ටිරාන් මව්බිමේ සල්ලි එංගලන්තෙට අදී - සේවකයන්ට පඩි නෑ.


මව්බිම පුවත් පත පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් විශාල ප්‍රමාණයක් තිබියදීත් එම මුදල් සියල්ල ටිරාන් අලස් හා රමන්ත අලස් විසින් එංගලන්තයේ පවතින සිය ගිණුමට බැර කොට ඇතැයි වාර්තාවේ.

මේ සියල්ල සිදුකොට ඇත්තේ පසුගිය මාසය සදහා සේවයන්ට ලබාදීමට තිබූ වැටුප පිළිබද වද නොතකා වීම විශේෂත්වයකි. මාසයේ සෑම මසකම 27 -28 යන දෙදින තුළ සේවයන්ගෙ වැටුප් ලබාදීමට කටයුතු කරතත් පසුගිය මාසයේ වැටුප මේ වන තෙක් ගෙවා නොමැති බවද ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග විසින් තහවුරු කර සිටී.

කෙසේ වෙතත් සුළු සේවකයාගේ සිටි ඉහල සේවකයා දක්වා වන සියල්ලන්ගෙන් සුබ සාධනය සදහා ලක්ෂ 04කට අධික මුදලක් කපා ගන්නා අතර පසුගිය කාලයේ විශාල වශයෙන් වෙළද ප්‍රචාරක දැන්වීම් ලැබී තිබුනේ මව්බිම පුවත්පතට වුවත් ඒ කිසිදු වෙළද දැන්වීමකින් රුපියලක හෝ මුදලක් අදාල සේවයන් අතරේ කොමිස් මුදලක් වශයෙන් නොගෙවීමට තරම් කෑදරකමකින් ටිරාන් අලස් හා රමන්ත විසින් කටයුතු කොට ඇත.

මව්බිම පුවත්පතේ මුළ්‍ය කලමණාකරු වශයෙන් කටයුතු කළ දුෂ්‍යන්ත බස්නායකගේ ඉවත්ව යාමත් සමග කිසිදු මුළ්‍ය කටයුත්තක් නිසායකාරව විසදීමට ඒ සදහා පත්කළ රමන්ත අලස් කටයුතු නොකළ අතර ඔහු විසින් මේ මුළ්‍ය ගණුදෙනුවල අති විශාල මුදල් සම්භාරයක් තම පෞද්ගලික ගිණුම්වල තර කර ගැනීමට උත්සුක වූවා මිස වෙනත් කිසිවක් සිදුකිරීමට උත්සාහ ගෙන නොමැති බවද වාර්තාවේ.

කෙසේ නමුත් මේ වනවිට මව්බිම පුවත්පතේ කාර්ය මණ්ඩලය තම වැටුප ලබාගැනීමේ උත්සාහයක නියැලෙන බවත් ඒ සදහා ඔවුන් සංවිධානය වී ටිරාන් අලස් ගේ හා රමන්ත අලස්ගේ කාර්යාල වට කිරීමට ඉදිරි දින කිහිපය තුළ කටයුතු කරනු ඇති බවදට අදාල විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර සිටී.

-Independent.lk

Share on Google Plus