සෝභිත හිමිගේ ගෝල හිමිනමට නාග විහාරය තහනම් වෙයි.


අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ හිටපු ජ්‍යෙෂ්ඨ ගෝල හිමි නමක් වන වතුරවිල සිරි සුජාත හිමියන්ට නාග විහාරයට ඇතුළු වීම තහනම් කරමින් නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඊයේ (11) නියෝගයක් නිකුත් කර තිබේ.

සෝභිත හිමියන්ගේ ප්‍රධාන ගෝල හිමි ලෙස කටයුතු කළ එම භික්ෂුවගේ ශිෂ්‍ය භාවය 2011 වසරේදී සෝභිත හිමියන් විසින් අහෝසි කර ඇති අතර නැවත කෝට්ටේ නාග විහාරයට පැමිණ කිසියම් කලබල කාරී ක්‍රියාවක් ඇති කිරීමේ උත්සාහයක් ගනු ඇති බවට පොලිසිය අධිකරණයට දැන්වීමෙන් පසුව මෙම නියෝගය ලබා දී තිබේ.

වතුරවිල සිරි සුජාත හිමියන් කිසියම් විනය විරෝධි කටයුත්තක් සිදු කරනු ලැබුවහොත් ඊට එරෙහිව අධිකරණ සංඝනායක හිමියන් විසින් කටයුතු කිරීමට සූදානම් බවද වාර්තා වේ.


Share on Google Plus