Ads Top

Ray Ad

පොලිස්‌ ලොක්‌කෝ තුනක්‌ පොලිස්‌ කොමිසම හමුවට.


අන්තර් උසස්‌ ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුවට (එච්. එන්. ඩී. ඒ.) පොලිසිය විසින් ඉතා අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් දෙදෙනකුට සහ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයකුට අද (02 වැනිදා) පෙරවරු 9.00 ට ජාතික පොලිස්‌ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

කොළඹ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර, කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට සහ කොළඹ මධ්‍යම කොට්‌ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චම්පික සිරිවර්ධන යන මහත්වරුන්ට මෙසේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

සාමකාමී සිසු උද්ඝෝෂණයට පොලිස්‌ පහරදීම සම්බන්ධයෙන් පොලිස්‌ කොමිසමට ලැබුණු පැමිණිල්ලක්‌ මත මෙම විමර්ශනය ආරම්භ කරන බව එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා ඊයේ (01 වැනිදා) "දිවයින" ට පැවසීය.

පසුගිය 29 වැනිදා කොළඹ පැවැති සිසු විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය අධිපීඩන ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කර තිබිණි. මෙහිදී පොලිස්‌ නිලධාරියකු සහ සිසුන් හයදෙනකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිසු සිසුවියන් 39 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇත.

Powered by Blogger.