මල බද්දකුත්?


දිනකට විවාහ 500ක් ලියාපදිංචි කරන බවත්, එසේම දිනකට දික්කසාද 200ක් සිදුවන බවත්, විවාහ බිඳීයාම් නිසා පවුල් 70,000ක් අද අසරණවී ඇතැයි ජවිපෙ පාර්ලිමෙන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ අද (30) පාර්ලිමේන්තුවේදීය.

“මේ රටේ සෑම නිවාස 500කටම එක කුඩු කාරයෙක් ඉන්නවා. අද දවසකට සියදිවි නසාගැනීම් 04ක් වෙනවා. අද සතොස වෙළෙඳ සැල්වල හාල් මැස්සො කිලෝ එකක් රුපියල් 380/-යි අය වැයෙන් එය 460 ක්ද පරිප්පු 130 එය 169ක් කරල තියෙනවා. මේක අඩු කිරීමක්ද ? 1950 ඒක පුද්ගල ණය රුපියල් 72.14 යි. ඒක 2014 දි රුපියල් 50,817යි. මේ විදියට ගියොත් “මල බද්දක්” ගහයි. මේ යන්නෙ යළි පුබුදමු ශ්‍රී ලංකා වෙනුවට..යලි විකුණමු..යලි බදු දෙමු..ශ්‍රී ලංකා වැඩසටහනක්. පැය අටේ සේවා මුරය පැය නවයක් කර තිබෙනවා” යනුවෙන්ද ඔහු කියා සිටියේය.



,
Share on Google Plus