'වන්දි ගෙවන්න සල්ලි තියෙන' කොතලාවල බිරිඳගේ සේප්පුව.


ලලිත් කොතලාවල මහතාගේ බිරිඳ වන සිසිලියා කොතලාවල මහත්මියට අයත් රත්රන් ආභරණ සහ මැණික් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට හැකිදැයි අධිකරණයට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (19) රහස් ‍පොලිසියට නියෝග කළා. 

 එෆ්.ඇන්.ජී. සමාගමේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම සඳහා මෙම වෙන්දේසියෙන් ලැබෙන මුදල් යෙදවීම සම්බන්ධයෙන් මෙම කරුණු දැක්වීම අපේක්ෂා කරන බවයි  ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සඳහන් කළේ. 

ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි පුද්ගලික සමාගමේ තැන්පත් කර තිබූ රුපියල් බිලියන 4.3ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට සඳහන් කරමින් රහස් ‍පොලිසිය අධිකරණයේ ඉදිරිපත් කර තිබූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.

අගතියට පත් පාර්ශ්වය නියෝජනය කරමින් නීතිඥවරුන් සඳහන් කර සිටියේ සිසිලියා කොතලාවල මහත්මිය නමින් බැංකුවල සේප්පුගතව ඇති රත්රන් සහ මැණික් විකුණා එයින් ලැබෙන මුදල් තැන්පත්කරුවන්ගේ මුදල් ලෙස නැවත ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසයි. 

සිසිලියා කොතලාවල මහත්මිය සතු රුපියල් කෝටි ගණනක් වටිනා රත්රන් ආභරණ සහ මැණික් සේප්පුවක තැන්පත් කර ඇති බවට අධිකරණයට වාර්තා ලැබී තිබෙනවා.


Share on Google Plus