හිටපු ජනපති අයවැයේ දෝෂ කියයි.


අයවැයෙන් රජයට අයත් ආයතන විශාල ප‍්‍රමාණයක් පුද්ගලීකරණය කිරීමට කටයුතු කර ඇති බවත්, නොරොච්චෝලෙ ගල් අගුරු බලාගාරය, සියලුම ජල විදුලි බලාගාර, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, හම්බන්තොට හා කොළඹ වරායවල්වල මෙහෙයුම් කටයුතු, කටුනායක හා මත්තල ගුවන්තොටුපල, ජලසම්පාදන හා ජලාපවහාන මණ්ඩලය ඒ අතර තිබෙන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා 2016 අයවැය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විදේශිකයන්ට දිගුකාලීන බදු පදනම මත ඉඩම් ලබා ගැනිමට ඉඩදීම තමා අනුමත් නොකරන කරුණක් බවත් ඔහු කියයි. එසේම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවේ කොටස් කාරයෙක් ලෙස පැවැසුවත් අයවැයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මතවාදය නොමැති බවත් ඔහු පවසයි.

රටේ ආර්ථික තත්වය හා 2016 අයවැය පිළිබඳ විෂ්ලේශණය 

අති පූජනීය සංඝයාවහන්ස, සියලූ ආගම්වල පූජකතුමනි, හිතවතුනි,මේ ආකාරයට ඔබ අමතා අයවැය ගැන මගේ අදහස් කියන්න අවසථාවක් ලැබීම ගැන මම සතුටු වෙනවා.අයවැය ගැන කතාකරන්න නම් එයට පසුබිම් වෙලා තියෙන අර්ථික තත්වය ගැනත් සලකල බලන්න  ඕන.

මේ වසරේ ජනවාරි 09 වනදා අලූත් ආණ්ඩුවට මම පාලනය බාරදුන් අවස්ථාවේ දී රටේ ආර්ථිකය තිබුණේ ඉතාමත්ම ශක්තිමත් පදනමක. මගේ ආණ්ඩුව රට පාලනය කල අවුරුදු 09 තුළමේ රටේ ඒකපුද්ගල ආදායම 2005 දී ඇමරිකානු ඩොලර් 1,241 සිට 2014 දී ඇමරිකානු ඩොලර් 3,654 දක්වා වැඩිවුණා. 2010 සිට 2014 දක්වා මගේ පාලන සමයේ අවසන් අවුරුදු 5 දී මේ රටේ වර්ධන වේගය පිලිවෙලින් 8‍% ක්, 8.2‍%ක්, 6.3‍%,ක් 7.3‍%ක් සහ 7.4‍% ක් වශයෙන් සනිටුහන් වුණා. 2006 හා 2009 යන කාල පරිච්ඡේදය තුළ යුද්ධයේ උච්ඡතම අවස්ථාවේ දී වුනත් රටේ සාමාන්‍ය වර්ධන වේගය 6‍%ක් වුනා. 2010 හා 2014 යන වර්ෂ අතර උද්ධමනය පැවතුනේ 6‍% වැනි පහත් අගයක. 2014 අවසන් වන විට ඇමරිකානු ඩොලරයේ මිල රුපියල් 131.05 හැටියට සනිටුහන් වුනා. 2011 ත් 2014 අතර ඩොලරයේ මිල රුපියල් 127 ත් 131 ත් අතර යම්කිසි ස්ථාවර මට්ටමක පවත්වාගන්න අපට පුලූවන් වුනා. 2006 හා 2009 යන වර්ෂ අතර මේ රටේ විරැුකියා ප‍්‍රතිශතය පැවතුනේ 5.9‍% ක මට්ටමක. යුද්ධයෙන් පසු 2010 ත් 2014 ත් අතර විරැුකියාව 4.3‍% ක් දක්වා අඩුවුනා. 

2005 දි ඇමරිකානු ඩොලර් මිලියන 2,735 ක් වූ විදේශ සංචිත වසරක් පාසා වැඩි වී 2014 අවසන් වන විට ඇමරිකානු ඩොලර් මිලියන 8,208 ක වාර්තාගත මට්ටමක පැවතුනා. දළ දේශීය නිශ්පාදිතයේ ප‍්‍රතිශතයක් හැටියට ආණ්ඩුවේ වියදම් 2006 වසරේදී 24.3‍% ක් වුනා. යුද්ධය පැවති කාලපරිච්ෙඡ්දය තුළ, ඒ කියන්නෙ 2009 දක්වා ආණ්ඩුවේ වියදම් පැවතුණේ 23.8‍% ක සාමාන්‍ය අගයක. 2010 සිට වසරක් පාසා ආණ්ඩුවේ වියදම අඩුකරනු ලැබු අතර 2014 වන විට එය 18.2‍% දක්වා පහත වැටුනා. මා බලයට පැමිණී 2005 වසරේදී දළ දේශීය නිශ්පාදිතයට සාපේක්‍ෂව ආණ්ඩුවේ ණය ප‍්‍රමානය 90.6‍%ක් වුනා. මෙයද වසරක් පාසා අපි අඩුකරනු ලැබූ අතර 2014 වන විට එය 75.5‍% ක් වුනා. ඒ තමයි අවුරුදු 35 කින් ආණ්ඩුවේ ණය බර පැවති පහත්ම අගය. මා 2005 දී බලයට පැමිණෙන විට ආණ්ඩුවේ ණය බරින් විදේශීය ණය ප‍්‍රතිශතය 39‍% ක් වුනා. මේ විදේශිය ණය ප‍්‍රතිශතයද වසරක් පාසා අඩුකල අතර එය 2014 අවසානයේ දී 31.8‍% ක අගයක පැවතුණා. 2010 සිට 2014 දක්වා මේ රටේ පොලී අනුපාතය 7‍% - 9‍% අතර ස්ථාවර අගයක අපි පවත්වාගෙන ගියා. මම 2005 දී බලයට එනකොට කොළඹ කොටස් වෙළද පොලේ මිල දර්ශකය 1,922 ක් වූ අතර කොටස් වෙළදපොලේ සමස්ථ අගය රුපියල් බිලියන 584 ක් වුනා. මම අලූත් රජයට රට බාරදෙන අවස්ථාවේ දී කොටස් මිල දර්ශකය 7,299 දක්වා වැඩි වී තිබුණු අතර කොටස් වෙළදපොලේ සමස්ථ අගය රුපියල් බිලියන 3104.09 ක් දක්වා වැඩිවෙලා තිබුනා.

අලූත් ආණ්ඩුව බලයට පත්වුණාට පස්සෙ ආර්ථිකයේ පැහැදිලි බිදවැටීමක් දකින්න තියෙනව. සංවර්ධන ව්‍යාපෘති ගනණාවක්ම අතරමග නවත්වල තියෙනව. මේ අවුරුද්දෙ ජනවාරි ඉදල අද දක්වා එකම අලූත් සංවර්ධන ව්‍යාපෘතියක් වත් ආරම්භ කරල නැහැ. ගිය වසර අවසන් වන විට බිලියන 8.2 ක් වුන විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.4ක් දක්වා මාස කීපයක් ඇතුලත අඩු වුනා. මගේ ආණ්ඩු සමයේ අවසන් කාලයේ දී රුපියල් 131 ක් වූ ඩොලරය අදවන විට රුපියල් 145 ක් බවට පත්වෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්නලා දීල තියෙනවා මේ අවුරුද්දෙ වර්ධන වේගය 5.5‍% දක්වා අඩුවිය හැකි බව. මේ රටේ තේ හා රබර් කර්මාන්ත කිසිදාක අත්නොදුටු තරමේ දැවැන්ත අර්බුදයක එරී තිබෙනව. මේ වසරේ මහා පරිමාණයෙන් ලැබුණු වී අස්වැන්න මුලූ ජාතියටම මහත් ප‍්‍රීතියක් ගෙන දෙන කාරණයක් විය යුතු වුණත් ආණ්ඩුව නියම කල අවම මිලට ඒ වී අලෙවි කර ගැනීමට නොහැකි වුණ නිසා ලැබූ විශාල අස්වැන්නත් ගොවියාට දුකක් බවට පත්වුනා. 

අලූත් ආණ්ඩුව බලයට පත් වුනාට පස්සේ කොටස් වෙළදපොලේ මිල දර්ශකය 7,000 ටත් පහලට වැටුණු අතර දැන් අවුරුද්දකට ආසන්න කාලක් තුළ එම පහත් අගය වටා සුලූ වශයෙන් උච්චාවචනය වෙමින් මොනම ඉදිරිගමනක් වත් නැතුව එකතැන පල්වෙලා තියෙනවා. ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ බැදුම්කර වල විදේශීය අයෝජකයන් 2014 දෙසැම්බර් අවසානය වන විට රුපියල් බිලියන 452 ක් අයෝජනය කරල තිබුණු අතර අද වන විට එය රුපියල් බිලියන 302 ක් දක්වා අඩුවෙලා තියෙනව. මේක ඇමරිකානු ඩොලර් බිලියනයකටවැඩි අඩුවීමක්. ඒ කියන්නෙ කෙලින්ම තුනෙන් එකක අඩුවීමක්. ඒකෙන් පෙන්නුම් කරන්නෙ ලංකාවේ අනාගතය ගැන විදේශීය අයෝජකයන් තුළ විශ්වාසය බිද වැටී තිබෙන බවයි. විදේශීය අයෝජකයන් මේ ආකාරයට බැදුම්කර වෙළදපලින් මුදල් දිගටම ඉවත්කර ගත්තොත් නුදුරු ආනාගතයේ දීම අපට ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙන්න සිදුවෙනවා. 

2015 වසර තුළ අලූත් ආණ්ඩුව අවස්ථා 2කදී ඇමරිකානු ඩොලර් මිලියන 2,150 ක සමස්ථ වටිනාකමක් ඇති බැදුම්කර නිකුත්කොට 6.5‍්‍ර ක පොළියට අති විශාල විදේශීය ණය ප‍්‍රමාණයක් ලබාගෙන තියෙනවා. මේ මුදල කොතරම්ද කියනවනම් නොරොච්චෝලෙ ගල් අගුරු බලාගාරයේ අදියර සියල්ලමත්, හම්බන්තොට වරායත්, මත්තල ගුවන් තොටුපලත්, මාතර දක්වා දක්‍ෂිණ අධිවේගී මර්ගය යන සියලූම ව්‍යාපෘති මෙම මුදලෙන් නිමකරන්න පුලූවන්.මේ වගේ විශාල ණයක් අරගෙන තිබුණත් මේ ආණ්ඩුවෙන් එකම සංවර්ධන ව්‍යාපෘතියක් වත් ආරම්භ කරල නෑ. අපි කිසිදාක දැකල නැති තරම් ඉහල පොලී අනුපාතයකට මේ විදේශීය ණය අරගෙන තියෙන්නෙ එදිනෙදා වියදම් පියවගන්නයි. පරිභෝජනයටයි. ආණ්ඩුව මෑතකදී භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ සීමාවද රුපියල් බිලියන 850 සිට 1250 දක්වා බිලියන 400 කින් වැඩිකරගෙන දැන් දිගට හරහට මුදල් අච්චුගහනව. 

මේ හැම දෙයක්ම සිදු වෙන්නේ අපි කිසිදාක අත් නොදුටු ආකාරයට. ලෝක තෙල් මිල බැහැල තියෙන අවස්ථාවක. තෙල් මිල බහිනව කියන්නේ අපේ වගේ රටවල් වලට අති විශාල සහනයක්. 2011 - 2014 අතරෙ බොරතෙල් බැරලයක් පැවැතුනේ හැමදාම ඩොලර් 100 ට වැඩියෙන්. නමුත් 2015 උදාවෙනවත් එක්කම බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 50 ටත් වඩා අඩු වුණා. ඉතින් අපේ ආනයන වියදමුත් මහාපරිමාණයෙන් අඩු වුණා. මේ වසර පුරාම හොදට වැස්ස ලැබුනු හින්ද විදුලිය උත්පාදනය කරන්නත් ඉන්ධන ආනයනය කරන්න සිදු වුණේ නැහැ. ගල්අගුරු බලාගාරයත් හොදට ක‍්‍රියාත්මක වෙන හින්ද බලශක්තිය සදහා මේ අවුරුද්දෙ වියදම් වෙලා තියෙන්නේ බොහොම අඩුවෙන්. මේ වගේ වාසිදායක තත්වයක් තිබියදීත් අවපාලනය නිසාම අපි දැන් මහා ආර්ථීක අර්බුදයක් අභිමුඛව ඉන්නව. අලූත් ආණ්ඩුවේ පළමු සම්පූර්ණ අයවැය එන්නෙ ඒ වගේ පසුබිමකයි. 2016 සදහා මේ අයවැයෙන් රටට බරපතල ආනිසංස සහිත වෙනස්කම් කීපයක්ම කරන්න යෝජනා කරල තියෙනව. මේවා අතරින් වඩාත්ම හානිකර යෝජනා කීපයක් පමණක් ගෙනහැර දක්වන්න මම කැමතියි. 

1. මේ අයවැයෙන් රජයට අයත් ආයතන විශාල ප‍්‍රමාණයක් පුද්ගලීකරණය කරන්න ගෙනල්ල තියෙන යෝජනාවට මට කොහෙත්ම එකඟ වෙන්නෙ බැහැ. උපායමාර්ගික වැදගත්කමක් ඇති නොරොච්චෝලෙ ගල් අගුරු බලාගාරය, සියලූම ජල විදුලි බලාගාර, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, හම්බන්තොට හා කොළඹ වරායවල්වල මෙහෙයුම් කටයුතු, කටුනායක හා මත්තල ගුවන්තොටුපල, ජලසම්පාදන හා ජලාපවහාන මණ්ඩලය වැනි උපායමාර්ගික වැදගත් කමක් ඇති ආයතන සියල්ලම එක සමාගමක් යටතට ගෙන එහි කොටස් කොළඹ කොටස් වෙළදපල හරහා අයෝජකයන්ට විකිණීමට සැලසුම් කරල තිබෙන අතර මේ සමාගම ලාභ උපයන ව්‍යාපාරයක් හැටියට ඉන් ඉදිරියට පවත්වාගෙන යාමට සිදුවෙනව. මගේ විශ්වාසයට අනුව නම් ජලය, විදුලිය, ගමනාගමනය, ඉන්ධන සැපයුම වැනි මහජන උපයෝගීතාවයක් ඇති සැපයුම් ආයතන ලාභ ලබන ව්‍යාපාර හැටියට නොව මහජනතාවට සපයන සේවයක් හැටියට පවත්වාගෙන යන්න  ඕන. මේ වාගේ සේවාවන්ට කරන අයකිරීම් මහජන සුබසිද්ධිය ගැනත් හිතල තමයි නියම කරන්න  ඕන. ඒ නිසා මේ වගේ උපායමාර්ගික වැදගත් කමක් ඇති රජයේ ආයතන පුද්ගලීකරණය කරනවට මම එකහෙළාම විරුද්ධ වෙනව. මේ වගේ ආයතන හා සේවාවන් පුද්ගලීකරණය කිරීමට මේ රටේ ජනතාව වරමක් ලබලා දීලා නැති බව මම ආණ්ඩුවට මතක් කරලා දෙන්න කැමතියි. මේ නිසා අනාගත ආණ්ඩුවක් විසින් මේ වත්කම් නැවත රජයට පවරා ගැනීමට පසුබට නොවන බවද ඒවා මිලදී ගන්නා අය දැනගත යුතුයි.

2. අයවැය යෝජනාවලට අනුව කලින් සදහන් කරපු ආයතන වගේ උපායමාර්ගික වැදගත්කමක් නැතත් ආණ්ඩුවට බහුතර කොටස් ප‍්‍රමාණයක් හිමි ලංකා හොස්පිටල්ස්, හිල්ටන් හොටෙල්, වෝටර්ස් එජ්, ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හොටෙල් හා මොබිටෙල් වැනි ආයතන වලින් රජයට අයත් කොටස් සියල්ල විකුණල දමන්න සැලසුම් කරල තියෙනවා. මේවා ආණුඩුවට ආදායමක් ගෙනදෙන ලාභදායිව්‍යාපාර. ඒ නිසා වර්තමාන ආණ්ඩුවට ඉක්මනින් මුදල් හොයන්න තිබෙන උවමනාව නිසා මිස මේ වගේ ආයතන විකුණල දමන්න හේතුවක් මට පෙනෙන්නෙ නැහැ. 

3. ඒ වගේම මගේ ආණ්ඩුව පනවපු බද්ද නැතුව විදේශිකයන්ට දිගුකාලීන බදු පදනම මත ඉඩම් ලබා ගැනිමට ඉඩදීමත් මම කොහෙත්ම අනුමත කරන්නෙ නැහැ. පසුගිය වතාවේ යූ.එන්.පී ආණ්ඩුවත් මේ ආකාරයටබදු රහිතව විදේශිකයන්ට ඉඩම් මිලදී ගන්න ඉඩදුන්නම ගාල්ල කොටුවයි, දකුණේ වෙරළබඩ ඉඩම් විශාල ප‍්‍රමාණයක් විදේශිකයන්ට හිමි වුනා. මේ වාගේ ප‍්‍රතිපත්තියකින් කෙටිකාලීනව යම්කිසි විදේශ විනිමය ප‍්‍රමාණයක් ලබාගන්න පුලූවන් වුනත් මේකෙන් බරපතල දිගුකාලීන ආනිසංශ ඇතිවෙන නිසා මම ඒ යෝජනාවට විරුද්ධ වෙනවා. 

4. මේ අයවැයේ තවත් භයානක යෝජනාවක් වෙන්නෙ ලංකාවට පිටරටවලින් අඩුමිලට තේ ගෙන්වා ඒවා ලංකාවේ තේ සමග කලවම් කරල නැවත රට පැටවිමට ඉඩදීමට ගෙන ඇති තීරණයයි. මේකෙන් සිද්ධ වෙන්නෙ දේශිය තේවලට ඇති ඉල්ලූම එකවරම අඩුවෙන එකයි. තේ කර්මාන්තය මත සිය දහස් ගණන් කුඩා තේ වතු හිමියන් හා වතු කම්කරුවන් යැපෙනවා. පිටරටින් අඩු වියදමට තේ මිලදීගන්න පුලූවන් වෙන එකෙන් තේ අපනයන කරුවන් කීප දෙනෙක්ට වාසි සැලසුනත් ලක්‍ෂ ගණනකගේ ජීවනෝපාය විනාශ වෙනව. තේ කර්මාන්තයේ තිබෙන ඉහල නිශ්පාදන වියදම හා අඩු නිශ්පාදීතාවය වගේ ප‍්‍රශ්ණ වලට අපි විසදුම් හොයන්න  ඕන. තේ කර්මාන්තය විනාශ කිරිම ඒකට තියෙන විසදුම නොවෙයි.  

5. ඒ වගේම පොහොර සහනාධාරය වෙනුවට මුදල් ආධාර ලබා දීම හා පාසැල් නිල ඇදුම් සදහා නොමිලේ රෙදි ලබාදීම වෙනුවට වවුචර් ලබාදීම තුළින් මේ සහනාධාර හෙමින්සීරුවේ නැති කර දැමීමේ සැලැස්මටත් මම විරුද්ධ වෙනවා. පාසැල් නිල ඇදුම් මෙන්ම පොහොර සහනාධාරයත් නිශ්පාදනය සදහා ලබල දෙන සහනාධාර හැටියට සලකන්න පුලූවන්. මේවා පරිභෝජන සහනාධාර නොවෙයි. රට සහලින් ස්වයංපෝශිත වීමට පොහොර සහනාධාරයත් විශාල වශයෙන් දායක වෙලා තියෙනවා. 

6. 2016 සිට රජයේ සේවයට බැදෙන අය දායකත්ව විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් යටතට ගෙන ඒමට කර තිබෙන යෝජනාවට මට එකඟ වෙන්න බැහැ. විශ‍්‍රාම වැටුප කියන්නෙ රජයේ සේවකන්ට ලැබෙන වරප‍්‍රසාදයක්. මගේ ආණ්ඩුවට පුද්ගලික අංශයේ සේවකයන් සඳහා දායකත්ව විශ‍්‍රාම වැටුප් අරමුදලක් ආරම්භ කිරීමට අවශ්‍යතාවයක් තිබුනත් අපි එවැනි ක‍්‍රමයක් කිසිදාක රජයේ සේවකයන් ස`දහායෝජනා කලේ නෑ. ඒ විතරක් නෙවෙයි අපි පුද්ගලික අංශය වෙනුවෙන් දායකත්ව විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් ඇති කරන්න උත්සාහ කලේ වර්ථමානයේ පවතින සේවක අර්ථසාධක අරමුදලට හෝ භාරකාර අරමුදලට පිටින් බවද කිව යුතුයි. නමුත් වර්ථමාන ආණ්ඩුව සේවක අර්ථසාධක හා භාරකාර අරමුදල් එකට එක්කර එයම දායකත්ව විශ‍්‍රාම වැටුප් අරමුදලක් බවට හැරවීමට පිඹුරුපත් සකස් කරලා තියෙනවා. පුද්ගලික අංශයේ වෘත්තීය සමිතිවල එකඟත්වයක් නැතුව එවැනි කිසිම පියවරක් නොගත යුතු බව මගේ අදහසයි. එමෙන්ම සේවක අර්ථසාධක අරමුදලේ පරිපාලය මහ බැංකුවෙන් පිටතට නොගත යුතු බවද මම විශ්වාස කරනවා.

අධ්‍යාපනය සදහා කරන වියදම් වැඩිකර තිබෙන බවක් ජනතාවට පෙන්වීමට ආණ්ඩුව කළ රැුවටිලිකාර ප‍්‍රයෝගය ගැන මම කණගාටු වෙනවා. 2016 සදහා රුපියල් බිලියන 186ක මුදලක් අධ්‍යාපනය සදහා වෙන්කර තිබෙන බවක් පෙන්වුවද ඉන් තුනෙන් දෙකක්ම ඒ කියන්නෙ රුපියල් බිලියන 121 ක්ම ගණනය කරලා තියෙන්නෙ අධ්‍යාපන කටයුතු ස`දහා භාවිතා කරන ඉඩම් හා ගොඩනැගිලිවල වර්ථමාන අගය ගණනය කරල. පසුගිය අවුරුදුවල වැය ශීර්ෂය යටතේ ඉදි කරන ලද ගොඩනැගිලි හෝමිලදී ගන්නා ලද ඉඩම්වල වටිනාකම ඉදිරි වසර සදහා කෙරෙන වියදමක් හැටියට පෙන්වන්නේ මොන මූලධර්මයක් මතද?

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ ආණ්ඩුවේ කොටස් කාරයෙක් කියල කිවුවත් මේ අයවැය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මතවාදය සමග කොහොත්ම පෑහෙන්නෙ නැහැ. (1994, 2001 සමයේ දී හැරුණු විට*ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුකාල තුළදී ඓතිහාසිකව ජාතික දේපල ගොඩනැගීමකුත් දේශීය ව්‍යවසායකයින් ගොඩනැගීමකුත් සිද්ධවෙලා තියෙනව. වටිනා රාජ්‍ය දේපල විකුණල දමන එක 1977 න් පස්සෙ එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිපත්තියක් වුණා. 2005 දී මම ජනාධිපති වූ විට රජයේ දේපල විකිණීමත්, විදේශිකයන්ට ඉඩම් විකිණීමත් නවත්වල දැම්මා. මේ ආකාරයේ ඉවක් බවක් නැති පුද්ගලීකරණයට ශ‍්‍රී.ල.නි.ප.යට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රගතිශීලී බලවේග වලට කොහෙත්ම එකගවෙන්න බෑ කියන එක තමයි මගේ මතය වෙන්නෙ. මේ වගේ ආර්ථික ප‍්‍රතිපත්තියකින් සිදු වෙන්නේ අපේ වගේ රටවල් බටහිර ධනේෂ්වරයට තව තවත් යටවෙන එකයි. අපි කල යුත්තේ නිශ්පාදනය පදනම් කරගත් ආර්ථිකයක් ගොඩනැගීමත් දේශිය ව්‍යවසායකත්වය දියුණු කොට ඔවුන්ට ගෝලීය ආර්ථිකය තුළ තරග කළ හැකි තත්වයක් නිර්මාණය කිරීමයි. මේ අයවැය සාමාන්‍ය යූ.එන්.පී අයවැයක් වගේ විදේශිකයන් මතත් ආනයන මතත් සම්පූර්ණ විශ්වාසය රදවල තියෙන බව පෙනෙනව.

මේ අයවැයෙන් විදේශිකයන්ට විශාල සහන රැසක් දීල තිබුණත් දේශීය ජනතාව මත බර පටවල තියෙනවා. බලන්න මේ අයවැයෙන් වාහනවල දුම් පරීක්‍ෂාව ස`දහා අය කිරීම, ගමන් බලපත‍්‍ර ගාස්තුව, යතුරුපැදි, ත‍්‍රීරෝද රථ, ලොරි, අත්ට‍්‍රැක්ටර් හා වෙනත් වාහන මත පනවා ඇති අධික බදු සහ අධික බලපත‍්‍ර ගාස්තු දිහා. රජයේ සේවකයන්ගේ මූලික වැටුපට රුපියල් 10,000 දිමනාව එක්කරනව කිවුවට ඒකෙන් ලිස්සල ගිහිල්ල තියෙනවා. මහ බැංකුව විදේශ විනිමය වෙළදපලට මැදිහත් වෙන එක නැවත්තුවහොත් රුපියල තවත් බාල්දු වෙනව කියන එක තමයි හුගක් වෙළදුන්ගෙ අදහස වෙන්නෙ. රුපියල තවත් බාල්දු වුනොත් ආන්ඩුවේ ණයබර තවත් වැඩිවෙල උද්ධමනයත් වැඩිවෙනව. ඒකත් එක්ක ජීවන වියදම හා බැංකු පොලී අනුපාතයත් වැඩිවෙලා ආර්ථිකේ අස්තාවර භාවයක් හටගන්නවා. වාහන ලීසිං කර්මාන්තයෙන් බැංකු වලට ඉවත්වෙන්න කියපු එකෙන් ලීසිං වියදමේද අනවශ්‍ය වැඩිවීමක් සිදුවෙන්න ඉඩ තියෙනවා. සියලූම පුද්ගලික මූල්‍ය සමාගම් වල තැන්පතු 100‍%ක්ම මහ බැංකුව විසින් සහතික කිරීමට ගෙනල්ල තියෙන යෝජනාවෙන් මහ බැංකුව මත දරාගත නොහැකි බරක් පැටවිල මුලූ මූල්‍ය ක‍්‍රමයම අස්තාවර වෙන්න ඉඩ තියෙනව. 

මීට මාස ගනණකට කලින් ගෙන ආපු අතුරු අයවැයෙන් විදහා දැක්වුනු වගකීම් විරහිතභාවය මේ අයවැයෙත් පෙනෙන්න තියෙනව. අයවැය ලේඛනයට අනුව 2015 දී ඇස්තමේන්තුගතකරන ලද ආදායම වන රුපියල් බිලියන 1,478, ලබන වසරේදී රුපියල් බිලියන 2,047 ක් දක්වා වැඩිකරන්න යෝජනා කරල තියෙනව. මේ එක වසරක් ඇතුළත රුපියල් බිලියන 569 ක වැඩිවීමක්. මේ වැඩි වීම ආණ්ඩුව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නෙ බදු ආදායම රුපියල් බිලියන 300කින් වැඩිකරල. ඒ වගේම බදු නොවන වෙනත් ආදායම් 2015 ට ඇස්තමේන්තු කරල තිබෙන රුපියල් බිලියන 126 ඉදල රුපියල් බිලියන 378 ක් දක්වා තුන්ගුණයකින් වැඩිකරල තමයි ආණ්ඩුවේ ආදායම වැඩිකරගන්න බලාපොරෙත්තු වෙන්නෙ. මේ වගේ ඇස්තමේන්තු කොතෙක් දුරට ප‍්‍රායෝගිකද කියන එක අපි කල්පනාකරල බලන්න  ඕන. වසරක් ඇතුළත ආණ්ඩුවේ ආදායම් රුපියල් බිලියන 50 කට හෝ 100 කට වඩා වැඩියෙන් ඇස්තමේන්තු කරනව නම් ඒක කරන්න  ඕන බොහොම කල්පනාකාරීව. 

කිසිම වගකිවයුතු ආණ්ඩුවක් එක අවුරුද්දක් ඇතුළත බදු ආදායම 40‍%රකින් වැඩි කරන්න ඇස්තමේන්තු කරන්නෙ නැහැ. 2016 වසර තුළදී බදු නොවන ආදායම් 300‍% කින් වැඩිකරන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නෙ රජයේ දේපල ටික විකුණල දමල කියන එක පැහැදිලියි. ඉතින් 2016 අවුරුද්දෙ දී බදු නොවන ආදායම් එකපාරටම වැඩිවෙයි. ඊට පස්සෙ හැබැයි විකුණන්න දෙයක් නැති නිසා මොනවත් ආදායම් නැහැ. 2015 දීත් බදු වලින් අච්චර ලැබේවිය, බදු නොවන ආදායම් වලින් මෙච්චර ලැබේවිය කියලඇස්තමේන්තු හදල තිබුණට මේ අවුරුද්ද සදහා මුදල් තාම සම්පූර්ණයෙන්ම එකතු කරල නැති බව අප මතක තියාගන්න  ඕන. මේ අවුරුද්ද ඇතුළත සිද්දවෙච්ච ආර්ථික පසුබෑම නිසා මේ වසරට ඇස්තමේන්තු කරල තියෙන ආදායම ඒ ආකාරයටම නොලැබී යන්න හොදටම ඉඩකඩ තියෙනවා. එහෙම වුනොත් සිද්දවෙන්නෙ 2015 දී ඇත්තටම ලැබුණු ආදායමත් 2016 දී ලබන්න බලාපොරොත්තු වන ආදායමත් අතරපරතරය තවත් විශාල වශයෙන් වැඩිවෙන එකයි. බලාපොරොත්තු වූ ආදායම නොලැබෙනකොට වියදම් කපන්න සිද්දවෙනවා. වැටුප් වගේ වියදම් කොහොමහරි ගෙවන්න වෙන හින්ද වැඩියෙන්ම කැපෙන්නෙ ප‍්‍රාග්ධන වියදම්. 

ප‍්‍රාග්ධන වියදම් කපනවයි කියන එකෙන් අදහස් වෙන්නෙ සියලූම සංවර්ධන හා ඉදිකිරීම් ව්‍යාපෘති වලින් මුදල් එලියට අදින එකයි. විදේශීය මුදල් වලින් කරන ව්‍යාපෘති වලත් 15‍% ක දේශීය දායකත්වයක් තියෙනවා. මේ 15‍% දායක මුදල් කලින් ගෙවන්න බැරි වුනොත් ඒ විදේශීය මුදල් වලින් කරන ව්‍යාපෘතිත් ඇණහිටිනව. මම බලයට එන්න කලින් එහෙම දේවලූත් සිද්ද වුනා. මේ අයවැයෙන් ගෑස් මිල හා කට්ටකරවල ඇතුලූ ආහාර ද්‍රව්‍ය කීපයක මිල ගණන් හා ආදායම් බදු අඩු කිරීමෙන් ජනප‍්‍රියවාදී මුහුණුවරක් පෙන්නන්න හැදුවත් ඇත්තටම සිදුවෙලා තියෙන්නේ මුලූ රටම ආපස්සට ඇදගෙන යාම සහතික කිරීමක් බව මගේ මතයයි. මේ රජයේ බරපතලම අවපාලනය සිදු වෙලා තියෙන්නේ රාජ්‍ය මූල්‍ය හා ගෙවුම් ශේෂ කටයුතු වලයි. මේ අවස්ථාවේ දී මුලූ රටම සිටින්නේ සජීවී රාජ්‍ය මුල්‍යමය හා ගෙවුම්ශේෂ කාල බෝම්බයක් මත බවමට කණගාටුවෙන් ප‍්‍රකාශ කරන්න සිද්දවෙනවා. 

ස්තුතියි.


Share on Google Plus