මහින්ද උභතෝකෝටික ප‍්‍රශ්නයක.


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරෙයෙකු ලෙස තමන් උභතෝකෝටික ප‍්‍රශ්නයකට මුහුණ දී සිටින බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඊට හේතුව ලෙස ප‍්‍රකාශ කෙරුණේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස්වන්නැයි ඇතැම් අය යෝජනා කරද්දී තවදුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේම රැඳී සිටින ලෙස තවත් පිරිසක් ඉල්ලා සිටීමයි.

අම්බලන්තොට රිදියගම ප‍්‍රදේශයේ ඊයේ (04) පස්වරුවේ පැවති මහජන සංවාදයකදී මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා. අද වන විට තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජාතික පක්ෂයේත් පොදු සතුරා වී සිටින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂ අතහැර තනිව මැතිවරණයකට මුහුණ දුනහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.


Share on Google Plus