සන්ඩේ ලීඩර් පටලවා ගැනීමෙන් රනිල්ද? මෛත්‍රී ද? එලියට.


ස්වාධීන රූපවාහිනී ආයතනය (ITN) මේ වනවිට දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව ඇති බවත් එම ආයතනයට රුපියල් මිලියන 80 ක හිඟ බදු මුදල් ගෙවීමට තිබෙන බවත් අද (22) සන්ඩේ ලීඩර් පුවත්පත අනාවරණය කරයි. තවදුරටත් එම පුවත්පත පවසන්නේ මුල්‍ය අර්බුදයට ලක්ව ඇති  ITN ආයතනය සතු සියලු බැංකු ගිණුම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අත්පත් කරගෙන තිබෙන බවයි.

එහෙත් අප වෙත වාර්තා වන්නේ මෙම පුවත නිවැරදි නොවන බවයි. අදාල ප්‍රවෘත්තිය පළකළ මාධ්‍යවේදිනිය  ITN ආයතනය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC) පටලවා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

මේ සම්බන්ධයෙන් අපවෙත අදහස් දැක්වූ ස්වාධීන රූපවාහිනී ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ප්‍රකාශ කළේ තම ආයතනය කිසිදු මුල්‍ය අර්බුයකට මුහුණ දී නොමැති බවයි. අදාල පුවතින් අනාවරණය කරන පරිදි වැටුප් ගෙවීම සම්බන්ධයෙන් හෝ වෙනත් කිසිදු අර්බුදයක් නොමැති බවත් වෙනත් රජයේ ආයතනයක උදව් ලබාගැනීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව හා එවැනි කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්ය. 

ITN ආයතනය නියමිත පරිදි සියලු බදු මුදල් ගෙවා ඇති අතර තම ආයතනයේ සේවකයන්ට වැටුපට අමතරව රුපියල් 75,000 බැගින් බෝනස් මුදල් ගෙවීමට තරම් තම ආයතනය මුල්‍ය අංශයෙන් ශක්තිමත් බවද එම අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයා අපවෙත ප්‍රකාශ කළේය.

අපවෙත වාර්තා වන්නේ යහපාලන ආණ්ඩුවේ රනිල් පාර්ශවය විසින් පරිපාලනය කරන ස්වාධීන රූපවාහිනී ආයතන ස්ථාවර මුල්‍ය තත්වයක පැවතියද මෛත්‍රී පාර්ශවය විසින් පරිපාලනය කරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව ඇති බවයි.

Share on Google Plus