ජෝර්ජ් සොරෝස් ලංකාවට ගෙන එන බව රනිල් කියයි.


බිලියනපති ව්‍යාපාරික ජෝර්ජ් සොරෝස් ශ්‍රී ලංකාවට ගෙන එන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශය සිදුකරන අතරතුර කියා සිටියේය.

හන්ගේරියාවේ උපතලද ඔහු අනූව දශකයේ මැද භාගයේ නැගෙනහිර ආසියාවේ ඇති වූ ආර්ථික හා මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ  ඇමරිකා එක්සත් ජනපද ව්‍යාපාරිකයෙකි.

නැගෙනහිර ආසියාවේ රටවල ආයෝජනය කර තිබූ මුදල් ක්ෂණිකව ඉවත් කර ගැනීම මගින් එම රටවල් බිඳවැට්ටූ බවට මැලේසියානු හිටපු ජනාධිපති මහතීර් මොහොමඩ් ඔහුට ප්‍රසිද්ධියේ චෝදනා කර තිබිණ.


Share on Google Plus