ඉන්දුනීසියාවේ කිඹුල්ලු අල්ලස් ගන්නේ නෑලු.


ඉන්දුනීසියාවේ සිරමැදිරිවල ආරක්ෂක රැකවල් සඳහා ආරක්ෂක නිලධාරීන් වෙනුවට කිඹුලන් යොදා ගැනීම සම්බන්ධයෙන් එරට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.

ඉන්දුනීසියා මත්ද්‍රව්‍ය විරෝධි ඒජන්සියේ ප්‍රධානී බුඩි වාසෙයිසෝ එරට මධ්‍යට පවසා ඇත්තේ, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින වැරදිකරුවන් රැඳවා තැබීම සඳහා දරුණු කිඹුලන් ආරක්ෂකයින් ලෙස යොදා ගනිමින් දූපතක් ආකාරයෙන් සිරමැදිරියක් ඉදි කිරීමට තමා යෝජනාවක් ඉදිරිපත් කළ බව ය.

ඔහු වැඩිදුරටත් පවසා අත්තේ, කිඹුලන් අල්ලස් නොගන්නා බැවින් එකී කාර්ය සඳහා ආරක්ෂක නිලධාරීන්ට වඩා කිඹුලන් නිසි ලෙස එම ක්‍රියාවේ නිරත වනු ඇති බව ය.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අවසර හිමි වුව හොත් තමන්ට දරුණු ගනයේ කිඹුලන් සෙවීම සඳහා ඉන්දුනිසියාවේ විවිධ ප්‍රදේශයන්හි සංචාරය කිරීමට ද සිදුවනු ඇති බව ය.

ඉන්දුනීසියාව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ලොව දැඩි නීති ක්‍රියාත්මක කරන රටවල් අතරින් එකකි.

මත්දව්‍ය වැරදි සම්බන්ධයෙන් තාවකාලිකව නවතා අත්හිටුවා තිබූ මරණ දඬුවම නියම කිරීම නීතිය 2013 වසරේ සිට ඉන්දුනීසියාව තුළ යළි බලාත්මක කර තිබේ.

මෙම වැඩපිළිවෙළ තවමත් සාකච්ඡා මට්ටමේ පවතින අතර මෙම සිරමැදිරිය ඉදිකරන ස්ථානයක් හෝ දිනයක් පිළිබඳව තවමත් අවසන් තීරණයකට එළැඹ නොමැත.

Share on Google Plus