුරු පළාතේ නිෂ්පාදන දායකත්වය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ක් පමණයි. පසුගිය රජය ක්‍රියාත්මක කළ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශ යළි ගොඩනැගීමේ ව්‍යාපාරය මහා ප්‍රචාරක ඝෝෂාවක් මිස, උතුරු පළාතේ ජනගහණය වෙත සැලකිය යුතු ආර්ථික ප්‍රතිලාභ ජනනය කිරීමට සමත් වූවක් නොවන බව මෙයින් පිළිබිwු වෙනවා. පසුගිය රජය කරන ලද ප්‍රකාශයන් කෙසේ වුවත්, සැබෑ සත්‍යය නම් ශ්‍රී ලංකාවේ පිට පළාත්වල ආර්ථික වර්ධනය කොළඹදිස්ත්‍රික්කයේ හා ඒ අවට දිස්ත්‍රික්කවල වර්ධනයට සාපේක්‍ෂව බරපතළ ලෙස පසුගාමී තත්ත්වයක පැවතීමයි. විශේෂයෙන්ම උතුරු මැද පළාත, උඣීව පළාත, නැගෙනහිර වගේම උතුරු පලාත ගැන මා මෙහිදි සදහන් කරන්න කැමතියි.

ගරු කතානායකතුමෙනි,

මේ පසුබිම මත ජනවාරි 08 වන දා සිට දින 100 වැඩ සටහන ක්‍රියාත්මක කරලීමේදී ආර්ථික අගාධයක වැටී සිටි ජනතාව වහාම ඉන් ඉහළට ඔසවා තැබීමට අපට සිදු වුණා. ඒ සඳහා අප ජනතාවට විශාල වශයෙන් සහන ලබා දුන්නා. 

රජයේ සේවක වැටුප් වැඩි කළා. විශ්‍රාමිකයන්ට දීමනා ලබා දුන්නා. ගෑස් මිල අඩු කළා. ඩීසල්, පෙට්‍රල්, භඣමිතෙල් මිල පහල දැම්මා. මහපොල දීමනාව වැඩි කළා. සමෘද්ධිය සියයට 200 කින් වැඩි කළා. ගොවි ණය කපා හැරියා. පෝෂණ මල්ල ලබා දුන්නා. විවාහ ලියාපදිංචි ගාස්තුව පහල දැම්මා. වී කිලෝවකට සහතික මිලක් ලබා දුන්නා. ජ්‍යේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා සියයට 15 ක පොලියක් ලබා දුන්නා. පෙර පාසැල් සහ දහම් පාසැල් ගුරුවර ගුරුවරියන්ට විශේෂ දීමනාවක් දුන්නා.

මේ අයුරින් සහන ලබා දීමේ ප්‍රතිඵලයක් ලෙස අද ජනතාව අතේ වැඩි වැඩියෙන් මුදල් තියෙනවා. මිළදී ගැනීම් වැඩි වී තියෙනවා. මුල්‍ය සංසරණය ඉහළ නැංවී තියෙනවා. දැන් අප කළ යුත්තේ එතැන් පටන් ඉදිරියට ගොස් තිරසර සංවර්ධනයක් සඳහා පදනම සකස් කර ගැනීමයි.
අපේ සංවර්ධන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා අප සාධනීය පියවර ගණනාවක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.

මධ්‍ය කාලීනව රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධකරණය මගින් අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% දක්වා අඩුකරලීම. මේ ඉලක්කය 2020 වන විට සපුරාලීමට අප කටයුතු කරනවා.

මුදල් අමාත්‍යංශයේ සුවිශේෂ අවධානය රජයේ ආදායම ඉහළ නැංවීම, පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් සැලසුම් කිරීම හා පාලනය කෙරෙහි යොමු කිරීම. 

ණය බර අඩු කරලීම සහ මුල්‍ය ස්ථාවරත්වය සඳහා අවංක සහ විශ්වසනීය වෑයමක් දැරීම.

ආදායම වැඩි කරලීමට ඉහළම ප්‍රමුඛත්වය ලබා දීම. ප්‍රතීපායන බදු ක්‍රමවේදය අවම කරලීම ඔස්සේ වක්‍ර සහ Vජු ආදායම් බදු ලැබීමේ අනුපාතය මධ්‍ය කාලීන වශයෙන් 80% X 20% සිට 60% X 40% ආකාරයට ගෙන ඒම, බදු කළමනාකරණය ශක්තිමත් කිරීම සහ බදු මුක්තීන් සහ සහන අවම කිරීම.

යුද්ධ අවදානම් ඉවත්වීම, අඩු පොළී අනුපාතික, වඩාත් යථාර්ථවාදී විනිමය අනුපාතික සහ පහළ දැමුණු ඉන්ධන සහ බලශක්ති ගාස්තු නිසා නිර්මාණය වුණු නව පසුබිම මත බදු සහන සහ නිදහස් කිරීම් අවම කිරීම.  
විවාදයට ලක්වූ එක්වරක් පමණක් අය කරන බදු අත්හිටුවීම. ව්‍යාපාරික විශ්වසනීයත්වය දුබල කිරීමට හේතුවන අතීතයට බලපාන බදු අත්හිටුවීම.
ශ්‍රී ලාංකිකයන් විදේශයන්හි උපයන ආදායම බදු වලින් නිදහස් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ උපයන ආදායම් සඳහා පමණක් බදු අය කිරීම.
රජයේ ප්‍රමුඛතාවන් සැලැකිල්ලට ගමින් පොදු වියදම් දැඩි විමර්ශනයකට ලක්කිරීම සහ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් ප්‍රතිපාදන ඉහළ නැංවීම.

ආධාර ලබා දෙන්නන්ගේ හෝ කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රමුඛතාව මත නොව රජයේ ප්‍රමුඛතාව මත මධ්‍ය කාලීන පොදු ආයෝජන වැඩසටහනක් සකස් කිරීම සහ ව්‍යාපෘති අගැයීමේ ශක්තිමත් ක්‍රියාවලියක් සමග, රාජ්‍ය - පුද්ගලික සහයෝගීතාවය සැලකිල්ලට ලක්කිරීම. (Public Private Partnership)

සංවර්ධන ක්‍රියාවලියේදී කලාපීය සමබරතාව ආරක්‍ෂා කර ගැනීම.
ගරු කතානායකතුමෙනි,

ආර්ථික පරිවර්තනයට පෙරාතුව ශ්‍රී ලංකාවේ ජනගහණ සංක්‍රාන්තිය සම්පූර්ණ වී තිබෙනවා. අනාගත ආර්ථික දියුණුව ශ්‍රමය මත පමණක් ර¼දා පවතින්නේ නෑ. ඒ සඳහා පදනම් වන්නේ නවෝත්පාදනය සහ ඵලදායීතා වර්ධනයයි. ඒ අභියෝගයට අමතරව, වැඩිහිටි ජනගහණය වැඩි වීම නිසා සෞඛ්‍ය සහ සුබසාධනය වැනි අමතර අභියෝගයන්ට මුහුණ දීමටද අපට සිදු වෙනවා.

රජය විසින් ම සියළු සේවාවන් සැපයිය යුතුය යන සංකල්පය තව දුරටත් පවත්වා ගෙන යාම දුෂ්කරයි. ඒ නිසා තරගකාරීත්වය හා නිෂ්පාදන ඵලදායීතාව කෙරෙහි අවධානය යොමු කිරීමත් ඊට සමගාමීව ශක්තිමත් හා විධිමත් සමාජ ආරක්‍ෂණ ජාලයක් සැකසීමත් අප කළ යුතුයි.
මේ බැවින් රට වෙනුවෙන්, රටේ අනාගත පරම්පරාව වෙනුවෙන්, සත්‍යයේ නාමයෙන් අප නිවරැදි තීරණ ගත යුතු වෙනවා. මේ සමහර තීරණ ජනප්‍රිය නොවන්න පුළුවන්. තරමක් තිත්ත වෙන්න පුළුවන්. ඒත් අපි තිත්ත බේත් බොන්නේ අසනීපය නිට්ටාවටම සුව කර ගන්නයි.

ගරු කතානායකතුමෙනි,

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයන් විසින් ශ්‍රී ලංකාව තුළ පළමු පරම්පරාවේ සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් අවස්ථවේ සිට මේ වන විට වසර 40 ක් ගත වී තියෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලංකාවේ පැවතියේ ආර්ථික ක්‍රියාවලිය පාලනය සඳහා රජය වැඩි වශයෙන් මැදිහත් විය යුතුය යන මානසිකත්වයයි. මේ නිසා සිදුවූ පසුබෑම අප කවුරුත් දන්නවා. ඒ කාලයේ පුද්ගලික ව්‍යාපාර ගණනාවක් රජය විසින් අත්පත් කර ගත්තා. ආනයන සහ අපනයන ෙක්‍ෂ්ත්‍රයන්හි පුද්ගලික අංශයේ ක්‍රියාකාරම් මත අධික බදු බර පැටවුණා.

ජයවර්ධන මහතා 1977 දී වෙනස් කළේ මේ තත්වයයි. 77 සිට ආර්ථික සංවර්ධනය ක්‍රියාවලියේ සිදු වූ වෙනස දැන් සියලූ දේශපාලන පක්‍ෂ විසින් පිළිගෙන තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික ජයග්‍රහණ සාධනීය හා ඉදිරිගාමී දිශානතියකට යොමු කිරීමේ කාර්යයයේ දී එක්සත් ජාතික පක්‍ෂය ලබා දුන් ඓතිහාසික නායකත්ව භඣමිකාව පිළිබිwු කරන්නක්.
දෙවැනි පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන එන ලද්දේ පේ‍ර්මදාස පාලනය යටතේයි. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ කැපී පෙනෙන ලෙස නිදහස් කෙරුණා. රජය විසින් කළමනාකරණය කිරීම අනවශ්‍ය යැයි සලකන ලද රාජ්‍ය ව්‍යාපාර ජනතාකරණය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වුණා. අද ශ්‍රී ලංකා ආර්ථිකයේ ජීවනාලිය වන ඇඟලූම් අංශයේ වර්ධනය සිදු වූයේ එම දෙවැනි පරම්පරාවේ ප්‍රතිසංස්කරණ නිසයි.   

ගරු කතානායක තුමෙනි,

අද සිදු වී ඇත්තේ කුමක්ද? දකුණු ආසියාවේ වඩාත් විවෘත ආර්ථිකය යන කීර්ති නාමය ලබා සිටි අපේ රට දකුණු ආසියාවේ වඩාත් දූෂිත ආර්ථිකය ලෙස නම් ලැබීමයි.

ඒ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ අප වෙත පැවරී ඇති අභියෝගාත්මක වගකීම වන්නේ රාජපක්‍ෂ පාලනය සමයේ සිදු කෙරෙණු ආර්ථික ප්‍රතිසංස්කරණවල පැවැති නොසැලකිලිමත් භාවයන් හා විකෘතීන් හි ප්‍රතිඵලය ලෙස අද අපේ ආර්ථිකය පත් වී ඇති අගාධයෙන් ගොඩ ගැනීම සහ රට ඉදිරියට ගෙන යාමට සමත්වන තුන්වන පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමයි. 
අප මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඔස්සේ ජනතාවගේ ආදායම් වැඩි කිරීමටත්, රැකියා දසලක්‍ෂයක් උත්පාදනය කිරීමටත් කටයුතු කරනවා. මේ සඳහා අපේ දේශීය වෙළඳපොලට වඩා විශාල වෙළඳ පොලකට අවතීර්ණ වීම අත්‍යවශ්‍ය වෙනවා. අප ලෝක වෙළඳ පොලෙහි ඉඩ කඩ නිර්මාණය කර ගත යුතුයි. ලෝක වෙළඳ පොලෙහි අපට හිමි ස්ථානය දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් තරගකාරී තලයකට ඔසවා තබන්නට මේ ප්‍රතිසංස්කරණ සමත් වෙනවා.
මේ සඳහා අප,

1. ගෝලීය වටිනාකම් දාමයට (Global Value Chain) එක්වීමට පසුබිම සකස් කරනවා. 
2. අපේ කුඩා සහ මහා පරිමාණ ගොවීන් සහ ව්‍යවසායකයින් ගෝලීය ආර්ථිකයට එක් කරනවා.
3. ජාත්‍යන්තර තරගකාරී විදේශීය ආයතනයන්ට අප රට තුළ ආයෝජන සිදු කිරීම දිරිමත් කරනවා.
4. ආර්ථිකය ඩිජිටල්කරණයට ලක්කරනවා.

අප හඳුන්වාදෙන නව ප්‍රතිපත්තීන් යටතේ පුද්ගලික ආයෝජන දිරිමත් කරනවා. විශේෂයෙන්ම Vජු විදේශීය ආයෝජන සඳහා අප වැඩි වැඩියෙන් ඉඩකඩ සලසනවා.

ව්‍යාපාර ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ ඉහළ ස්ථානයකට ළඟා වීම සඳහා සාමූහික උත්සාහයක් දරනවා.

ගරු කතානායකතුමෙනි,

මූලික පියවරක් හැටියට අප ජනතාවගේ අයිතිය තහවුරු කරනවා. ලක්‍ෂ 30 කට ආසන්න ජනතාවකට සින්නක්කරවම දේපල සහ නිවාස අයිතිය ලබා දෙනවා. 

ඉඩම් සංවර්ධන අ ඥා පනත අනුව ජනතාවට බලපත්‍ර ක්‍රමයක් පදනම් කර ගනිමින් ඉඩම් ලබා දුන්නා. ඉන් පසුව ස්වර්ණභඣමි ආදී වැඩපිළිවෙළවල් යටතේ ද ඉඩම් ලබා දුන්නා. ඒ වගේම රජයෙන් තනන ලද නිවාස ද, උදාගම් සහ අනෙකුත් ව්‍යාපර මගින් ඉඩම් ද, නිවාස ඉදිකිිරීමට ආධාර ද ලබා දුන්නා. නමුත් මේ ඉඩම්වල සහ නිවාසවල සින්නක්කර අයිතිය මෙතෙක් ජනතාවට හිමි වී නැහැ. 

මේ ආකාරයට වසර 10 කට වඩා වැඩි කාලයක් බලපත්‍ර ලාභී ඉඩම් වල ජීවත් වන ජනතාවට අපි සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා. රජයේ කුලී නිවාසයන්හි වසර 10 කට වඩා වැඩි කාලයක් වෙසෙන අයට නිවාසවල අයිතිය සින්නක්කරවම ලබා දෙනවා. වතුකරයේ ලයින් කාමරවල අවුරුදු 10 කට වඩා වැඩි කලක් ජීවත් වන කම්කරු ජනතාවට කුඩා ඉඩමක හා නිවසක අයිතිය ලබා දීමට අප පියවර ගන්නවා. ඊට අදාළ නීති රීති ළඟදීම මේ සභාවට ඉදිරිපත් කරනවා.

සමාජ සංවර්ධනයේ අංශ කිහිපයක්ම පසුගිය රජය විසින් අතපසු කර, නොසලකා තිබෙනවා. වෙහෙස මහන්සි වී වැඩ කරන රාජ්‍ය සේවකයන්, කම්හල් කම්කරුවන්, කාර්යාල සේවකයින් හා වතු කම්කරුවන් සඳහා සුදුසු නිවාස පහසුකම් ලබාදීම පිළිබඳ කිසිඳු ප්‍රගතියක් ඇති වී නැහැ. කොළඹනගරයේ වතු නිවාස ඉවත් කිරීම වෙනුවෙන් අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් තැනූ නිවාස යෝජනා ක්‍රම කීපයක් හැරුණු කොට මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රම සම්පූර්ණයෙන්ම නොසලකා හැර තියෙනවා. පසුගිය කාලයේ ඉදිකෙරුණේ අධි සුඛෝපභෝගී නිවාස හා නිවාස යෝජනා ක්‍රම පමණයි.

අප මේ විෂමතාව තුරන් කරනවා. නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල මධ්‍යම පාන්තිකයන් සඳහා මහල් නිවාස ඉදිකරලීමේ වැඩ සැලැස්මකට අප ප්‍රමුඛත්වය ලබා දෙනවා. 

මෙවැනි ව්‍යාපෘතීන් සඳහා ඉදිරිපත් වන ආයෝජකයන්ට රජයේ ඉඩම් ලබාදීමටත්, බදු පහසුකම් ලබාදීමටත් අප පියවර ගන්නවා. ඒ වගේම මේ නිවාස හිමිකම් ලැබීමට සුදුසුකම් ඇති මධ්‍යම පාන්තිකයන්ට හා රජයේ සේවකයන්ට අඩු පොලී සහිත සහන ණය ක්‍රමවේදයක් ද අප හඳුන්වා දෙනවා. මුදල් ඇමතිතුමා අයවැය යෝජනාවේදී මේ පිළිබඳ සවිස්තර තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. 

මේ නිවාස යෝජනා ක්‍රම ඉදිකරන්නේ හුදෙකලා ආකාරයට නෙවෙයි. ඒවා නිවාසී නගර ලෙස විධිමත් හා ක්‍රමවත් ආකාරයකටයි. ඒ අනුව නිවාස යෝජනා ක්‍රම අසලින්ම පාසැල්, ආරෝග්‍යශාලා සහ කඩසාප්පු ඇතුළු පොදු පහසුකම්ද ලබා දෙනවා.  

ග්‍රාමීය නිවාස යෝජනා ක්‍රම ගණනාවක් ද අප ආරම්භ කරනවා. වසර 5 ක කාලයක් තුළ ග්‍රාමීය, අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශයන්හි නිවාස ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම පාහේ විස¼දාලීම සඳහා අප මේ ආකාරයෙන් නව නිවාස 500,000 ක් ඉදි කිරීමට අවකාශ සලසනවා.

ඉඩම් සහ නිවාස අයිතිය පමණක් නොව ව්‍යාපාර අයිතියද අප ජනතාවට ලබා ලබා දෙනවා. අද රාජ්‍ය ව්‍යවසායන් ගණනාවක් තිබුණත්, ඒවායේ ජනතාව සතුයැයි පැවසුවත්, ඒ කිසිවකින් ජනතාවට වාසියක් හෝ ලාභයක් අත් වෙන්නේ නෑ. සැබැවින්ම සිදු වන්නේ ඒවායේ පාඩුව ජනතාව පිට වක්‍රව පැටවී තිබීමයි.

සිංගප්පූරුවේ රාජ්‍ය ව්‍යවසාය මගින් පසුගිය වසර 30 ක පමණ කාලය තුළ ඒ ව්‍යාපාරවල සමස්ත වටිනාකමෙන් 16% ක ප්‍රමාණයක් උපයා දී තිබෙනවා. අපේ සිදුවන්නේ එහි අනෙක් පැත්තයි.

රාජ්‍ය ආයතන වඩාත් කාර්යක්‍ෂම විය යුතු බව අප සියල්ලම පිළිගන්නා කරුණක්. යහපත් ආර්ථික කළමනාකරනය වර්ධනය කිරීමෙන් සහ සහ දක්‍ෂ කළමනාකරුවන් පත් කිරීමෙන්  මෙම ඉලක්කය ළඟා කරගැනීමට හැකියි.  

නොයෙකුත් හේතු නිසා වර්තමානයේ සමහර ව්‍යවසායන් අධික ලෙස පාඩු ලබනවා. මේවා ජනසතු ආයතන යැයි කියන කඩතුරාවට මුවා වී ඒවා පාලනය කරන නිලධාරීන් හා දේශපාලනඥයන් දූෂණ සහ අක්‍රමිකතාවල යෙදෙනවා. අප මේ තත්ත්වය වෙනස් කිරීමට කටයුතු කරනවා. 

ඕනෑම පොදු ව්‍යාපාරයක් මූල්‍ය විනයක් සහිතව පවත්වා ගෙන යා යුතුයි. එසේම එම ව්‍යවසායකයන් වාණිජ ව්‍යාපාරයන් ලෙස සාර්ථක තලයකට ඔසවා තැබිය යුතුයි. මේ අරමුණ මුදුන්පත් කර ගැනීම සඳහා අප සිංගප්පූරුවේ ටමාසෙක් ආයතනයට සමාන රාජ්‍ය ව්‍යවසාය අයිතිය හිමි සීමාසහිත සමාගමක් ස්ථාපිත කරනවා. (State Holding Coperation Limited) රාජ්‍ය ව්‍යවසාය කොටස් ඒ සමාගමට පවරනවා. පුද්ගලික ආයතනයන්හි මෙන් මූල්‍ය විනයක් සහිතව වෙළඳපලට අනුරූපව තීරණ ගැනීමේ බලය එම සමාගමට ලබා දෙනවා.

මහජන ධන භාරය (Public Wealth Trust) නමින් අරමුදලක් පිහිටුවා, මේ සමාගමේ කොටස් හිමිකම ඒ අරමුදල ඔස්සේ ජනතාව වෙත භාර කරනවා. මේ අරමුදලේ භාරකරුවන් ලෙස නිල බලයෙන් භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපතිවරයා පත් කෙරෙනවා. අනෙක් සාමාජිකයන් පත් කෙරෙන්නේ වෘත්තීය සමිති, සිවිල් සමාජ සහ වාණිජ මණ්ඩල නියෝජිතයන් අතුරෙන් ව්‍යවස්ථාදායක සභාව විසින් නම් කරන පුද්ගලයන්ගෙන්. භාරකාර අරමුදල සුපරීක්‍ෂණය කිරීමේ වගකීම මේ භාරකරුවන්ට  හිමිවෙනවා. ඒ භාරකරුවන් පාර්ලිමේන්තුවට වගකිව යුතුයි.

සමාගමේ අධ්‍යක්‍ෂවරුන් පත් කිරීම සඳහා විවෘත ප්‍රතිපත්තියක් සකස් කරනවා. ජනතා ව්‍යවසාය පනත (Public  Enterprices Act) මගින් ඊට අවශ්‍ය නීත්‍යානුකඣල පදනම ලබා දෙනවා.

මූලෝපායික නොවන ව්‍යවසායන් සම්බන්ධයෙන්ද අප පියවර ගන්නවා. රාජ්‍ය ව්‍යවසායයන්ට සම්බන්ධ නැති, හෝටල්, ලංකා හොස්පිටල්ස් වැනි ආයතන කොටස් වෙළඳපොළ හරහා විකිණීමට අප ක්‍රියා කරනවා. යටිතල පහසුකම් සම්බන්ධ විශේෂිත කාර්යයන් සඳහා වූ ආයතන එසේත් නැතිනම් උපකාරක ආයතන (Special Purpose Vehicle) සඳහාද කොටස් වෙළඳ පොල විවෘත කරනවා. 

අපගේ රාජ්‍ය ව්‍යවසායන් වඩාත් කාර්යක්‍ෂමව ක්‍රියාත්මක වීම සහ පෞද්ගලික අංශයේ මනා ක්‍රියාකාරීත්වය සිදු කෙරන අන්දමින් ශ්‍රී ලාංකීය සහ විදේශීය ආයෝජකයින් දිරි ගැන්වීම අප සහතික කරනවා. මෙය ඉටු කිරීම සඳහා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ සංචාරක අධිකාරිය යන ආයතන පූර්ණ ප්‍රතිසංවිධානයකට හා ප්‍රතිව්‍යහගතකිරීමකට ලක් කිරීමට අප තීරණය කර තිබෙනවා. අවුරුදු 3ක කාලයක් තුළ මේ සියළු කටයුතු නිම කිරීම අපගේ බලාපොරොත්තුවයි. 

එකී කාලය තුළ ඒ ඒ ආයතනයන්ට අයත් කාර්ය භාරය සිදු කරලීම සඳහා ‘සංවර්ධනය සඳහා වූ ඒජන්සිය’ නමින් නව ආයතනයක් අප ස්ථාපිත කරනවා. (Agency for Development) ශ්‍රී ලංකා ආර්ථිකයේ සියලූ අංශයන්හි බර දැරීමේ ආයතනික වගකීම මේ ඒජන්සිය සතු වෙනවා. රජයේ සහ පුද්ගලික අංශයේ ප්‍රවීණයන්ගේ සේවය අප මේ ඒජන්සිය සඳහා ලබා ගන්නවා. 

අපට ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තියක් නැති අඩුව තදින්ම දැනෙනවා. ඒ නිසා ජාත්‍යන්තර වෙළඳ කටයුතු විධිමත් කරලීමේ පරමාර්ථයෙන් අප ජාත්‍යන්තර වෙළද ඒජන්සියක් ස්ථාපිත කරනවා. (International Trade Agency) ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තිය සැකසීමේ වගකීම මේ ඒජන්සියට පවරනවා.

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සුරක්‍ෂිත කිරීම සඳහා ද අප පියවර ගන්නවා. ඒ අරමුදල් දෙක එකට එක් කොට ජාතික විශ්‍රාම පාරිතෝෂිත අරමුදල’ නමින් නව අරමුදලක් පිහිටුවනවා. ඒ අනුව රුපියල් ටි්‍රලියන 1.7 ක වත්කම් මේ යටතට පත්වෙනවා. 
අර්ථසාධක හා භාරකාර අරමුදලට සිදු කළාක් මෙන් නව අරමුදලෙහි මුදල් එක් එක් දේශපාලනඥයන්ට හෝ නිලධාරීන්ට අවශ්‍ය පරිදි නාස්ති කරන්නට අප ඉඩ දෙන්නේ නෑ. එහි පාලන කටයුතු සඳහා අධ්‍යක්‍ෂ මණ්ඩලය පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිවයි. අරමුදල සුපරීක්‍ෂණය කිරීමේ වගකීම මහජන ධන භාරයට පැවරෙනවා. 
ඒ නිසා ආණ්ඩු, ඇමැතිවරු, පක්‍ෂ හා නිලධාරීන් වෙනස් වීම් මත මේ කටයුතුවල වෙනසක් සිදු වන්නේ නැහැ. ජනතා ඉතුරුම් නාස්ති වන්නේද නෑ. ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි එකම ප්‍රතිපත්තියක් මත ඉදිරියටම කටයුතු සිදු කෙරෙනවා. 

වැඩකරන ජනතාවට අවම ජීවන වැටුපක් සහතික කිරීම සඳහා රජය, වෘත්තීය සමිති සහ වාණිජ මණ්ඩල නියෝජිතයන් ගෙන් සමන්විත අප සේවක කවුන්සිලයක් පිහිටුවනවා. (Employment Council). යල් පැනගිය විශ්‍රාම වැටුප් ක්‍රමය යළි සමාලෝචනයට භාජනය කිරීමට ද අප කටයුතු කරනවා. නව යුගයට ගැලපෙන හා සේවක සේවිකාවන්ගේ විශ්‍රාම සමය සුරක්‍ෂිත වන පරිදි නව ජාතික විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් අප හඳුන්වා දෙනවා.

මහබැංකුවේ ව්‍ය{හාත්මක වෙනස්කම් සිදු කිරීමට ද අප ක්‍රියා කරනවා. ඔවුනට තම වගකීම් වඩාත් ස්වාධීනව ඉටු කරලීමේ පරිසරය සකසා දෙමින් සේවක භාරකාර අරමුදලේ සහ විනිමය පාලනයේ වගකීම් ඔවුන් වෙතින් ඉවත් කරනවා.

විනිමය පාලන කටයුතු වඩාත් ක්‍රමවත් කරලීම සඳහා නව විනිමය කළමණාකරන පනතක් ඉදිරිපත් කරනවා.
රජයේ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන්ද අපි දැඩි විනයක් පවත්වාගෙන යන්නට කටයුතු කරනවා. නියම කරන නිශ්චිත වටිනාකමකට ඉහළ රජයේ සියළු මිළදී ගැනීම් සහ ටෙන්ඩර් කටයුතු සඳහා මධ්‍යම ප්‍රසම්පාදන ලේකම් කාර්යාලයක් ස්ථාපිත කරනවා. (Central Procurement Secretariat) අනපේක්‍ෂිත යෝජනා සඳහා ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ව්‍යාපෘති ප්‍රදානය කිරීමේ ක්‍රමවේදය අහෝසි කරනවා. අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් පිළිබඳව සමාගම් සහ කොන්ත්‍රාත්කරුවන්ට උපදෙස් ලබා දීමට කමිටුවක් පිහිටුවනවා.

ගරු කතානායක තුමෙනි,

අද අප මුහුණ දෙන තවත් ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ ග්‍රාමීය ආර්ථිකයේ කඩා වැටීමයි. කුඩා පවුල් ඒකක වශයෙන් ගැමියන්ට දියුණු වීමට තිබූ අවස්ථා සියල්ලටම පාහේ අද විවිධ බාධක එල්ල වී තිබෙනවා. අනෙක් අතින් ගම්මාන හා බැඳුණු විශාල හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපෘතීන් ද අකර්මන්‍ය වී තිබෙනවා. 

මේ නිසා විශේෂයෙන්ම ගොවීන්ට ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවී තියෙනවා. ගොවි ආර්ථිකය නංවාලමින්, ග්‍රාමීය ආර්ථිකය ඉහළට ඔසවා තැබීම සඳහා කෙටි කාලීන කඩිනම් සංවර්ධන වැඩපිළිවෙලක් අප දියත් කරනවා. 

අප ග්‍රාම රාජ්‍ය සංවර්ධන කේන්ද්‍ර 2500 ක් ස්ථාපිත කරනවා. මේ කේන්ද්‍ර 2500 ස්ථාපිත කරන්නේ ගම්මාන ගණනාවක් පොකුරු 2500 කට එක්තැන් කරන්නේ ගම්මානවල ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහායි. පොකුරු ගම්මාන 2500 සඳහා අංග සම්පූර්ණ ග්‍රාමීය ආර්ථික වෙළෙඳපොළ ඒකක අපි ස්ථාපිත කරනවා.

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන සඳහා ද අප විධිමත් පියවර ගන්නවා. ගමේ පාර, ගමේ වැව සහ ගමේ පොළ මූලික කොට ගෙන මෙම යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා ගම්මට්ටමේ සංවර්ධන සැලැස්ම අප හඳුන්වා දෙනවා.
(Village Level Development Programme) ඒ සඳහා අයවැය ලේඛනයෙන් වෙනමම මුදල් ප්‍රතිපාදන වෙන් කරනවා. 
ගොවීන් සාමාජිකත්වය දරන මහා පරිමාණයේ සීමාසහිත සමුපකාර කෘෂි ව්‍යාපාර සමාගම් ආරම්භ කිරීම ද ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ වැඩපිළිවෙලේ තවත් අංගයක්.

(Agri Business Cooperation Ltd) මෙවැනි සාර්ථක කෘෂි ව්‍යාපාර දියත් කරන ලෝකයේ විවිධ රටවල් ආදර්ශයට ගනිමින් අප මෙරට ගොවීන්ගේ ඒකාබද්ධ කෘෂි ව්‍යාපාර සඳහා පූර්ණ සහාය ලබා දෙනවා. මෙමගින්, තරගකාරී වාණිජ කෘෂිකර්මය ව්‍යාප්ත කරලීමටත්, කෘෂි නිෂ්පාදන අපනයන සඳහා යොමු කිරීමත් අපට හැකිවෙනවා. 

කෘෂි නිෂ්පාදන මිලට ගැනීම සදහා පූර්ණ බලැති ජාතික කෘෂි අලෙවිකරණ අධිකාරියක් ස්ථාපිත කරනවා.

(National Agricultural Marketing Authority) කෘෂි නිෂ්පාදන අලෙවිකරණ සම්බන්ධීකරණය, වෙළඳපොල, ගබඩා සහ ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම, ප්‍රාදේශීය සහ ගම් මට්ටමින් කෘෂි නිෂ්පාදන මිලට ගැනීම සහ ගබඩා කිරීම, ආහාර කල් තබා ගැනීම ශීතාගාර පහසුකම් සුලබ කිරීම මේ අධිකාරිය යටතට පැවරෙනවා.
කෘෂි ෙක්‍ෂ්ත්‍රයේ මෙන්ම ධීවර ෙක්‍ෂ්ත්‍රයේ ද නවීකරණ කටයුතු සිදු කිරීමට අප ක්‍රියා කරනවා. මත්ස්‍ය සම්පතින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා නවීන තාක්‍ෂණය උපයෝගී කර ගැනෙනවා.  

වර්තමානයේ තේ සහ රබර් වගාවන් මුහුණ දෙන ගැටළු අප දන්නවා. මා පෙරදීද සඳහන් කළ පරිදි, ලෝක වෙළඳ පල මත යැපෙනවා ඇරෙන්නට එතැනින් ඔබ්බට මේ නිෂ්පාදන රැගෙන යන්නට අප අසමත් වී තිබෙනවා. තේ සහ රබර් සඳහා අලූත් වෙළඳ පොල සොයා ගත යුතුයි. නිෂ්පාදන ඵලදායීතාව වැඩි කළ යුතුයි. අගය එකතු කෙරෙන ආකාරයෙන් මේ නිෂ්පාදන නවීන ලෝකයට සරිලන ආකාරයට දියුණු කළ යුතුයි.  
තේ කර්මාන්තයේ සියළු අංශ නියෝජනය වන පරිද්දෙන් තේ කර්මාන්ත කමිටුවක් පිහිටුවා, (Tea Industry Committee) එමගින් කර්මාන්තයට අදාළ ගැටළු සඳහා පිළිතුරු සෙවීමටත්, අනාගතයට සරිලන පරිදි තේ කර්මාන්තය නවීකරණය කිරීමටත් අප ක්‍රියා කරනවා.

වී ගොවීන් මුහුණ දෙන ගැටළු පිළිබඳව ද අප සැලකිලිමත් වෙනවා. වී අතිරික්තය හේතුවෙන් මෑත කාලයේ ඇතිවූ සංකීර්ණතා අප ගැwුරින් විමසා බලනවා. රජයෙන් වී මිළදී ගැනීමේ ක්‍රමවේදය අප සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍ය{හගත කරනවා. වී අතිරික්තය ඵලදායී ලෙස යොදා ගැනීමේ මාර්ග නව වැඩසටහන් අප ක්‍රියාත්මක කරනවා. එසේම කෘෂි නිෂ්පාදන රක්‍ෂණ ක්‍රමයක් ද අප හඳුන්වා දෙනවා.

එක් අතකින් රජය සතු විශාල ඉඩම් කිසිදු සොයා බැලීමකින් තොරව හිතමිතුරන්ට ලබා දී තිබෙනවා. මේ නිසා ඒ ඉඩම් පදනම් කර ගෙන සිදු කරන්නා වූ ව්‍යාපාරයන්ගෙන් ග්‍රාමීය ආර්ථිකය නංවාලීමට කිසිදු අනුබලයක් ලැබෙන්නේ නැහැ. එසේම ඒ ව්‍යාපාරයන්හි ප්‍රතිලාභ ග්‍රාමීය පවුල් ඒකක කරා ගලා යන්නේ ද නැහැ. අනෙක් අතින් සාම්ප්‍රදායික රාමුවක සිරවී සිටින වැවිලි සමාගම් වලට ග්‍රාමීය ආර්ථිකයේ බර දරා ගැනීමේ හැකියාවකුත් නැහැ. 

වැවිලි සමාගම් ප්‍රතිව්‍යŸහගත කිරීම අනිවාර්යෙන්ම සිදු කිරීමට මෙයත් එක් හේතුවක්.   ඒ වගේම ආණ්ඩුවේ ඉඩම් විශාල වශයෙන් ලබා දුන් ආයතන සහ පුද්ගලයන් ඒවා නිසි අයුරින් භාවිත කරනවා ද යන්න පිළිබඳ සොයා බලා ඒ පිළිබඳ සුදුසු තීරණ ගැනීම ද සිදු කළ යුතු වෙනවා. 
අනෙක් වැදගත් කාරණය වන්නේ ලාංකිකයන්ගේ ඉඩම් සහ වතු හිමිකාරීත්වයයි. අතීතයේ සිටම ලාංකිකයන් සතු ශක්තියක් වූයේ ඉඩම් සහ වතු හිමිකාරීත්වයයි. මෙමගින් ග්‍රාමීය ආර්ථිකයට ලැබුණු දායකත්වය ඉතා විශාලයි. අද මේ ඉඩම් කැබලි වලට කඩා නිවාස තැනීම සඳහා භාවිත කර තියෙනවා. මෙය ග්‍රාමීය ආර්ථිකයට පමණක් නොව, පරිසරයටද හානියක්. මේ නිසා නවීන තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් නවීන කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය කරන ඉඩම් හිමියන් දිරිමත් කිරීම සඳහා කෘෂි ප්‍රාථමික කර්මාන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. (Agricultural Primary Industry Programme) මෙම වැඩසටහන මගින් ඔවුනට අවශ්‍ය ඉඩම් සහ ප්‍රාග්ධන පහසුකම් ලබා ගැනීමේ මාර්ග සකස් කරනවා. 

ඉන්දියානු උප මහාද්වීපයේ සාර්ක් කලාපයේත්, දකුණු අසියාවේත් වාසය කරන ජනගහනය බිලියන 2.5 කට අධිකයි. මේ ජනතාවගෙන් මිලියන 250 ක් පමණ වූ මධ්‍යම පාන්තිකයන්ට අවශ්‍ය ආහාර භෝග සැපයීම කළ හැකි වන පරිදි අපේ කෘෂිකර්මය නවීකරණය කොට ඉහළ නැංවීම අපේ අරමුණයි. ඒ අරමුණ මුදුන්පත් කර ගැනීම සඳහා කුඩා පරිමාණයේ සිට මහාපරිමාණය දක්වා කෘෂිකර්මාන්තයේ යෙදෙන ලාංකිකයන්ට අපි උපරිම සහන සහ පහසුකම් සලසනවා.

මේ සියලූ කටයුතුවලින් රැකියා අවස්ථා සහ ආදායම් මාර්ග ඉහළ නැංවෙන අතර මේවායේ ප්‍රතිලාභ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා ගලා යාම ද අප සහතික කරනවා. 

ගරු කතානායකතුමෙනි,

අපේ මධ්‍ය කාලීන ආර්ථික ප්‍රතිපත්ති රාමුවේ අනෙක් වැදගත් අංශය වන්නේ රැකියා උත්පාදනය සහ ආදායම් ඉහළ නැංවීමයි. රැකියා දස ලක්‍ෂයක ඉලක්කය වසර 5 ක දී සපුරා ලීමට අවශ්‍ය පසුබිම අප සකස් කරනවා.

මෙය සාර්ථක කර ගැනීමට නම් වැඩි වැඩියෙන් පුද්ගලික සහ විදේශ ආයෝජන දිරිමත් කළ යුතුයි. ආයෝජකයන් සඳහා පහසුකම් සහ ඔවුන්ගේ කටයුතු පසුකරලීම සම්බන්ධයෙන් කලාපීය රටවල් අතර අප සිටින්නේ පසුපසින්. ගෝලීය තරගකාරී දර්ශකය අනුව මේ සම්බන්ධයෙන් අපට පිටුපසින් සිටින්නේ බංගලාදේශය සහ මියන්මාරය පමණයි. අදාළ දර්ශක වගුව මම මේ අවස්ථාවේ සභාගත කරනවා. ඒ නිසා අපි මේ දර්ශකයේ ඉදිරියට පැමිණ, ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ශනය කරගැනීමේ වැඩ පිළිවලකට යොමු විය යුතුයි.  

ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය ආයෝජකයන් නව ලෝකයේ ව්‍යාපාරික ප්‍රවණතාවන් හා සම්බන්ධ කළ යුතු වෙනවා. දැන් භාණ්ඩ නිෂ්පාදනයේ දී අගය එකතු කිරීමේ කටයුතු සිදු කෙරෙන්නේ ගේලීය මට්ටමෙන්. එක් එක් රටවල ඇති සම්පත් හා අමුද්‍රව්‍ය පදනම් කරගනිමින්, අවසන් නිමි භාණ්ඩය දක්වා කාර්යයන් ඒ ඒ රටවලදී සිදු කෙරෙනවා. (Global Value Chain) මෙම ගෝලීය අගය එකතු කිරීමේ දාමයට ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය ආයෝජකයන් ද සම්බන්ධ කිරීමට අප අවකාශ සලසනවා. 
මේ සඳහා අප පියවර කීපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.

අප පසුගිය අන්තර්කාලීන අයවැය මගින් සුපිරි වාසි බද්ද පැනවූවා. ඊට පදනම වුනේ සමස්ත භාණ්ඩ සහ සේවා ඉල්ලූම පහත වැටී තිබීමයි. ඒ නිසා ඉල්ලූම ඉහළ නැංවීමට අවශ්‍ය සහන අප ලබා දුන්නා. ඊට අදාළ ආදායම් එකතු කිරීමට මේ බද්ද සමත් වුණා. දැන් ඒ තත්වය වෙනස් වී තිබෙනවා. භාණ්ඩ සහ සේවා පරිභෝජනය නැවත ආරම්භ වී තියෙනවා. ඒ නිසා සුපිරි වාසි බද්ද තව දුරටත් ඉදිරියට ගෙන යා යුතු නැහැ.

ඒ වගේම අප උඣීන කාර්යසාධන ව්‍යාපාර හෝ උඣීන උපයෝජිත වත්කම් නැවත පණ ගැන්වීමේ පනත පූර්ණ විමසීමකට ලක් කර අවශ්‍ය සංශෝධන ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. මේ පනතට මුවා වී අයුතු හා අනවශ්‍ය ආකාරයට ව්‍යාපාරයන්ට බලපෑම් සිදු කෙරුණා. ව්‍යාපාර අත් පත් කර ගත්තා. අප ඉදිරියට එසේ කටයුතු කරන්නේ නෑ. පුද්ගලික ව්‍යාපාර අත්පත් කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් අපේ රජයට නැහැ. එමෙන්ම පනත යටතේ මෙතෙක් පවරා ගත් ව්‍යාපාරයන් පිළිබඳව  සමාලෝචනයක් කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 (උ) වගන්තියේ මෙසේ සඳහන් වෙනවා.
 ර්‍ණසෑම පුරවැසියෙකුටම - එකලාව හෝ අන් අය හා සමග නිත්‍යානුකඣල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට හිමිකම ඇත්තේය.” 

ඒ වගේම 157 වගන්තියේ සඳහන් පරිදි, ආර්ථිකයේ වර්ධනය සඳහා වූ ජාත්‍යන්තර ගිවිසුම් සහ සම්මුතීන් ආරක්‍ෂා කිරීමට අප බැඳී සිටිනවා.
මේ වගන්ති පදනම් කර ගනිමින්, අප දේශීය හා විදේශීය ආයා්ජකයන් ආරක්‍ෂා කරලීමටත්, ඔවුනට ව්‍යාපාර නිදහස ලබා දීමට නව නීතියක් සම්මත කර ගන්නවා.

ආයෝජකයන් සඳහා ලබා දෙන බදු විරාම සහ සහන පිළීබඳව අප අලූතින් සිතා බැලිය යුතුයි. මෙතෙක් ලබා දුන් විරාම සහ සහන මගින් අපේක්‍ෂිත ප්‍රතිඵල ලැබුණාද කියන ප්‍රශ්නය අප හමුවේ තියෙනවා. ඒ නිසා අප අපේක්‍ෂිත ප්‍රතිඵලයන් ලබා ගත හැකි ආකාරයට හා අනාගතයට ගැලපෙන ආකාරයට මේ කටයුතු යළි සකස් කළ යුතුයි. අපේ අපේක්‍ෂාව වන්නේ අඩු බදු අයකරන රාජ්‍යයක් බවට පත් වීමයි. (Low Tax Regime)
මේ කටයුතු සඳහා සංවර්ධන උපාය මාර්ග පනත වෙනුවට ආයෝජන පනත නමින් අප නව පනතක් නීති ගත කරනවා. (Investment Act)
වෙළදාම් කටයුතු සඳහා පහසුකම් සැපයීමට සහ අනයන – අපනයන නියාමනය කිරීම සඳහා ආනයන අපනයන පාලන පනත වෙනුවට, වෙළඳ නියාමන නීති සම්පාදනය කරනවා. (Trade Regulation Act)

ශ්‍රී ලංකාවේ අපනයන මූල්‍ය වෙළඳපෙල සඳහා පහසුකම් සැපයීමට පවතින ක්‍රමවේදයන් ව්‍යාප්ත කරනවා. එමෙන්ම වෙළඳ මූල්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමද සහතික කෙරෙනවා. 

මීට අවශ්‍ය තරගකාරී නීති ප්‍රතිපාදන අපට නැහැ. ඒ නිසා තරගකාරී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහාත්, ඒකාධිකාරි තත්වයන් සම්බන්ධයෙන් පලදායී ලෙස කටයුතු කිරීම සඳහාත් විනිශ්චය සභාවක් ඇති කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරනවා. 

ආර්ථික කාර්යයන් දේශපාලනීකරණයට ලක් කිරීම පසුගිය රජය සමයේ සිදුවූ අයහපත් ක්‍රියාවක්. මේ අසතුටුදායක තත්වය අප සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.
රැකියා උත්පාදනය කෙරෙන ආයෝජන දිරිමත් කිරීම සඳහා ඇති වත්මන් බාධක ඉවත් කරලීමට ද අප පියවර ගන්නවා. ආයෝජකයන් සහ රැකියා බිහි කරන ව්‍යවසාය වෙනුවෙන් ඉඩම්  සහ ගොඩනැගිලි ලබා ගැනීමේ අපහසුතා අප අවබෝධ කරගෙන තියෙනවා. මේ නිසා ඉඩම් සන්තකය පැවරීමේ හා සීමා කිරීමේ පනත මගින් පනවා ඇති බදු සහ නියාමනයන් ලියාපදිංචි ආයෝජකයන්ට බලනොපාන ආකාරයට අප නව නීති සකස් කරනවා.

සමහර දේශීය ව්‍යවසායකයින් තමන්ගේ ලාභය පමණක් මූලික කර ගනිමින් කටයුතු කරන බව අපට පෙනී ගොස් තියෙනවා. ඕනෑම ව්‍යවසායක ලාභය ඉහළ නැංවෙන තරමටම රටේ ජනතාවටත් ඉන් සේවයක් සිදු විය යුතුයි. ජනතා අවශ්‍යතා ඒ ව්‍යවසායන් මගින් ඉටු විය යුතුයි. මේ නිසා දේශීය ව්‍යවසායකයන් දැන් ගෝලීය වෙළඳපොලට පිවිසිය යුතුයි. ඊට අවශ්‍ය පසුබිම අප සකසා දෙනවා. ඔවුන්ගේ ඵලදායීතාව ඉහළ නංවා, තරඟකාරී මට්ටමකට ගෙන ඒමට සහය වෙනවා. ඔවුන්ගේ ව්‍යවසාය පුළුල් කරලීමට 2016 වසරේ සිට බදු සහන ලබා දෙනවා. 

මහා පරිමාණයේ පමණක් නොව, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා අවශ්‍ය බදු සහන සහ දිරිමත් කිරීම් ලබා දීමට අප කටයුතු සම්පාදනය කරනවා. තායිලන්තය වැනි රටවල සාර්ථක වූ ආකෘති මත පදනම්ව කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන සභාවක් ස්ථාපිත කරලීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරනවා. කමිටු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නීතිගත කිරීමට කටයුතු යොදනවා.

අපේ වෙළඳ පොල විශාල කර ගත යුතුයි. ඒ සඳහා ඉන්දියාව, චීනය සහ අමෙරිකාව සමග වෙළ¼ද ගිවිසුම් වලට එළැඹිට අප ක්‍රියා කරන අතර, ජීඑස්පී ප්ලස් සහනය හරහා යුරෝපීය වෙළඳපොලට වැඩි වැඩියෙන් ඇතුළු වීමට අවකාශ සලසා ගන්නවා. 

අපනයන කර්මාන්තය ගැන සලකා බලද්දී පාරශාන්තිකර සහයෝගීතා ගිවිසුම (TPP) පිළිබඳව අපේ අවධානය යොමු කළ යුතුව තියෙනවා. මේ ගිවිසුම නිසා වියට්නාමයට බදු රහිතව ඇඟළුම් කර්මාන්තය සිදු කරන්නට අවකාශ ලැබුණා. මේ නිසා ඔවුන් ඇඟළුම් ෙක්‍ෂ්ත්‍රයේ පමණක් නොව අනෙක් ෙක්‍ෂ්ත්‍රයන්හිත් තරගකාරී තත්වයකට පත් වුණා. ඔවුන් නිෂ්පාදනය කරන භාණ්ඩ ජපාන, චීන සහ අමෙරිකානු වෙළඳපොලෙහි අඩු මිළට අළෙවි කිරීමේ අවකාශ උදාවුණා. මේ පසුබිම මත ඉදිරියේදී ශ්‍රී ලංකාවේ අපනයන් සීමා වීමේ අනතුරක්ද තියෙනවා. ඒ නිසා පාරශාන්තිකර සහයෝගීතාව පිළිබඳ අධ්‍යයනය කිරීමට අප කටයුතු කරනවා.

ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමෙන්, කාර්යක්‍ෂමතාව ඉහළ නංවා ගැනීමටත්, නව ලෝකය සමග කඩිනමින් එක් වීමටත්, දූෂණ සහ අක්‍රමිකතා මැඩ පැවැත්වීමටත් අප බලාපොරොත්තුවෙනවා.

ගරු කතානායකතුමෙනි,

භඣගෝලීය වශයෙන් සංවර්ධනය අසමතුලිත ලෙස බෙදීයාම සහ මායිම් ප්‍රදේශයන්හි සංවර්ධන සම්පත වැඩිදියුණු කරලීම පිළිබඳව අපේ රජය අවධානය යොමු කරනවා. එසේම ජාත්‍යන්තර දෘෂ්Ó කෝණයෙන් මේ කරුණු දෙස බලා අපගේ හැකියාවන් වර්ධනය කර ගැනීමටත් අපේක්‍ෂා කරනවා. මෙහිදී අපට සතුව ඇති තරගකාරී වාසිදායක පසුබිම වන්නේ ජනතාවගේ ඉහළ සාක්‍ෂරතාවය, ඔවුන්ගේ හැකියාව හා ශ්‍රී ලංකාවේ භඣගෝලීය පිහිටීමයි. අපගේ භඣගෝලීය පිහිටීම නිසා ඉන්දියානු සාගර නාවුක මාර්ගයටත්, ඉන්දීයානු උප මහද්වීපයට, අග්නිදිග ආසියාවට සහ මැදපෙරදිගටත්, එතැනින් නැගෙනහිර අප්‍රිකාව දක්වාත් සම්බන්ධ වනවා.  

මෙම ප්‍රදේශයන් පිළිබඳව විමසා බලද්දී, ඩුබායි සහ සිංගප්පූරුව යන නගර කැපී පෙනෙනවා. මූල්‍ය, නාවික, ගුවන්, ප්‍රවාහන සහ සැපයුම් යන සේවා අංශ වලින් හා ජීවන සහ රැකියා මට්ටටම් වලින් පළමු ලෝකයට සරිලන කිසිම නගරයක් ඩුබායි සහ සිංගප්පූරුව අතර නැහැ. 

ඒ නිසා ලෝකයේ පළමු පෙළේ පහසුකම් සහ සේවා සපයන පුරවරයක් ලෙස අප බස්නාහිර මහ පුරවරය නිර්මාණය කරනවා. මේ පිළිබඳ මූලික සැලසුම් මහානගර සංවර්ධන අමාත්‍යංශය මගින් සිදු කෙරෙමින් පවතිනවා. මේ මහා ව්‍යාපෘතිය හරහා උසස් පරිසරයක ඉහළ මට්ටමේ ආර්ථික ක්‍රියාකාරකම් ආරම්භ කොට වර්ධනය කරලීමේ අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට සහ විදේශීය ආයෝජකයන්ට අප උදා කර දෙනවා. එමගින්  ජීවත්වීමට, රැකියා කිරීමට සහ විනෝදාත්මක කටයුතු සඳහා අවශ්‍ය නවීන පහසුකම් නිර්මාණය වෙනවා.

බස්නාහිර වෙරළ තීරයේ සිදුවන මේ විප්ලීය සංවර්ධනයේ ප්‍රතිලාභ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වෙත ද ගලා යෑම නිරායාසයෙන්ම සිදු වෙනවා. එසේම මෙම මහ පුරවරය සඳහා සැපයුම් හා සේවා ලබා දීම මගින් මුළු මහත් ශ්‍රී ලංකාවටම ලැබෙන්නේ ආර්ථික වර්ධනයක්.

බස්නාහිර මහ පුරවරයට අමතරව, අප දිවයින පුරා ආර්ථික සංවර්ධන ප්‍රදේශ ස්ථාපිත කරනවා. ඒ අතරින්, හම්බන්තොට, රයිගම සහ මහඔය සහ ත්‍රිකුණාමල කර්මාන්ත ප්‍රදේශ අප ලබන වසරේ ආරම්භ කරනවා. ඒ සමග මහනුවර පිහිටුවන තොරතුරු සහ කෘෂි තාක්‍ෂණ ප්‍රදේශයට අවශ්‍ය මූලික කටයුතුත් ආරම්භ කරනවා. 

ආර්ථික හා සංචාරක ප්‍රදේශ නිර්මාණය කෙරෙන්නේ පරිපූර්ණ ආකාරයටයි. වර්ග සැතපුම් 20 සිට 200 දක්වා වන මේ කලාපයන්හි යටිතල පහසුකම් සැලසෙන්නේ ආර්ථික කියාකාරකම් සහ සමාජ සංවර්ධනයට අනුරූපවයි. උදාහරණ හැටියට දක්වතොත්, පාසැල්, ආරෝග්‍යශාලා සහ මහා මාර්ග සහිතවයි. මෙවැනි කලාපයක් මුලින්ම නිර්මාණය කෙරුණේ බියගමයි. නමුත් ඒ සැලැස්ම එතැනින් ඉදිරියට ව්‍යාප්ත කෙරුණේ නෑ. මේ ආකාරයේ විශාල පරිමාණයේ ආදර්ශකයන් ලෙස චීන විශේෂ ආර්ථික කලාප හැ¼දින්විය හැකියි.

එසේම කොළඹවිශේෂිත මුල්‍ය සහ ව්‍යාපාර ප්‍රදේශයක් නිර්මාණය කරන්නටත් අප සැලසුම් සකස් කරනවා. (Special Finance and Business Area)

අප රට සතු සංචාරක සම්පත්වලින් නිසි ඵල නෙලා ගැනීමට අපට තවමත් හැකි වී නැහැ. අප එළැóය යුත්තේ ප්‍රමාණාත්මක වශයෙන් නොව ගුණාත්මක වශයෙන් අගය ඉහළ නැංවුණු සංචාරක කර්මාන්තයක් කරායි.

අද ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් දිනකට වියදම් කරන්නේ අමෙරිකානු ඩොලර් 40 ක් හෝ 50 ක් වැනි සුළු මුදලක්. ඒ වෙනුවට දිනකට ඩොලර් 150 ක් හෝ 250 ක් පමණ වැය කළ හැකි සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් අප සකස් කළ යුතුව තිබෙනවා. ඒ වගේම සංචාරකයන් වැඩි කාලයක් රඳවා ගැනීම පිළිබඳවද අප අවධානය යොමු කළ යුතු වෙනවා. ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කළ යුතු වෙනවා. සංචාරක ව්‍යාපරයට සම්බන්ධවීම සඳහා දැඩි මාර්ගෝපදේශක ක්‍රියාත්මක කරලීමත් වැදගත්. එසේම සංචාරක ෙක්‍ෂ්ත්‍රය සම්බන්ධයෙන් මැදිහත් ප්‍රතිප්තියක්ද අවශ්‍යයි. 

කලාපීය වශයෙන් සංචාරක කර්මාන්තය නගා සිටුවීම, සංස්කෘතික සංචාරකයින්, ආගමික සංචාරකයින්, පරිසර සංචාරකයින් ආදී විවිධ ෙක්‍ෂ්ත්‍රයන් පිළිබඳව වැඩි වැඩියෙන් අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක්. යුතුව තිබෙනවා. 

දකුණේ කුඩා සංචාරක හෝටල් දියුණු කරලීමට අත හිත දෙන අතර, ඒ ප්‍රදේශයන්හි ඇති ව්‍යාපාරයන්ට සංචාරක කර්මාන්තයෙන් වැඩි ආදායම් ලැබිය හැකි ආකාරයට මග පෙන්වීම් කරලීමේ වැඩසටහන් සකස් කෙරෙනවා.

නැගෙනහිර සහ දකුණු පළාත් මෙන්ම මධ්‍යම සංස්කෘතික උරුමයන් වෙත ද අවධානය යොමු කරවමින් අභ්‍යන්තර ගුවන් සේවාවන් දියුණු කිරීමද වැදගත්.

ඊට අමතරව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ සම්බන්ධ කරමින් ගුවන් ප්‍රවාහන සේවාවන් සඳහා අප අනුබල දෙනවා.

සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් විවිධ ව්‍යාපෘති ආරම්භ කරන්නටද අප බලාපොරොත්තු වෙනවා. කොළඹයෝක් වීදිය සහ ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත ආශ්‍රිත සංචාරක කලාපයත්, බෙන්තොට ප්‍රදේශයේ දේද්දුව සංචාරක කලාපයත් අපි ආරම්භ කරනවා. ඒ සඳහා දේද්දුව සංස්ථාපිත සමාගම පිහිටුවනවා. ඒ සඳහා පුද්ගලික අංශයේ ආයෝජනත් අප බලාපොරොත්තු වනවා. 

ගාල්ල, ඓතිහාසික නගරයක් ලෙස සංවර්ධනය කරනවා. ගාලූ කොටුව ආරක්‍ෂා කරමින්, සංචාරක ආකර්ශනයක් බවට පත් කරනවා. සංස්කෘතික ත්‍රිකෝණයට අයත් පුරාවිද්‍යාත්මක ස්ථාන, නැගෙනහිර මුහුදු තීරය, කඳුරට, නුවරඑළිය සහ බදුල්ල සංචාරකයන් ඇද ගන්නා කේන්ද්‍රස්ථාන ලෙස සුරක්‍ෂිත කරනවා.

ගුවන්තොටුපල සහ වරාය දියුණු කළ යුතුයි. හැම ගුවන්තොටක්ම, හැම වරායක්ම ලාභ ලබන කාර්යක්‍ෂම ආයතන බවට පත්කළ යුතුයි. කොළඹවරාය සහ කටුනායක ගුවන්තොටුපල පුළුල් කිරීම සහ සංවර්ධනය කරනවා. වැඩකට ගත නොහැකිව, සුදු අලි බවට පත් ව ඇති මත්තල ගුවන් තොටුපල සහ හම්බන්තොට වරාය ආදයම් ලබන, වැඩක් ඇති ආයතන බවට පත් කිරීම සඳහා අවශ්‍ය ව්‍ය{හාත්මක වෙනස්කම් අප සිදු කරනවා. ත්‍රිකුණාමලය වරාය සහ නගර සංවර්ධනය සඳහා විශේෂ සැලැස්මක් සකස් කරනවා.

ඒ සමගම යුද්ධයෙන් විනාශ වූ උතුරු නැගෙනහිර හා යාබද ප්‍රදේශ යළි නගා සිටුවීම සඳහා 2016 වසරේදී ආධාර සමුළුවක් කැඳවීම සම්බන්ධයෙන් අප ජපානය සමග සාකච්ඡා කර තිබෙනවා.

ගරු කතානායකතුමනි,

අප එක්තරා අන්දමක සංවර්ධන උගුලක සිර වී ඇත්තේ නිපුණ පුද්ගලයන් හිඟ වීම නිසයි. මේ නිසා නිපුණතා පරතරය කඩිනමින් විස¼දිය යුතු ප්‍රශ්නයක්. රැකියාවකට අවශ්‍ය නිපුණතාවන් සහ ශිල්ප දැනුම ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් තවමත් නිසි අයුරින් අප රටේ ක්‍රියාත්මක වන්නේ නෑ. මේ අඩුපාඩුව මග හරවාලීමට අප වෘත්තීය පුහුණු අමාත්‍යංශය සහ විද්‍යා තාක්‍ෂණ සහ පර්යේෂණ අමාත්‍යංශය මගින් කඩිනම් සැලසුමක් ක්‍රියාවට නංවනවා. 

අධ්‍යාපනය සම්බන්ධයෙන් විප්ලවීය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් දියත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අපි අතීතයේ සඳහන් කළේ  ර්‍ණඋගත මනා ශිල්පයමයි මතු රැකෙනා” යනුවෙනුයි. නමුත් වර්තමානයේ අප කිව යුත්තේ  ර්‍ණමතු රැකෙනා ශිල්පයමයි උගත මනා” යනුවෙනුයි. 

අධ්‍යාපනය වෙනුවෙන් කෙරෙන වියදම්  කඩිනමින් වැඩි කිරීමට අප පියවර ගන්නවා. ඉතා ඉහළ සාක්‍ෂරතාවයක් සහිත අපගේ ශ්‍රම බලකායේ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා මෙය අත්‍යවශ්‍ය කාර්යයක්. වසර 13 ක අධ්‍යාපනය අප අනිවාර්ය කරනවා. පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන පාසැල් පනත මගින් පන්තියක ළමුන් සංඛ්‍යාව 35 ක උපරිමයකට යටත් කරනවා. ඉගැන්වීම් උපකරණ හා සිසුන් අතර දුරස්ථභාවය දුර කරමින් ඩිජිටල්කරණය පාසැලට හඳුන්වා දෙනවා.

තොරතුරු තාක්‍ෂණය සම්බන්ධයෙන්ද වර්ධනාත්මක පියවර රැසක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාර ක්‍රියාවලි කළමණාකරණ ෙක්‍ෂ්ත්‍රයට අදාළව, තොරතුරු තාක්‍ෂණය ප්‍රවර්ධනය කිරීමට අප බලාපොරොත්තු වනවා. මෙයට තොරතුරු තාක්‍ෂණ සහ විද්‍යා උද්‍යාන, නවෝත්පාදක කේන්ද්‍ර, මෘදුකාංග නිෂ්පාදන, තොරතුරු තාක්‍ෂණ අධ්‍යාපනය, ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සහ උපකාරක ආයෝජන යන අංශ ඇතුළත් වනවා.

තරුණ පරපුරට මේ මගින් දැනුම, පුහුණුව සහ අවස්ථාවන් අප උදා කර දෙනවා. රැකියා දසලක්‍ෂයේ ඉලක්කය සපුරා ගැනීමේදී තොරතුරු තාක්‍ෂණ ෙක්‍ෂ්ත්‍රයට පුළුල් ඉඩකඩක් ලබාදෙවා.

විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැප්ටොප් පරිගනක ලබා ගැනීම සඳහා තුන් අවුරුදු පොළී රහිත ණය සහනාධාර ක්‍රමයක් සකස් කරනවා. සෑම විශ්ව විද්‍යාලයකටම නොමිළයේ වයිෆයි පහසුකම් ලබා දීමටත් අප පියවර ගන්නවා. සහනදායී පදනමකින් අන්තර්ජල පහසුකම් ලබා දෙනවා. මේ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අයවැය ලේඛනය මගින් වෙන් කරනවා. 

පවත්නා විශ්ව විද්‍යාලවලට සමගාමීව තාක්‍ෂණ විද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතන දියුණු කරනවා. විශ්ව විද්‍යාල ප්‍රවේශය නොලැබූ උසස් පෙළ සමත් ශිෂ්‍යයින්ට තවදුරටත් අධ්‍යාපනය ලැබීමට ආර්ථික ශක්තිය ලබා දීමේ වවුචර් පත් ක්‍රමයක් අත්හදා බැලීම ලබන වසරේ ආරම්භ කරනවා.  

කොළඹනගරයෙන් බැහැරව වෘත්තීය පුහුණුව සඳහා ඇති අවස්ථා වැඩි දියුණු කරනවා. ඉංග්‍රීසි භාෂාව ප්‍රචලිත කිරීම අවධාරණය කරමින් ඉංගිරිසි බස උගන්වන උපකාරක පන්ති සහ විද්‍යාල වලට දැඩි ප්‍රමිතියක් පනවනවා. වෘත්තීය පුහුණුව සහ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා ඉදිරිපත්වන ආයතන හා සමාගම් දිරිගැන්වීමේ සහ සහන සැලසීමේ වැඩ පිළිවෙල 2016 වසරේ ආරම්භ කරනවා.

දැනුම සහ කුසලතා සඳහා පැනවුනු බදු ඉවත් කරනවා. ඒ සඳහා ආරම්භක පියවර ලෙස පොත් සඳහා පනවා ඇති බද්දත්, කී්‍රඩා භාණ්ඩ සඳහා පනවා ඇති බද්දත් ඉවත් කරනවා.

පරම්පරා ගණනක් පුරා සමාජය තුළ නොසලකා හැර ඇති කාන්තාවන් වෙනුවෙන් ආර්ථික අවස්ථා ලබාදීමට ද අපේ ආණ්ඩුවේ අවධානය යොමු කරනවා. වැඩ කරන මව්වරුන්ගේ හා පොදුවේ සියලූ කාන්තාවන්ගේ ආදායම් සහ ඔවුන්ගේ සාමාන්‍ය ජීවන තත්ත්වය නගා සිටුවීමට අප පියවර ගන්නවා.   සමාජයේ වැඩ කරන කාන්තාවන්ගේ තත්ත්වය ඉහළ නංවන ආර්ථික ප්‍රතිපත්ති රැසකට මුල පුරන අතරම, සමාජය තුළ ගැබිණි මව්වරුන්ට හිමි විය යුතු නිසි ගෞරවය ද අප ලබා දෙනවා.

පලාත් පාලන මට්ටමෙන් පත්වන ජනතා නියෝජිතයන්ගෙන් සියයට 25 ක ප්‍රතිශතයක් කාන්තාවන්ට ලබා දීමේ වැඩ පිළිවල අප වහාම ක්‍රියාත්මක කරනවා. 2017 අනාගතයේදී අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමේ දී, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගනිමින් ස්ත්‍රී මූලික අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමට ද අප කටයුතු කරනවා. මේ නිසා සමාජයේ හැම තලයකම කාන්තාවන්ට විශේෂ අවස්ථා හිමිවෙනවා.

ගරු කතානායකතුමෙනි,

අප ගොඩනංවන ආර්ථිකය සැමට හිත සුව පිණිස වන ආර්ථිකයක්. සංවර්ධනයේ ප්‍රතිඵල විෂම ලෙස බෙදී යාම පාලනය කෙරෙන ආර්ථිකයක්. බහුජන හිතාය – බහුජන සුඛාය ආර්ථිකයක්. තිරසර සංවර්ධනයකට මං හෙළි කරන ආර්ථිකයක්.

අප බලාපොරොත්තු වන්නේ විනයානුකඣල ආර්ථික පරිසරයක තිරසර සංර්ධනයක් සඳහා අවශ්‍ය පදනම සැකසීමයි. අප ඒ කටයුතු වඩාත් විධිමත් හා ක්‍රමවත් කරලීම සඳහා තිරසර සංවර්ධන සභාවක් ස්ථාපිත කරනවා. ඊට අවශ්‍ය නීති රීති සම්පාදනය කරනවා.

අප ඉදිරිපත් කළ තුන්වෙනි පරම්පරාවේ ආර්ථික ප්‍රතිපත්ති සඳහා පදනම් වන්නේ ආර්ථික විවිධාංගකරණය සහ වෙළඃද පරිමාවේ වර්ධනයයි. වැඩි සේවා නියුක්තියක් ඇදී යන්නේ ඉහළ වැටුප් ගෙවන, නිපුණතාව පදනම් කරගත් තාක්‍ෂනික කර්මාන්ත වෙතයි. අඩු වැටුප් ගෙවන නිමැවුම් ආර්ථිකයක් දිගින් දිගටම පවත්වාගෙන යාම යථාර්ථවාදී වන්නේ නැහැ. ඒ නිසා කෙටි කාලීන වශයෙන් සංචාරක කර්මාන්තය හා තොරතුරු තාක්‍ෂණය වැනි ෙක්‍ෂ්ත්‍රයන් රැකියා උත්පාදනය සඳහා යොදා ගත යුතු වෙනවා. නිපුණතා ශ්‍රම බලකාය ඉහළ නැංවීමත් අපට වාසිදායකයි. එමගින් විදේශ රැකියාවන්හි යෙදෙන්නන් නුපුහුණු තත්වයේ සිට නිපුණතා පූර්ණ හා වෘත්තීයමය තත්වයට පත් කර ගැනීමට අපට හැකි වෙනවා. 

ගරු කතානායකතුමෙනි,

ලබන 20 වන දා අපේ රජයේ මුල්ම අයවැය සඳහා අප පදනම් කර ගන්නේ මෙම තුන්වෙනි පරම්පරාවේ ආර්ථික ප්‍රතිපත්ති මාලාවයි.  

අපේ ආර්ථික ගමන්මග නිවැරදි හා සත්‍යාවදී බව හඟවන පෙරමග සලකුණු කීපයක්ම උදාවී ඇති බවද මෙහිලා සඳහන් කරන්නට කැමතියි. රාජ්‍ය නායකයින් 40 දෙනෙක් ඇතුළු ආර්ථික විශේෂඥයින් 2500 ක් පමණ සහභාගීවන ලෝක ආර්ථික සමුළුව ජනවාරි අගදී ස්ව්ට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙනවා. එයට අප ද සහභාගී වනවා. ඊට පෙරාතුව ශ්‍රී ලංකා ආර්ථික සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා ආයෝජකයෙකු මෙන්ම ග්‍රන්ථ කර්තෘවරයෙක් ද වන ජෝර්ජ් සෝරෝස් සහභාගීවීම කැපී පෙනෙනවා.

ඒ වගේම ප්‍රකට ජාත්‍යන්තර සඟරාවක් වන යුරෝමනි සඟරාවේ අනුග්‍රහයෙන් ආර්ථික සමුළුවක් ලබන ජනවාරි මස අගදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ද කටයුතු යොදා තියෙනවා.

මේ අවස්ථාවන් ඔස්සේ ශ්‍රී ලංකා ආර්ථිකය ජා්‍යන්තරය සමග සම්බන්ධ කරලීමේ අවකාශයන් උදාවී තියෙනවා.

ආරම්භයේදී මා අවධාරණය කළ පරිදි, මානවම්ම සිට මහා පරාක්‍රමබාහු දක්වා වූ අපේ රටේ ස්වර්ණමය යුගය යළි අප උදාකරගත යුතුව තියෙනවා. ඒ සඳහා කැපවීම, වගවීම හා ඉවසීම ඇතිව මේ නිවැරදි මාවතේ ඉදිරියට යා යුතුයි. අපේ මාතෘ භඣමිය නිසි තැනට ඔසවා තබන්නටත්, අපේ අනාගත පරම්පරාවට යහපත් දේශයක් නිර්මාණය කර දෙන්නටත් අපට හැකිවන්නේ එවිටයි. 

ඒ නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම අප හැමගේ යුතුකමක් වගේම වගකීමක්. රට වෙනුවෙන් ඒ යුතුකම ඉටු කරන්නටත්, වගකීම දරන්නටත් එක් වන ලෙස මම මේ ගරු සභාවේ ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

මේ ප්‍රතිපත්ති රාමුව සැකසීමට දායක වූ ගරු ජනාධිපතිතුමන් ඇතුළු කැබිනට් මණ්ඩලයටත්, ආර්ථික කළමනාකරණ කමිටුවටත්, නිලධාරීන්ටත් මගේ ස්තුතිය පළ කරනවා.



Share on Google Plus