ඇමති නිමල් සිරිපාලගෙන් යහපාලන උත්සායක්!


දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිල්ලක මෙතෙක් කලක් පවත්වාගෙන යනු ලබන ප්‍රවාහන අමාත්‍යංශය මාසික කුලිය රුපියල් ලක්ෂ 47ක් ගෙවා බත්තරමුල්ල ප්‍රදේශයට රැගෙන යෑමේ උත්සාහයක ප්‍රවාහන ඇමතිවරයා නිරත වන බවට දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති චෝදනා කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිල්ල තුළ ප්‍රවාහන අමාත්‍යංශය පවත්වාගෙන යනු ලබන්නේ කිසිදු ගෙවීමකින් තොරව බවත් එසේ තිබියදී මාසිකව ලක්ෂ පනහකට ආසන්න මුදලක් ගෙවා වෙනත් ස්ථානයකට අමාත්‍යංශය රැගෙන යෑමට ඇමතිවරයා උත්සාහ දරන්නේ යහපාලනය ක්‍රියාත්මක කිරීමට දැයි වෘත්තීය සමිති ප්‍රශ්න කර සිටී.

Share on Google Plus