මහින්දට ඒකාධිපතියෙක් ඕනෙලු.


ආණ්ඩුව පවත්වාගෙන යාම එක් නායකයෙකු විසින් බාරගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ නායකයින් දෙදෙනෙකුගේ ආණ්ඩුව මෙහෙයවීමෙන් ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බවයි.

අපවත් වී වදාළ මාතර හිත්තැටිය රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගොඩගම කීර්ති ශ්‍රී අරියජෝති චූලාලංකාර විදාන නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ පස්වරුවේ විහාරස්ථානයට ගිය අවස්ථාවේ දී මාධ්‍යවේදීන් හමුවේ මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.


Share on Google Plus