අපි කලේ ජනතාව රවටන එක විතරයි.


මේ වනවිට යහ පාලනයක් නැතැයිද යහපාලනය කියමින් කළේ ජනතාව රැවැට්ටීම පමණක් යැයිද ශ්‍රී ලංකා නිදහස් පෂෙයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා බණ්ඩාරවෙල කරඳගොල්ලේ ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකදී පවසා තිබේ.

ඊයේ (14) පැවති මෙම හමුව අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ යහපාලනය මුවාවෙන් ජනතාව රැවටූ අය දේශපාලනයේ ඉන්නා බැවින් තමන් ඒ ගැන අනාවරණය කීරීමට සූදානම් බවය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයින් පවසන්නේ නිමල් සිරිපාලද සිල්වා ඇමතිවරයාට දේශපාලඥයෙකු ලෙස තම ඉදිරි දේශපාලන අනාගතය අඳුරුවීමේ ඇති ඉඩකඩ අවම කරගැනීමේ අදහසින් මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමට සිදුව ඇති බවය.

Share on Google Plus