මහින්දගේ උපන් දිනේට ජාතික කොඩිය විකෘතිකර මුද‍්‍රණය කරලා.


හිටපු ජනපති මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ජාතික කොඩියක් මල්වානේ සිට දොම්පෙට යෑමට හැරෙන හංදියේ ඇතැයි ප‍්‍රදේශවාසීහු අප හට කියා සිටියේය. මෙය ජාතික කොඩිය විකෘති කිරීමක් යැයි ප‍්‍රදේශවාසීගේ හෑගීමයි. අන්තර් ජාලය තුල ද මේ වන විට මේ පිළිබදව කතාබහක් ඈති වේමින් තිබේ.

සිංහ කොඩියේ සිංහයාගේ කඩුවට ඉදිරියෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ඡුායාරූපය ඇතුළු කර ‘රටට උපන් දිනයක් ලබා දුන් ඔබ තුමාට සුබ උපන් දිනයක්’ යනුවෙන් මුද‍්‍රණය කර ඇත.

ජාතික කොඩිය විකෘති කළ නොහැකි බවත්, මේ සිද්ධිය ගැන සොයා බලන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

සිංහකොඩිය විවෘත කිරීම දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් බව ස්වදේශ අමාත්‍යංශය කියයි.

ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ජාතික කොඩිය භාවිතය පිළිබඳ රීති සංග‍්‍රහයේ දැක්වෙනුයේ කොඩිය කිසිම ආකාරයක විකෘති කළ නොහැකි බවයි.

කිසිදු ආකාරයක භාණ්ඩ හෝ වෙනත්  ඕනෑම දෙයක්, ලාංඡුනයක්, අකුරක්, රූපයක්, මෝස්තරයක්, පින්තුරයක් තැබීම නොකළ යුතු බව ද එහි සඳහන් ය.

හිටපු ජනපතිතුමාට වෑඩි ගරුත්වයක් ලබාදිමට ගොස් මේහිදී සිදුකර ඈත්තේ එතුමාට අපකිර්තියක් ගෙනෙන ක‍්‍රියාවකි.


Share on Google Plus