ගංගාරාමයේ කඨින පින්කම අද.


හුණුපිටිය, ගංඟාරාම විහාරස්ථානයේ වස් වසා වැඩසිටි මහා සංඝරත්නයට කඨින වස්ත්‍ර පූජා කිරී‍මේ කඨින පිංකම නොවැම්බර් 8 වැනිදා අද හුණුපිටිය ගංඟාරාම විහාරාධිපති, ගලබොඩ ඥානිස්සර හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

“කඨින චීවරය” රැගත් පෙරහර අලුයම 4.00 ට ගමන් ආරම්භ කිරීමට නියමිත අතර ලෙයාර්ඩ්ස් පාරේ, අංක 17 දරන නිවසින් පිටත්ව, ඩික්මන් පාර, හැව්ලොක් පාර, තුංමුල්ල හන්දියෙන්, තර්ස්ටන් පාර, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, ශ්‍රී ජිනරතන මාවත ඔස්සේ ගමන් කර උදේ 6.00 ට විහාරස්ථානයට පැමිණේ.

Share on Google Plus