පී.බී. ජයසුන්දරට යහපාලන ආණ්ඩුවේ උපදේශක ධුරයක්.


පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ බරපතල මූල්‍ය චෝදනා ගණනාවක් එල් වූ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතාව තම අමාත්‍යංශයේ උපදේශක ලෙස පත්කර ගැනීමට සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව, ඊට අදාළ කැබිනට් පත්‍රීකාවක් සැකසෙමින් තිබෙන බවද පැවසේ.

ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද හමු වූ බවද මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

Share on Google Plus