ටෙන්ඩර් අවුලකට ජනපතිට - අගමැතිට නොතීසි.


ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු 75 දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නොතීසි නිකුත් කළා.

එ් නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල් අඟුරු ටෙන්ඩරය පිරිනැමීමේදී අක‍්‍රමිකතාවක් සිදු වූ බවට සඳහන් කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අනුවයි.

අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණේ පෞද්ගලික සමාගමක් විසින්. ඔවුන් පවසන්නේ ගල් අඟුරු මෙටි‍්‍රක් ටොන් එකක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 90ක අවම ටෙන්ඩරය ඉදිරිපත් කර තිබුණේ තම සමාගම බවයි.

එසේ තිබියදී ඊට වඩා වැඩි වැඩි මුදලකට ටෙන්ඩරය පිරිනමා ඇති බව අදාළ පෙත්සම මගින් ඔවුන් පෙන්වා දෙනවා. 

මෙමගින් රජයේ ටෙන්ඩර් පටිපාටිය උල්ලංගණය වී ඇති බව පෙන්වා දෙන අදාළ පෞද්ගලික සමාගම පෙන්වා දෙන්නේ එ් තුළින් සිය මූලික අයිතිවාසිකම්ද කඩ වී ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අගවිනිසුරු කේ ශී‍්‍ර පවන් මහතා ප‍්‍රමුඛ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය දෙසැම්බර් මස 15 වැනිදාට කල් තැබුණා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති  ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු 75 දෙනෙකුට එදිනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද මෙහිදී නොතීසි නිකුත් කෙරුණා.


Share on Google Plus