මහින්දව පුම්බන්නයි ඩිලාන්ට පිම්බෙන්නයි මුදල් හොයපු හැටි හෙළි වෙයි


පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ප්‍රචාරණ දැන්වීම්වලට පමණක් ව්දේශසේවා නියුක්ති කාර්යාංශයේ මුදල් රුපියල් කෝටි 14කට ආසන්න මුදලක් වැය කර ඇති බව ඊයේ (23) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

ඒ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමි විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් ලබා දුන් පිළිතුරකිනි.

මීට අමතරව පාගමනක් වෙනුවෙන් රුපියල් 91 ලක්ෂයකට ආසන්න මුදලක්ද, පිංකම් සදහා රුපියල් ලක්ෂ 35කට ආසන්න මුදලක්ද, ගොඩනැගිලි බදු ගෙවීම් සදහා රුපියල් කෝටි 2කට ආසන්න මුදලක්ද පසුගිය රජය සමයේදී විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් වැය කර ඇතැයි තලතා අතුකෝරළ මහත්මිය සදහන් කළාය.

රාජපක්ෂ සමයේ විදේශ රැකියා අමාත්‍යවරයාව සිටියේ වත්මන් ආණ්ඩුවේ මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා වන අතර ඔහුගේ නමින් පිහිටුවා ඇති  "ඩිලාන් පෙරේරා පදනම" සංවිධානය කළ පොසොන් කලාප වැඩසටහක් සඳහා රුපියල් දලක්ෂ පහලොස් දාහක්ද (රු. 1,015,256)ද අමාත්‍යවරයා ඇගයීම වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ කටවුට් හා බැනර් ප්‍රදර්ශනය කිරීම සඳහා රුපියල් විසිදෙලක්ෂ හැටපන්දහසක මුදලක්ද විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් වැය කර තිබේ.



Share on Google Plus