මත්කුඩු ජාවාරමට එරෙහි වූ අන්තරායකර මණ්ඩලය දෙදරයි


අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති ධුරයට වෙනත් අයෙකු හදිසිියේ පත්කර ඇතැයි දැනගන්නට තිබෙන බව එහි වත්මන් සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පවසනවා. 

මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමා ධුරයේ සිටියදීම වෙනත් අයෙකු සභාපති ධුරයට පත් කර ඇති බවයි. 

නීතිය හා සාමය සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ට නිලධාරියෙකු එ් පිළිබඳව තමාට දැනුම් දීමක් කර ඇති බවද වෛද්‍ය නිලංග සමරසිංහ මහතා සඳහන් කළා.

තමාට ධූරයෙන් ඉවන් වන ලෙසට බල කරමින් නිර්ණාමික ෆැක්ස්පතක් ද ලැබී ඇති බවයි ඔහු පැවසුවේ.

කෙසේ වෙතත් හදිසියේ තමා ධූරයෙන් ඉවත් කිරීමට හේතුවක් නැතැයි සභාපතිවරයා කළ විමසීමකදී පැවසුවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව ඉකුත් සමයේ තමන් නැගූ හඬ යටපත් කිරීමේ අරමුණින් මෙවැනි පියවරක් ගත්තේදැයි තමන්ට සැකයක් පවතින බවයි කළ විමසීමේදී සභාපතිවරයා සඳහන් කළේ.

වෛද්‍ය නිලංග සමරසිංහ මහතාට ඉකුත් සමයේදී විවිධ බලපෑම් එල්ල වුණා.

නාඳුනන පුද්ගලයන් සිය නිවස ඉදිරිපිට සැරිසරන බවට එ් මහතා පොලීසියටද පැමිණිලි කළා. 

එ් අනුව ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙසයි රජය නියෝග කළේ.


Share on Google Plus