කුරුවිටින් සොයාගත් ඇත් පැටවා ගෝඨාගේද?


රත්නපුර, කුරුවිට, කදන්පොල ප්‍රදේශයේ නිවසක නීති විරෝධීව රඳවාගෙන සිටී ඇත් පැටවකු පරිසර සංවිධාන සිදුකළ දැනුම්දීමකින් පසුව වනජීවී නිලධාරීන් ඊයේ (22) සොයාගෙන තිබේ.

මෙම ඇත්පැටවා සත්වෝද්‍යානය 2011 වර්ෂයේදී හම්බන්තොට ප්‍රදේශයේ විහාරස්ථානයකට සන්නස් පත්‍රයක් මගින් ලබා දී ඇති බවට ප්‍රකාශ කර ඇතත් පරිසර සංවිධාන ප්‍රකාශ කරන්නේ 2015 අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ සටහන් තුළ මෙම ඇත් පැටවා සම්බන්ධයෙන් සඳහනක් නොමැති බවය.

රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය අනුග්‍රහය සහතිව ඇත් පැටවුන් නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගැනීම පිළිබඳව දැඩි ලෙස කතාබහට ලක්වූ අතර එලෙස ගෝඨාභය රාජපක්ෂ නීති විරෝධීව ඇත් පැටවකු හා අලි පැටවුන් සන්තකයේ තබා ගැනීම් වාර්තා විය. එක් ඇත් පැටවකු ඔහු වෙත නිකුත් කර ඇත්තේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් බවට පසුගිය සමයේ කතා බහට ලක්වූ අතර කුරුවිට ප්‍රදේශයෙන් සොයාගනු ලැබූ ඇත් පැටවා ගෝඨාභය රාජපක්ෂ සන්තකයේ රඳවාගෙන සිටී ඇත් පැටවා දැයි සැකයක් මතුවේ.

Share on Google Plus