කේ. පී. හෙළි කළ ඩොලර් බිලියනය ගැන රජයේ අවධානය යොමු වී නෑ.


කොටි ජාත්‍යන්තර ජාලය සතු ඩොලර් බිලියනයක මුදලක්‌ ස්‌විට්‌සර්ලන්තයේ ඉහළ පෙළේ බැංකුවක ඇතත් මෙතෙක්‌ එම ධනස්‌කන්ධය මෙරටට ලබාගැනීමට ක්‍රියාකර නැත.

කොටි ජාත්‍යන්තර ආයුධ ජාලයේ ප්‍රධානී කේ.පී. පත්මනාදන් මේ බව ආරක්‌ෂක බුද්ධි අංශවලට හෙළි කළ අතර පසුගිය රජය ඒ ගැන නිසි අවධානය යොමුකර නොතිබුණි.

මෙම කොටි බැංකු ගිණුමෙන් මුදල් ලබාගත හැකි කොටි ඒජන්තවරයා ජිනීවා නුවර සිටින බවද හෙළි වී ඇත.

මේ හැර කොටි ජාත්‍යන්තර ජාලය සතු ව්‍යාපාරික ස්‌ථාන 170 ක්‌ කැනඩාවේ තිබෙන බව අනාවරණය වී තිබේ. එම ව්‍යාපාරික ස්‌ථාන දැන් පාලනය කරන්නේ පවර් ඇටර්නි බලය ලත් කොටි ඒජන්තවරුන් යෑයි අනාවරණය වී ඇත.

මේ අතර කොටි සංවිධානයට අවි ආයුධ සැපයූ රටවල් හයක්‌ ගැනද කේ. පී. වසර කීහිපයට පෙර තොරතුරු හෙළිකර තිබේ. ශ්‍රී ලංකා අධිකරණය විසින් කේ. පී.ට විදේශගතවීමට තහනම් කර ඇත.


Share on Google Plus